පුත්තලම ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ඝාතනය කිරීමට ගත් උත්සාහය ආණ්ඩුවේ අනුදැනුම මත සිදුවුවක් බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයා පුත්තලමට ඒමට නියමිතව තිබූ හෙයින් අති විශාල ආරක්‍ෂාවක් එම ප‍්‍රදේශයට සපයා තිබෙද්දීත් ගිනි අවි ගත් මැරයන්ට මෙලෙස සැරි සැරීමට කිසිදු ඉඩක් නොමැති බවද එබැවින්
මේ පිටුපස ආණ්ඩුව සිටින බවද ඔහු පැවසීය.
පසුගිය කාලය පුරාම ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට එල්ල කළ ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් ආණ්ඩුව මගින් විධිමත් ලෙස ක‍්‍රියාමාර්ග නොගත් බවත් යම් හෝ ක‍්‍රියාමාර්ගයක් ගත්තේ නම් ඊට එරෙහිව ගුරුවරුන් කළ විරෝධතා නිසා බවත් මහින්ද ජයසිංහ සහෝදරයා මෙහිදී පැවසීය.
ඔහු මේ බව ප‍්‍රකාශ කළේ පුත්තලම ආනන්ද විදුහලේ විදුහල්පතිවරයාට එල්ල කළ මැර ප‍්‍රහාරයට විරෝධය දක්වමින් ඊයේ (06) දින කොළඹ නිපොන් හෝටලයේදී පැවත් වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
පසුගිය 03 වැනි දින රාත‍්‍රියේ විදුහල්පතිවරයාගේ නිවසට ගොස් ඇති මැරයන් ගිනි අවි පෙන්වා බිරිඳත් දරුවනුත් බිය ගන්වා නිවසේ බඩු මුට්ටු පොඩි කර නැවත එමින් සිටියදී පුත්තලම අනුරාධපුරය 4 කනුව අසලදී විදුහල්පතිවරයාව එම මැරයන් පැමිණි සුදු වෑන් එකට බලයෙන් දමාගෙන ඇත.
ඉන් පසු වෙනත් ස්ථානකයකදී විදුහල්පතිවරයාව නැවත එලියට ගත් මැරයන් ඔහුගේ දැත් බැඳ ඔහුගේ ඇඟට පෙට‍්‍රල් වත් කර ඇත. එහිදී මැරයන් පවසා ඇත්තේද තොට අපි යන්න කිව්ව. ඒත් ගියේ නෑ. ඒ නිසා තෝ පරලෝකෙට යවනවා යනුවෙනි. කෙසේ හෝ මෙහිදී විදුහල්පතිවරයා විසින් ආත්ම ආරක්‍ෂාව වෙනුවෙන් මැරයන්ගෙන් මිදී පැන ගොස් ඇති අතර එහිදී මැරයන් මොහුට වෙඩි තබා තිබේ. මේ පිළිබඳව පුත්තලම පොලීසියට පැමිණිලි කර ඇති නමුත් තවමත් විධිමත් පරීක්‍ෂණයක් නොකෙරන බවද මහින්ද ජයසිංහ මහතා මාධ්‍ය හමුවේදී පැවසීය.
පසුගිය කාලයේ මෙම විදුහල භෞතිකව හා ගුණාත්මක බවින් ඉතා ඉහළට ගෙන ඒමට මහත් කැපවීමෙන් ක‍්‍රියාකළ විදුහල්පතිවරයකු වූ මොහුට දේශපාලඥයින්ගේ නොයෙකුත් බලපෑම් එල්ල වී තිබේ. ඒ කිසිවකට යටත් නොවී අපක්‍ෂපාතී ලෙස මෙම පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම හේතුවෙන් මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බව මහින්ද ජයසිංහ මහතා පවසයි.
ආසියාවේ ආශ්චර්ය බවටත් අධ්‍යාපනයේ කේන්‍ද්‍රය බවටත් ලංකාව පත් කරන බවට මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පවසන්නේ මෙලෙස අධ්‍යාපනයේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල කැපවීමකින් ගුණාත්මකව පාසල වර්ධනය කිරීමට උත්සාහ දරන විදුහල්පතිවරුන් මරා දමමින්ද යන්න මහින්ද මහතා ප‍්‍රශ්ණ කර සිටී.
එමෙන්ම අද (07) දිනයේ මේ පිළිබඳව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන ලෙසට පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට තීරණය කර ඇති බවත් පුත්තලම දිස්ත‍්‍රික්කය පුරා මෙයට විරෝධය දක්වමින් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කරන බවත් මෙහිදී මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

0 comments:
Post a Comment