එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ආනන්ද සරත් කුමාර විසින් දණ ගස්වනු ලැබූ නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරිය, තමන්ට නැවතත් මරණ තර්ජන එල්ල වී ඇති බව පවසයි.
අද අඟහරුවාදා නවගත්තේගම පොලිසියට පැමිණිල්ලක් කරමින් ප්‍රියානි සුසිලා හේරත් ගුරුවරිය කියා සිටියේ ඇය ඇතුළු පවුලේ සියලු දෙනා මරණ බවට තර්ජනය කර අද පෙරවරුවේ ලිපියක් ලැබුණු බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ආනන්ද සරත් කුමාර දෙදහස් දහතුන වසරේ ජුනි මස දාහතර වන දින නවගත්තේගම නවෝද්‍යා පාසලේදීයි සුසිලා හේරත් ගුරුවරිය දණ ගස්වනු ලැබුවේ.
ගුරු මවට දඬුවම්
තම දියණියගේ පාසල් නිල ඇඳුම දික් කරන ලද බව පවසමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා විසින් ගුරුවරිය දණ ගැස් වූ බවයි පැවසුනේ.
ඒ පිළිබඳ නඩු විභාගය ආනමඩුව සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ හා පුත්තලම මහාධිකරණයේ වසරකට අසන්න කාලයක් විභාග විය.
නඩුව අවසානයේ ගුරුවරිය දණ ගැස්වීමේ චෝදනාවට වරදකරු වූ ආනන්ද සරත් කුමාර හිටපු මන්ත්‍රීවරයාට වසර හතකට අත්හිටවූ බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් ලබා දීමට පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් නියෝග කළේය.
මළසිරුර
ඊට අමතරව අධිකරණය විසින් හිටපු මන්ත්‍රීවරයාට නියෝග කර සිටියේ රුපියල් ලක්ෂ තුනක මුදලක් වන්දියක් ලෙස ගුරුවරියට ලබා දෙන ලෙසයි.
මේ අතර එම නඩුවේ ප්‍රබල සාක්ෂිකරුවෙකු වූ පුන්යසෝම නමැති පුද්ගලයාගේ මළසිරුර මීට දින කිහිපයකට ඉහතදී ළිඳක තිබී සොයා ගෙන තිබේ.
මේ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ලංකා ගුරු සේවා සංගමය පොලිස්පතිගෙන් ඉල්ලා සිටියි.

0 comments:
Post a Comment