ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ 1989 භීෂණ සමයේ ඝාතනය කෙරුණ ප්‍රේමකීර්ති ද අල්විස්ගේ බිරිඳ වන නිර්මලා අල්විස්ගෙන් රුපියල් කෝටි පනහක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යවා ඇත.
මේ අතර කට උත්තරයක් ලබා ගැනීම සඳහා ඇය පොලිසිය හමුවට කැඳවනු ලැබුණි.
එම කැඳවීම කරනු ලැබ තිබෙන්නේ, ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයට හඩ්සන් සමරසිංහ සම්බන්ධ කරමින් නිර්මලා විසින් සිදු කරනු ලැබ ඇති ප්‍රකාශයක් මුල් කර ගනිමිනි.
සිය නීතිවේදී ලක්ෂාන් ඩයස්ගේ උපදෙස් පරිදි දෙමටගොඩ කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශය (CCD) වෙත ගිය නිර්මලා අල්විස් පොලිසියට කට උත්තරයක් දී ඇත.
ඒ සම්බන්ධයෙන් විමසීමක් කළ විට නීතිවේදී ලක්ෂාන් ඩයස් කියා සිටියේ සිය සේවාදායිකාව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පැය හතරක පමණ කාලයක කටඋත්තරයක් දුන් බවයි.
පැය හතරක කට උත්තරයක්
ප්‍රේමකීර්ති ඝාතනය සම්බන්ධයෙන් ඇය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති කෘතියට පාදක වන තොරතුරු සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි ඇය සතු බව නිර්මලා අල්විස් ප්‍රකාශ කළ බවයි නීතිවේදී ලක්ෂාන් ඩයස් බීබීසී සංදේශයට කියා සිටියේ.
සිය සැමියා වූ ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහට චෝදනා කරන නිර්මලා අල්විස් ඒ ගැන පසුගිය දා ජනාධිපතිවරයාට ද දැනුම් දීමක් කළාය.
නිර්මලා අල්විස් සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් තමාට එරෙහිව අසත්‍ය චෝදනා නගමින් අපහාසාත්මක ප්‍රකාශ සිදු කරන බව පවසන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා තම කීර්ති නාමයට සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් කෝටි පනහක වන්දියක් ගෙවිය යුතු බවයි ඇය වෙත යවන ලද සිය එන්තරවාසිය මගින් කියා සිටින්නේ.
කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණීමෙන් අනතුරුව නිර්මලා ද අල්විස් මහත්මිය මාධ්‍ය හමුවේ මෙසේ පැවසුවාය.
ජනමාධ්‍යවලට මං නිකුත් කරල තියෙන ප්‍රකාශය පිළිබඳව. මගෙන් කටඋත්තරයක් ගත්තා. ප්‍රශ්න කීපයකුත් ඇහුවා. ඒවට මට තියෙන දැනෙන පිළිතුරු මම දුන්නා. පොලීසියට විමර්ශනයක් කරන්න කියල පොලිස්පතිතුමා කියල තියෙනවා මේ ප්‍රකාශ පිළිබදව. ඉරපතල එකක් නිසා ඉතින් ඒකට ප්‍රකාශයක් ගත්තා. ඒ ප්‍රකාශය කියන්නේ ඇයි මෙහෙම ප්‍රකාශයක් කරන්න හේතුව. මං ප්‍රකාශය කියල පොත දුන්නා. මේක කියවල ඉන්න. ඒ පදනම් කරගෙනයි සියල්ල කළේ. මේක කියවන්න කියල පොලීසියට දීලා ආවා. ඊට පස්සේ ඒ ගැන ප්‍රශ්න කීපයක් ඇහුවා. ඇත්තටම පොලීසියෙනුත් නෙවෙයි ඉහළින් ආපු ප්‍රශ්නයක්. දෙකක්. ඒවට දැන් දෙන්න බෑ කියල මං ආවා.

0 comments:
Post a Comment