සති අන්තයේ දිනක මිතුරියක හා සාප්පු සවාරියේ යෙදීමට මා අදහස් කළේ, මේ දිනවල යුරෝපය පුරා වසන්ත නිවාඩුව සඳහා මිල අඩු කළ සේල් සෑම සාප්පුවකම ඇති බැවිනි. මිනිසුන්ගෙන් පිරී ඉතිරී ඇති සාප්පුවලින් තරගයට මෙන් රෙදි පිළි තෝරන කාන්තාවන් මෙන්ම පිරිමින්ද මෙසේ ඇඳුම් පැළඳුම් ගන්නේ ඊළඟ වසරේ වසන්ත කාලය ද ඉලක්ක කරගෙනය. එමෙන්ම ළඟ එන වසන්ත නිවාඩුව සඳහා වෙනත් රටකට යාමට බොහෝ දෙනා අදහස් කරන නිසාවෙන් සෑම දෙනෙකුම මේ මිල අඩු කර විකිණීම් කරන සාප්පුවලට ගොඩවන්නේ ඉතා උනන්දුවෙනි.
කෙසේ හෝ මිනිසුන් අතර තෙරපෙමින් අප දෙදෙනා ද ඇඳුම් පැළඳුම් තෝරාගෙන විශාල සාප්පු සංකීර්ණයේම ඇති තවත් සාප්පුවකට ගොඩවද්දීම අප අසලින්ම තවත් ශ්‍රී ලාංකික තරුණියක පැමිණියේ කිසිවකු හා දුරකථනයෙන් කතා කරමිනි. ඇය කතා කළ විලාශය හා උස් ස්වරය නිසාම ඇය කිසිවකු හා අමනාපයෙන් පසුවන බව මට වැටහී ගිය අතර ඇගේ කතාවට අප අවධානයක් නොදැක්වූයේ අප වෙනත් කිසිවක් කතා කරමින් සිටි නිසාය. එහෙත්, අප සමගින්ම අප ගොඩවැදුණු වෙළෙඳසලට ගොඩවැදුණු මෙම තරුණිය අප අසලම ගැවසෙමින් දුරකථනයෙන් කිසිවකු හා ලාංකික තරුණියන්ගේ වැරදි කියමින් බැණ වදිමින් සිටි අතර වරින් වර අප දෙස ද බලමින් ඇය ඒ පිළිබඳව විස්තර කළාය. මුලදී අප ඇය ගැන සැලකිල්ලක් නොදැක්ව ද ඇය විස්තර කරමින් කිසිවකු හා කතා කරන අයුරින් පවසන මේ කතා බහ ගැන අවධානය යොමු වූයේ ඒවා කිසිවකු හෝ ඉලක්ක කරමින් පවසන බැව් හැඟෙන නිසාය.
“අරයා වෙන කවුරු හරි කියලා අපිට රැවටිලා වගේ නේද ඒ දේවල් කියන්නේ අපිට වගේයි මට නම් හිතෙන්නේ” මා සමගින් සිටි යෙහෙළිය එසේ පවසා සිටීම නිසා මා ඇයත් සමගම ඒ වෙළෙඳසලින් පිටවී එම සාප්පු සංකීර්ණයේ වෙනත් සාප්පුවකට පිවිසුණෙමි. ඒ සමගම අර තරුණිය ද අප සමගින් අනෙක් සාප්පුවට ද පැමිණි අතර දුරකථනයෙන් අප දෙස බලමින් කාට හෝ සැර පරුෂ ලෙස බණිමින් සිටි අතර අපේ සිතේ ඇය ගැන ඇති වූයේ කුතුහලයක් මෙන්ම බියකි. අප ඇය දෙස නොබලා ඇඳුම් පැළඳුම් ඇති දෙසට පිය නඟන විට ඇය ද ඉතා වේගෙයෙන් අප අසලට ඇවිද ආ අතර අප ඇය මග හැර ප්‍රධාන දොර අසලට පැමිණියේ එම තරුණිය ගැන අපට ඇති වූ සැකය නිසාමය. එහෙත් ඇය ද වේගයෙන් අප අසලට පැමිණ එක්වරම නොසරුප් වදන්වලින් බැණගෙන ගොස් මා සමග පැමිණි යෙහෙළියට වේගයෙන් පහරක් පිට හරහා එල්ල කළාය. යෙහෙළිය එක්වරම වැදුණු පහරෙන් අන්ද මන්ද වී කෑගසන අතර එම තරුණිය පැන දිව්වේ කිසිවෙකුට ඇය අල්ලා ගත නොහැකිවන ලෙසය.
එම සිද්ධිය ටික දිනකදී අමතක වී ගිය ද නැවත දිනකදී මා දුම්රිය නැවතුමේ සිටියදී ලාංකික කාන්තාවන් දෙදෙනකුට ද අප විඳි හිරිහැරයම විඳින්නට සිදුවූයේ අර තරුණිය ඔවුන්ට ද ඒ ලෙසම පහරක් එල්ලකළ පලා යන්නට සැරසීමේදීය. එහෙත්, ඒ කාන්තාවන් තරුණියට වඩා දක්ෂ වූ අතර ඔවුන් ඇයව අල්ලාගෙන පොලීසියට අල්ලා දෙන්නට සැරසෙද්දී එතනට පැමිණි තවත් ලාංකික කාන්තාවක් ඔවුන් අසල හඬා වැටුණාය.
“අනේ මේ නංගී මෙයාට මානසික ලෙඩක්. පින් සිද්දවෙයි පොලීසියට නම් කියන්න එපා. එහෙම වුණොත් අපිටත් ප්‍රශ්න ඇති වෙනවා. මෙයා වෙනුවෙන් මට සමාවෙන්න” අර තරුණියගේ අක්කා යැයි කිවූ කාන්තාව එසේ බැගෑපත් වෙද්දී අනෙක් කාන්තාවන් දෙදෙනාගේ සිත් මෙලෙක් වූ අතර ඔවුහු තරුණියව අතැ’ර ඊළඟට පැමිණි දුම්රියේ නැඟී යන්නට ගියහ. මා යා යුතු දුම්රිය පැමිණෙන තුරු මා නැවතී සිටි අතර තරුණියගේ අතින් අල්ලාගෙන සිටි කාන්තාව අසරණ අයුරින් මා දෙස බලා සිනාසුණාය.
“ළඟ පාතකද ඉන්නේ?” මා ඇගෙන් ඇසුවේ ඇය ගැන ඇති වූ අනුකම්පාවෙනි. ඇය ඔවුන් පදිංචි ස්ථානය ගැන පවසා ඇයගේ නැගණිය පිළිබඳව ද තොරතුරු පවසා සිටියාය. සොහොයුරිය ගැන දුකක් මෙන්ම විඳින්නට සිදුව ඇති අපහසුතා ගැන කලකිරීමක් මෙන්ම ලැජ්ජාවකින් ද පසු වූ තරුණ කාන්තාවගෙන් කිසිවක් විමසා සිටින්නට මා මැළිවූයේ ඇය පසු වූ මානසික තත්ත්වය තේරුම් ගැනීමට හැකි වූ නිසාය. පසු දිනක මා සමගින් සාප්පු සවාරියේ ගිය මිතුරිය හමු වූ විට මා ඔවුන් පිළිබඳව පවසා සිටි අතර ඇයට ද අර තරුණිය පිළිබඳව මතක් කළේ, සැබැවින්ම ඒ තරුණිය මගේ සිතේ තද කම්පනයක් ඇති කළ නිසාමය.
“මටත් එයා ගැන අමතක වුණේ නෑ. පස්සේ ආරංචි වුණා. එයා ඒ විදියට ගොඩක් අයට කරදර කරලලු. එක පාරක් පොලීසියෙනුත් අරන් ගිහින් තියෙනවා. එයාට ලංකාවේ තරුණ ගෑනු අයව පේන්න බෑලු. මම දන්න කෙනෙක් එයාලා ඉන්න ගෙවල් ළඟ ඉන්නවා එයා කියපු දේවල් ඇහුව නම් මට ඒ ගෑනු ළමයා ගැන පව් කියලා හිතෙනවා. ඒ වුණාට මට එදා ගහපු එක මතක් වෙනකොට නම් තරහයි“ යෙහෙළිය සිනාසෙමින් එසේ කීවද සැබැවින්ම ඒ තරුණිය නිසා විඳින්නට සිදු වූ අපහසුව මතක් වෙද්දී ඕනෑම කෙනෙකුගේ සිතට දැනෙන්නේ තරහවක් බව සැබෑවකි. යෙහෙළිය පවසා සිටි තොරතුරු අනුව මේ තරුණිය ලංකාවේ මධ්‍යම පළාතේ ඉපදී හැදී වැඩුණු කෙනෙකි. ඇගේ නිවසේ අවසාන සාමාජිකයා වන්නේ ද ඇයයි. සොහොයුරියන් දෙදෙනකු හා එක් සොහොයුරකු සහිතව දෙමාපියන්ගේ දැඩි ආදරය හා රැකවරණය මැද හැදී වැඩුණු මෙම තරුණියගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙකි. එමෙන්ම ඇය ඉතා රූමත් යුවතියකි. ඉතා හොඳින් උසස් පෙළ සමත් වූ එම තරුණිය විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබ ඇති අතර ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට ගොස් ඇත්තේ ඉතා ආශාවෙනි.
එහෙත් එහිදී ඇයට මුහුණ පාන්නට සිදුවී ඇත්තේ ඉතා අවාසනාවන්ත තත්ත්වයකටය. නිවසේදී සියලු දෙනාගේ ආදරය මැද හැදී වැඩුණු ඇය බොහෝ විට ජීවිතය ගත කර ඇත්තේ කුඩා දරුවකුට සමාන ලෙසින් වන අතර ඇගේ සියලුම වැඩකටයුතු කර ඇත්තේ නිවසේ සේවිකාව විසිනි. එහෙත්, නිවසේ දී බෝනික්කියක මෙන් ජීවත් වූ ඇය විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පසු ඇගේ හැසිරීම අනෙක් අයගේ විහිළුවට සේම දෝෂ දර්ශනයට ද ලක් වී ඇත්තේ ඇය සමාජයේ ස්වාධීනව ජීවත් වන්නට ඉගෙන ගෙන නොසිටි නිසා වන්නට ඇත. එසේම ඒ හේතුව මත නවක වද සමයේදී ඇයව අසීමිතව පීඩාවට පත්කරන්නට වැඩිහිටි ශිෂ්‍යාවන් පෙළඹී ඇත්තේ ඇගේ ධනවත්කම හා රූමත්කම නිසා ඔවුන්ගේ සිත්වල ඇති වූ ඊර්ෂ්‍යාව නිසාද වන්නට පුළුවන. කෙසේ හෝ නවක වද සමයෙන් පසුව මෙම තරුණියගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර ඉතා සන්සුන් නිහඬ කෙනකු වූ ඇය ඉන්පසුව පෙන්වා ඇත්තේ ඉතා කලහකාරී ස්වභාවයකි. ඉන්පසු ඇය විශ්වවිද්‍යාලයට යාම එකහෙළා ප්‍රතික්‍ෂේප කර ඇති අතර නිතරම දුරකථනය අතට ගෙන කිසිවෙකු හා කතා කරන ස්වරූපයෙන් තරුණ කාන්තාවන්ට බැණ වදින්නට පෙළඹී ඇත. එසේම මග තොටදී හමුවන ඇතැම් අයට පහර දෙන්නට පවා ඇතැම් අවස්ථාවල ඇය පෙළඹී ඇත.
විශ්වවිද්‍යාලයේ මුල් වසරේදීම ඇගේ අධ්‍යාපනය කඩා කප්පල් වන්නේ ඇය පත් වූ මානසික පීඩාකාරී තත්ත්වය නිසාය. ඉන්පසුව රෝහල් ගතකර ප්‍රතිකාර කිරීම දක්වා ඇගේ මානසික සෞඛ්‍යය පිරිහී ගොස් ඇත. රෝහලේදී පවා ඇයට තරුණ හෙදියන් සමග තිබි ඇත්තේ අසාමාන්‍ය වෛරයකි. ඇය මුහුණ දුන් අසාමාන්‍ය තත්ත්වය කිසිවකු හෝ හරි හැටි නොදන්නා මුත් ඇයට තරුණ කාන්තාවන් සමගින් අසීමිත තරහක් වෛරයක් ඇති බව නම් ඇගේ පවුලේ සියල්ලන්ම අවබෝධ කරගෙන තිබේ. ලංකාවේදී ඇයගේ අසාමාන්‍ය හැසිරීම් නිසා බොහෝ කරදරවලට මුහුණ දුන් ඇගේ පවුලේ අය ඇගේ එක් සහෝදරියක් ඉතාලියේ පදිංචි නිසා ඇයව මේ රටට එවා ඇත්තේ මෙහිදී හෝ ඇගේ හැසිරීම වෙනස් වේයැයි සිතා ගෙනය. එහෙත්, ඇගේ සොහොයුරිය අසරණ භාවයට පත්වීම මිස මෙහිදී පවා ඇයගේ රෝගය සුව වීම හෝ මානසික තත්ත්වය වෙනස් වීමකට බඳුන් වී නැති වීම නම් කනගාටුවට කරුණකි.
ලක්මිණි වෙදමුල්ල ඉතාලියේ මිලානෝ සිට

0 comments:
Post a Comment