සරසවි වරම් ප්‍රදානය කිරීමේ දීත් දේශපාලන මැදිහත් වීම් සිදු කෙරෙන ආකාරය ඉස්මතු කෙරෙන වාර්තාවක් මේ දිනවල මාධ්‍ය මගින් සාකච්ඡා වෙමින් පවතී.
ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ, පෙර වසරක ශිෂ්‍යාවක් දේශපාලන අනුග්‍රහය ඇතිව රුහුණු සරසවියට ඇතුළත් කර ඇති බවයි.
'සිසුන් ගෙදර'
උසස් පෙළ විභාගය සමත් ව බොහෝ සිසුන් ගෙදර සිටින අතරවාරයේ එවැනි දේශපාලන මැදිහත් වීම් මගින් ඇතමුන්ට සරසවි දොරටු විවර කර දීම මහජනයාට සිදු කරන අසාධාරණයක් වන බවයි බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වූ ආචාර්ය නිර්මාල් දේවසිරි පෙන්වා දුන්නේ.
‘නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලියුමක් එවල තියෙනවා ප්‍රතිපාදන කොමිෂන් සභාවට මේ ශිෂ්‍යාව අභියාචනයක් එවල තියෙනවා, ඒ ගැන සළකා බලන්න කියල. එස් බී දිසානායක ඇමතිවරයා එහි සටහනක් දමා තියෙනවා නාමල් රාජපක්ෂ කිහිප වතාවක් මේ පිළිබඳව තමාට දුරකතනයෙන් කතා කළ බව. ඒ ලිපිය ඒවා තියෙනවා බඳවා ගැනීම් භාර අතිරේක ලේකම්වරයාට. වැදගත් ම දේ තමයි, මේ ලිපිය යවල මාසයකට පස්සේ තමයි මේ ශිෂ්‍යාව අභියාචනයක් එවන්නේ. ඊටත් මාසෙකට පස්සේ තමයි අයදුම් පත්‍රය එවන්නේ.’ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පැවසීය.
බලධාරීන්
මේ පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වා සියලු තොරතුරු හෙළිදරව් කළ බවත් ඊට පිළිතුරු සැපයීම බලධාරීන්ගේ කාර්යයක් වන බවත් සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි බීබීසීයට කියා සිටියේය.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්නගෙන් මේ පිළිබඳව බීබීසීය විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ මෙම කාරණය ගැන වැඩිදුර අධ්‍යයනය කරන තුරු කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

0 comments:
Post a Comment