බම්බලපිටියේ විශාඛා පාරේ පිහිටි කොස්මැටික් සර්ජරි ක්ලිනික් පෞද්ගලික වෛද්‍ය සායනයේ වෛද්‍ය නිමල් ගමගේ විසින් ලබාදෙන එන්නතක් විෂ වීමෙන් වෛද්‍යවරියක මියගිය අතර මේවනවිට එම වෛද්‍යවරයා පිලිබඳ ආන්දෝලනාත්මක කතාබහක් ගොඩ නැගී තිබේ.
මෙම වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය හෙලික්රිම සඳහා ඊයේ දිනයේ ශ්‍රී ලංකා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍යය හමුවක් පැවැත්වූ අතර එහිදී එම සංගමයේ සභාපතිවරයා වන දුලිප් පෙරේරා මහතා කියා සිටියේ වෛද්‍ය නිමල් ගමගේ රූපලාවන්‍යය කටයුතු සඳහා පුහුණු වුනු ශල්‍ය වෛද්‍යවරයකු නොව සාමාන්‍ය එම්. බී. බී. එස්. උපාධිධාරී වෛද්‍යවරයකු පමණක් බවය.
එම වෛද්‍යවරයාට රූපලාවන්‍ය ශල්‍යකර්ම පිළිබඳ මෙරට හෝ ඇමරිකා එක්සත් ජනපදයේ කිසිදු උපාධියක් හෝ පුහුණුවක් නොමැති බවත් ඔහු අභ්‍යන්තර වෛද්‍ය විද්‍යා හා හෘද රෝග පිළිබඳ පෞද්ගලික වෛද්‍යවරයෙක් පමණකැයිද එම මාධ්‍යය හමුවේදී හෙළිකරන ලදී.
වසර 20 ක පමණ කාලයක් වෛද්‍ය වෘත්තියෙහි යෙදී සිටින එම වෛද්‍යවරයා ඇමරිකා එක්සත් ජනපදයේ සිටින කාලයේදී රෝගීන්ට ලිංගික අතවර කිරීම හා වංචනික අයුරින් රක්ෂණ ආවරණ ලබාගැනීම සඳහා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධව එරටද තහනමකට පාත්රව සිටින අයෙකු බව පෙන්වා දුන් වෛද්‍ය දුලිප් පෙරේරා මහතා ඔහු විසින් පවත්වාගෙන ගිය බම්බලපිටිය රූපලාවන්‍ය සැත්කම් ආයතනයේ සැත්කම් සිදුකිරීමට සුදුසු පරිසරයක් හෝ පහසුකම් නොමැති බවද එහිදී අවධාරණය කළේය.
වෛද්‍ය නිමල් ගමගේ පිළිබඳ මෙකී තොරතුරු ලිපියක් මාර්ගයෙන් ලිඛිත විස්තර සහිතව 2011 වසරේදී එවකට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාව සිටි වෛද්‍ය ටී. ආර්. සී. රුබේරු මහතා වෙත ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් දැනුම් දුන් නමුදු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ද නොමග යවමින් ඔහු 2009 වසරේ සිට රූපලාවන්‍ය සැත්කම් සිදුකරමින් ජනතාව මුලා කරමින් සිටි බව වෛද්‍ය පෙරේරා මහතා සඳහන් කළේය.
ඇස් යට කළු පැහැති සම ඉවත් කිරීම සඳහා අදාළ වෛද්‍යවරියට සැකකාර වෛද්‍යවරයා විසින් එන්නත් විද ඇති බව අනාවරණය වී ඇති අතර එවැනි සැත්කමකට අවශ්‍ය නිර්වින්දන වෛද්‍යවරයකු, දැඩි සත්කාර ඒකකයක් හෝ ශල්‍ය උපකරණ පහසුකම් එම රූපලාවන්‍ය ශල්‍ය ආයතනයේ තිබී නොමැති බවද එහිදී හෙළිවිය. මෙම සැත්කම කරගැනීම සඳහා එම වෛද්‍යවරිය රුපියල් ලක්ෂයක මුදලක් වෛද්‍ය නිමල් ගමගේ වෙත ලබාදී ඇති බව පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා විසින් ඊයේ (13) දිනයේ හෙළිකරන ලදී.

0 comments:
Post a Comment