ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්රවීණ ක්රීඩක මහේල ජයවර්ධන, එළඹෙන පකිස්ථාන ටෙස්ට් තරගාවලියෙන් පසු ටෙස්ට් ක්රිකට් ක්රීඩාවෙන් සමු ගැනීමට නියමිතයි.
මහේල ජයවර්ධන ටෙස්ට් ක්රීඩාවෙන් සමු ගැනීම පිළිබඳ ක්රීඩා ලෝලීන්ද දැඩි අවධානයෙන් පසුවේ.
මහේලගේ එම තීරණය සම්බන්ධයෙන් ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයන් හා හිටපු ප්රවීණ ක්රීඩකයන් ඇතුළු ක්රිකට් පුහුණුකරුවෝ විවිධ ආකාරයේ අදහස් දැක් වුහ.
මහේල ජයවර්ධන දක්ෂතා සියල්ලෙන් සපිරුණු පරිපුරිණ ක්රීඩකයෙක් බව ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක හා වර්තමාන ක්රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පැවසුවේය.
විශ්වාසය
ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන දඟ පන්දු යවන්නා වශයෙන් ක්රීඩා කරන රංගන හේරත්ට පැවසුවේ මහේල ජයවර්ධන කණ්ඩායමේ සිටි විශ්වාසය තැබිය හැකි ක්රීඩකයන්ගෙන් එක් අයෙක් බවයි.
මහේලගේ හිඩැස පිරවීම ඉතා අසීරු කටයුත්තක් වනු ඇති බව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ උපනායක ලහිරු තිරිමාන්න පැවසුවේය.
මහේල ක්රීඩා කරන එස් එස් සී ක්රීඩා සමාජය නියෝජනය කරන වේග පන්දු යවන ක්රීඩක ධම්මික ප්රසාද් අදහස් දක්වමින් මහේල ටෙස්ට් ක්රීඩාවෙන් නික්ම යාම තරුණ ක්රීඩකයන්ට ඔහුගෙන් ඉගෙන ගැනීමට ඇති අවස්ථාවක් අහිමි වීමක් ලෙස හඳුන්වයි.

0 comments:
Post a Comment