facebook like

ඛනිජ තෙල්, මිහින් ලංකා, ධීවර 2013 පාඩුව කෝටි 971 පනී ........කෝප් වාර්තාවෙන් හෙළිවේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව, මිහින් ලංකා පුද්ගලික සමාගම සහ ලංකා ධීවර සංස්‌ථාව පසුගිය වසරේ දී (2013) රුපියල් නවසිය හැත්තෑ එක්‌කෝටි පහළොස්‌ ලක්‍ෂ විසිහත්දහසක අලාභයක්‌ වාර්තා කර ඇතැයි ඇමැති ඩිව් ගුණසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (5 වැනිදා) ඉදිරිපත් කරන ලද කෝප් වාර්තාවෙන් හෙළිදරව් කර ඇත.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව රුපියල් හයසිය තිස්‌පන්කෝටි දොළොස්‌ ලක්‍ෂ හැටනවදහසක්‌ද, සීමාසහිත මිහින් ලංකා සමාගම රුපියල් තුන්සිය විසිඅට කෝටි හතළිස්‌ හතර ලක්‍ෂයක්‌ද, ලංකා ධීවර සංස්‌ථාව රුපියල් හත්කෝටි පනස්‌ අට ලක්‌ෂ හතළිස්‌ එක්‌දහසක්‌ද අලාභ ලබා ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ඇමැති ඩිව් ගුණසේකර මහතා විsසින් ඉදිරිපත් කරන ලද මෙම කෝප් කමිටු අතුරු වාර්තාවේ ලාභ ලබන රජයේ වාණිජ ආයතන 18 ක්‌ සහ ලාභ නොලබන රාජ්‍ය ආයතන 29 ක්‌ සම්බන්ධ පරීක්‍ෂණ හා නිරීක්‍ෂණයන් ඇතුළත් වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව 2011.06.01 සිට 2012.06.30 දක්‌වා කාලය තුළ මිලට ගත් ප්‍රමිතියෙන් තොර ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්‌තමේන්තුගත කළ අලාභය රුපියල් කෝටි 830 කි. විද්‍යාගාර පරීක්‍ෂණ ප්‍රමාදවීම, සන්නිවේදන දුර්වලතා, ඉහළ සහ පහළ ඔක්‌ටේන් අගයන් ඇති පෙට්‍රල් මිශ්‍රවීම නිසා වූ නාස්‌තිය පෙරකී අලාභයට හේතුව බවද කෝප් වාර්තාවේ දැක්‌වේ.

එමෙන්ම ඉන්ධන මිලදී ගැනීම සඳහා ඹAE නමැති විදේශ සමාගම සමග එළැඹි ගිවිසුමේ වාරිකය දෙවරක්‌ ඇතුළත්ව තිබීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව අදාළ විදේශීය සමාගමට රුපියල් කෝටි විසිහතකට ආසන්න (ඇමරිකානු ඩොලර් 2060842 ක්‌) අතිරික්‌ත ගෙවීමක්‌ සිදුකර ඇතැයිද සඳහන් කරන කෝප් වාර්තාව එම ගනුදෙනු ප්‍රමාණවත් විනිවිද භාවයකින් තොරව සිදුකර ඇතැයිද සඳහන් වේ.

කෝප් කමිටුව විසින් විමර්ශනය සිදුකළ දිනය වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව විසින් "හෙජිං" ගනුදෙනුව සඳහා දරා ඇති මුළු අලාභය රුපියල් කෝටි දහසකට ආසන්න (ඇමරිකානු ඩොලර් මිලියන 75.28) බවද කෝප් වාර්තාවේ සඳහන් වේ.

2005 වසරේ දී පැවැත්වූ සාක්‌ ක්‍රීඩා උළෙලේ දී භාවිත කිරීමට රුපියල් කෝටි 4.4 කට සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය විසින් මිලට ගත් විද්යුත් කාල ගණක යන්ත්‍රය 2010 වසරේÊසිට අක්‍රීයව තිබූ බවද කෝප් වාර්තාව දැක්‌වේ.

සේවා නියුක්‌තයන්ගේ භාර අරමුදල් මණ්‌ඩලය භාණ්‌ඩාගාර චක්‍රලේඛ උල්ලංඝනය කරමින් රුපියල් කෝටි 7.4 ක දිරි දීමනාද, රුපියල් කෝටි 4.45 ක ප්‍රසාද දීමනාද, සියයට 4.2 ක පොලී අනුපාතිකයන් යටතේ රුපියල් කෝටි 33.8 ක ණයද ගෙවා ඇතැයි සඳහන් කරන කෝප් වාර්තාව අදාළ ආයතනයේ සේවකයන් දීර්ඝ කාලයක සිට මෙම වරප්‍රසාද භුක්‌ති විඳින බවද සඳහන් කර ඇත.

ගොවි විශ්‍රාම වැටුප හා සමාජ ආරක්‌ෂණ ප්‍රතිලාභ වැනි යෝජනා ක්‍රමයන්හි ඇති ගැටලු නිසා විවිධ විශ්‍රාම වැටුප් හා රක්‌ෂණ යෝජනා ක්‍රම සම්බන්ධව ජනතාවගේ විශ්වාසය විශාල ලෙස පිරිහී ගොස්‌ ඇතැයිද කෝප් වාර්තාවේ සඳහන් වේ.

යම් යම් ආයතනවල ප්‍රධානීන් එම ආයතනවල මූල්‍ය වංචාවන්ට සෘජුවම වගකිව යුතු අවස්‌ථා ඇතැයිද මෙවැනි වරදකට වරක්‌ හසුවූ පුද්ගලයන් යළි ප්‍රධානීන් ලෙස පත්කිරීම සඳහා අනුමැතිය නොදෙන ලෙස උසස්‌ නිලතල පිළිබඳ කාරක සභාවට නිර්දේශ කරන බවද කෝප් කමිටුව සිය වාර්තාවේ සඳහන් කර සිටී.

පෙර වසරේ රුපියල් කෝටි 5456 ක අලාභයක්‌ වර්තා කළ ලංකා විදුලි බල මණ්‌ඩලය මෙවර රුපියල් කෝටි 2148 ක ලාභයක්‌ වාර්තා කිරීම කෝප් වාර්තාවේ කැපී පෙනෙන ලක්‍ෂණයකි.

රතුපස්‌වල අත්වැසුම් නිෂ්පාදන කම්හල සඳහා පාරිසරික සහතිකය නිකුත් කිරීමේදී මධ්‍යම පරිසර අධිකාරිය නිසි විමර්ශනයක්‌ සිදුකොට නොතිබූ බවද, එම කම්හලේ අයිතිකරු විසින් සපයන ලද ජල සාම්පල පමණක්‌ පරීක්‍ෂා කිරීමෙන් එම සහතිකය නිකුත් කොට ඇතැයිද කෝප් වාර්තාව දක්‌වයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive