facebook like

කුරිරු පෙම්වතා සමග විවාහ වන්නට හිත හදාගන්න... මනෝ වෛද්‍ය උපදෙස් පැතූ මාලිකා

පිළිගත් සමාගමක රැකියාව කළ මාලිකා රූමත් තරුණියක්. මාලිකාගේ පෙම්වතා දුමින්ද. මේ සම්බන්ධය ඇති වුණේ පාසල් වියේදීමයි. නමුත් මාලිකාගේ දෙමාපියන් මේ සම්බන්ධතාවයට මුලදී ගොඩක් විරුද්ධ වුණා. ඊට හේතුව ඔහුත් ඇයත් නෑනා මස්සිනා වීමයි. ‍

ලේ ඥාතීන් අතර විවාහ වෛද්‍යවරුන් පවා අනුමත නොකරන බව දැන සිටියත් මාලිකාවත්, දුමින්දවත් ඔවුනොවුන්ගෙන් වෙන් වෙන්න කැමති වුණේ නෑ. මේ නිසා අන්තිමේ  දෙමාපියන්ට ඔවුන්ගේ කැමැත්තට ඉඩ දෙන්න සිදු වුණා.
දුමින්දගේ තිබුණු ලොකුම වරද ඉතා සුළු දෙයකට පවා කෝප වීම සහ මාලිකාව සැක කිරීමයි. මේ හේතුව නිසා සුළු කරුණකදීත් දුමින්ද මාලිකා සමග ගැටුම් ඇතිකර ගත්තා. කිසිම තරුණයකු සමග මාලිකා හිතවත්ව කතාබහ කරනවටවත් දුමින්ද කැමති වුණේ නෑ. මුලදී ඔහුගේ මේ ගති ඉවසුවත් පසුව මාලිකාට දුමින්ද කරදරයක් වුණා.
මාලිකා රැකියාවට යවන්නත් මුලදී දුමින්ද කැමති වුණේ නෑ. නමුත් මාලිකාගේ දෙමාපියන් වගේම දුමින්දගේ දෙමාපියන්ද බොහෝ සෙයින් කරුණු පහදාදීමෙන් පසු ඇය රැකියාවට යවන්න දුමින්ද එකඟ වුණා. ඒ වුණත් උදේට මාලිකාව කාර්යාලයට එක්කරගෙන ගියේත් සවසට ආපසු එක්කරගෙන ආවේත් දුමින්දයි.
දුමින්දගේ මේ ගති ස්වාභාවයත් වගේම නිතර ඔහු තමා සමග ගැටුම් ඇතිකර ගැනීම නිසාත් මාලිකාට දුමින්දව එපා වෙලයි තිබුණේ. නමුත් මේ සම්බන්ධය ඥාතීන්ට පවා රහසක් නොවූ නිසා ඇයට දුමින්ද සමග විවාහ වීම ප්‍රතික්ෂේප කරන්න විදියක් තිබුණේ නෑ.                 ඒ වගේම දුමින්දත් මාලිකාව  අත හරින්නට කිසිසේත් සූදානම් නැති බව මාලිකා දැන සිටියා.
රැකියා ස්ථානයේ මාලිකාගේ යාබද මේසයේ වැඩ කළේ නිර්මාල්. මාලිකාගේ සමීපම මිතුරා වුණෙත් ඔහු. නමුත් මාලිකා කවදාවත් නිර්මාල් ගැන දුමින්දට කිව්වේ නෑ. ඒ තමාව සැක කරයි කියන බයටයි. කොහොම වුණත් තමාගේ හැම දුක් ගැනවිල්ලක්ම මාලිකා කිව්වේ නිර්මාල්ට. ඒ වෙන මොකුත් නිසා නමෛයි සිතට සැහැල්ලුවක් අවශ්‍ය වුණු නිසයි. නමුත් කාලයක් ගත වෙනකොට මාලිකාගේ හිතේ නිර්මාල් ගැන ආදරයක් ඇති වෙන්න පටන් ගත්තා. නිර්මාල්ටත් වෙන පෙම්වතියක් හිටියා. නමුත් නිර්මාල්ගේ හිතේත් මාලිකා ගැන ඇල්මක් ඇති වෙලා ඔවුන් දෙන්නගේ මිත්‍ර සම්බන්ධය ප්‍රේම සම්බන්ධයක් දක්වා දුර දිග ගියා.
මාලිකා දුමින්දට නොදැනෙන පරිදි නිර්මාල් සමග දිවා කාලයේ ගමන් බිමන් ගියා. නිර්මාල් මාලිකා සමග හැසිරුනේත් කිසිසේත්ම තම පෙම්වතියට නොදැනෙන්නයි. දුමින්ද සමග වසර ගණනාවක් පැවති  සම්බන්ධයට වඩා නිර්මාල් සමග ගත කළ කෙටි කාලය මාලිකාගේ සිතට එක් කළේ අමුතුම මිහිරක්. ඇයට තිබුණු ලොකුම දුක නිර්මාල් සමග විවාහ වීමට ඉඩක් නොතිබුණු එකයි. නිර්මාල්ටත් ඔහුගේ පෙම්වතිය අත හැර දමා මාලිකා සමග එක් වීමට ඉඩක් තිබුණේ නෑ.
මේ අතර නිර්මාල්ගේත් ඔහුගේ පෙම්වතියගේත් විවාහයට ඔවුන්ගේ වැඩිහිටියන් විසින් දින තීන්දු කර ගැනුණා. ඉන්පසුව නිර්මාල්ට මාලිකාගෙන් ඈත් වීමට වුවමනා වුණා. ඔහු මාලිකා සමග කතාබහ කිරීම සීමා කළා. ඇය නිවසේදී දෙන දුරකථන ඇමතුම් කිසිවකට ඔහු ප්‍රතිචාර දැක්වූයේ නෑ. මේ නිසා මාලිකා තුළ ඇතිවුණේ ජීවිතේ නැති කර ගන්නට තරම් කලකිරීමක්. ඇයට ඔහු සමග ගත කළ සුන්දර අතීතය නිතර නිතරම සිහිපත් වුණා. ඒ මතකය සිතින් ඈත් කරන්නට බැරිව ඇය වින්ද වේදනාව අසීමිතයි. දුමින්ද සමග ගෙවන පවුල් ජීවිතයක් පිළිබඳව මාලිකාට සිතා ගන්නවත් බැරි තරම් වුණා. ඔහුගේ නපුරුකම් නිතර සැක කිරීම වැනි දේවල් නිසා මාලිකා ඔහු පිළිබඳව අන්තයටම කලකිරිලයි හිටියේ. එවැනි කෙනෙකු සමග ජීවිත කාලයම එක වහලක් යට කොහොම ගත කරනවද කියල හිතෙන කොටත් මාලිකාට ඇති වුණේ පිළිකුලක්.  නමුත් නිර්මාල් යළිත් මාලිකා  සමග පෙර සේ සමීප සම්බන්ධකම් ඇති කර ගන්න සූදානම් වුණේ නෑ.
කාර්යාලයේ අනික් හැම දෙනකුටම වගේ මාලිකාටත් නිර්මාල්ගේ මංගල උත්සවය සඳහා ආරාධනා  ලැබුණා. තමාගේ පෙම්වතා වෙනත් තරුණියකගේ අතින් අල්ලාගෙන මනාලයකු ලෙස හිඳින අන්දම දැකීමේ ශක්තියක් මාලිකාට තිබුණේ නෑ. ඊට පෙර දිවි නසා ගන්නට ඇත්නම්  කියාත් ඇයට නොයෙක්වර සිතුණා. අන්තිමේ බැරිම තැන මාලිකා මනෝ වෛද්‍යවරයෙකුගේ පිහිට පැතුවේ නිර්මාල්ව අමතක කරන්නත්, හිත හදා ගෙන දුමින්ද සමග විවාහ වන්නටත් අවශ්‍ය මානසික ශක්තිය ඇති කරගන්න පුළුවන්ද බලන්නයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive