facebook like

ලක්ෂ 100ට උපාධියක් - පුළුවන් නම් ගනිල්ලා

පසුගිය කාලය පුරාම ඉතා ආන්දෝලනාත්මක පුවත් මවපු මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව නැවතත් කරලියට පැමිණෙමින් තිබෙන්නේ, එහි අධ්‍යාපනය ලබන පිරිස්ම එයට එරෙහිව නඩු ක‍්‍රියාමාර්ග ගැනීම නිසායි. ආණ්ඩුවට අනුව ලංකාවේ ඉතාම හොඳම අධ්‍යාපන ආයතනය වන්නේ එයයි. එය බොරුවක් බව සනාථ කරමින් එහි අධ්‍යාපනය ලබන අයම එයට විරුද්ධව අදහස් පළ කරනවා. තමන් රැුවටීමකට ලක්ව ඇති බවයි ඔවුන් පවසන්නේ. ඇත්තටම මේක මොකක්ද? අපි නැවතත් මාලඹේ වෛද්‍ය පිළිබඳව වඩාත් සවිස්තර කතාබහකට එළඹෙමු.

මේ හොර වෙද උපාධි කඬේ, වෛද්‍ය උපාධිය ලක්ෂ 100කට විකුණනවා. මේකෙන් උපාධිය ගන්න තියෙන්න  ඕන එකම සුදුසුකම ලක්ෂ 100ක් වියදම් කරන්න පුළුවන් වීම. මෙතන තියෙන ලොකුම ප‍්‍රශ්නයක් තමයි, මේක පටන් ගත්ත දා ඉඳලා සෑහෙන්න බොරුකියපු එක. ඒ බොරු ටික පිළිවලට කියාගෙන ගියොත්, මුලින්ම කිව්වා. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) අනුමැතිය තියෙනවා කිව්වා. ඒක බොරු. රුසියාවේ නිෂ්නි නොව්ගොරොද් විශ්වවිද්‍යාලයට අනුබද්ධිතයි කිව්වා. ඒකත් බොරුවක්.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය තියෙනවා කිව්වා. ඒකත් බොරුවක්. ශික්ෂණ රෝහලක් කියලා එයාල නම ගහගෙන තියෙනවා. ඒකත් බොරුවක්. ශික්ෂණ රෝහල කියන නම පාවිච්චි කරන්නේ ඛදටද එකේ ශික්ෂණ කියන වචනේ දාලා සමාගම් පනත යටතේ රෙජිස්ටර් කරගෙන. ඒ විතරක් නෙමෙයි. මේ හොර වෙද විදුහලේ කායව්‍යවච්ෙඡ්දනය සඳහා මෘත ශරීර තියාගෙන ඉන්නේ කිසිම නීත්‍යානුකූල අවසරයකින් තොරවයි දැනටමත් තමන්ගේ දරුවන්ව මේකට යවපු දෙමව්පියෝ සමහරු තමුන්ව රැුවැට්ටුවා කියල මේ හොර උපාධි කඬේට විරුද්ධව නඩු දාලා තියෙන්නේ. දැන් ඒ නඩු විභාග වෙනවා. මේ වෙද උපාධි විකිණිල්ල පැහැදිළිවම, තනිකරම හොර ජාවාරමක්.

මේක දැන් නිදහස් අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කරලා විකුණන එකෙනුත් හොඳටම එහාට ගිහිල්ලයි තියෙන්නේ. මේක පැහැදිලිවම මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතවලට තර්ජනයක්. පසුගිය දවස්වල අපි මාධ්‍යයෙන් දැනගත්තා කවීෂ කියලා අවුරුදු 13ක පාසල් දරුවෙකුට මේ හොර ශික්ෂණ රෝහලේදි වෙච්චි දේ. ඔහුව ඇතුළත් කරලා තිබුණා ඩෙංගු හැදිලා. බෙහෙත් කරලා තිබුණේ මොළේ උණට. ඩෙංගු හැදුණු දරුවව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ප‍්‍රායෝගික හැදෑරීම් කරලා. විවිධ පරීක්ෂණ කරලා තිබුණා. අන්තිමේදි දරුවා මියගියා. දෙමව්පියන්ගේ අතට රුපියල් හාරලක්ෂ හැත්තෑ අට දහසක බිලක් ලැබුණා. අපි මේ ගැන නොයෙකුත් වර ලිපි මඟින් පළකළා. මේක මේ නෙවිල් ප‍්‍රනාන්දු විතරක් තනියම කරන අපරාධයක් නෙමෙයි. මේකට වත්මන් ආණ්ඩුවත් අඩුපාඩුවක් නැතිව සම්මාදම් වුණා.  ඕනෑ එපා කම් හොයලා බලලා, බොහොම උනන්දුවෙන් කරලා දෙනවා.

පසුගිය දවස්වල ගැසට් එකක් ගහලා වෛද්‍ය අඥාපනතේ වගන්තියකුත් වෙනස් කළා. මේ හොර වෙද උපාධි කඩෙන් එළියට එන අයට වෛද්‍ය සභාවේ අනුමැතිය නැතුවම ලංකාවේ වෛද්‍යවරයෙක් ලෙස වැඩ කරන්න පුළුවන් විදිහට. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ‘ලබාගත යුතුයි’ කියන එක, ‘ලබාගත හැකියි ’ ලෙස වෙනස් කළා. shall කියන එක may කළා. ඒ වගේම  මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහා ආණ්ඩුවේ ආධාරය උපකාරය බෙහෙවින් ලැබෙනවා. විශ්වවිදාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනිය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය මේකේ අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කරනවා. නමුත් ඇය වෙනත් කිසිදු විශ්වවිද්‍යාලයක පාලක සභාවේ වාඩිවන්නේ නැහැ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාන්න ආණ්ඩුව ඉදිරිපත්කරන තර්ක වන්නේ, ලංකාවේ සල්ලි පිටරට යන එක නවත්වන්න කියන එක, වසරකට වෛද්‍ය උපාධි හැදැරීමට විදේශගත වන සිසුන්ගෙන් අහිමි වන ආදායම රුපියල් කෝටි 160 විශාල මුදලක් කියලයි පාලකයො කියන්නේ. හැබැයි ලංකාවට සීනි ගෙන්වීමට වැයවන මුදල රුපියල් කෝටි 2000 ක්. රට වටේට මුහුද තිබුනත් ටින් මා`එ ගෙන් වීමට රුපියල් කෝටි 1500ක්. රට සවාරි, වංචා. දුෂණ, හෙලිකොප්ටර ගැනීම්, තිරුබදු රහිත වාහන ගෙන්වීම ආදිය ආණ්ඩුවේ නාස්ති වලින් ඉතාම සුළු කොටසක් විතරයි.

ආණ්ඩුව කියන තවත් මතයක් තමයි, ලකුණක්  දෙකක් අඩු අයට තැන දෙන්න මේවා ආරම්භ කරන බවයි. ඔබේ දුවට පුතාට සරසවි යන්න  ලකුණක් 2ක් අඩු වුනොත් ඔබට පු`එවන්ද ලක්ෂ 100ක් ගෙවල මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට යවන්න පුළුවන්ද? රටේ 40% කගේ දෛනික ආදායම රු 250ට අඩුයි. අවංකව උපයනවා නම් ජනාධිපති ලේකම්ගේ දරුවාටත් අවස්ථාව ලැබෙන්නේ නෑ. ඉතිං සාමාන්‍ය මට්ටමේ රජයේ සේවකයන් ගැන කවර කතාද? මේක ඇස් පනාපිට ජනතාව ඇන්දවීමක් නොවේද? තව දුරටත් මේ ව්‍යසනයට අප ඉඩදෙමුද? තීරණය ඔබ අතේ.

ජනරළ 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive