පසුගියදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී විදේශ ඇමැති ජී.එල්.ගෙන් ප්‍රශ්නයක් ඇසුවේය. ප්‍රශ්නය නම් චීන රජටය අයත් ගුවන් සමාගමකට ත්‍රිකුණාමලයේ ගුවන් යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය අනුමැතිය දී ඇත්ද යන්න ගැනය. රනිල් කීවේ මෙය ඉන්දියාවට ප්‍රශ්නයක් වනු ඇති බවත් මෙය 1987 අස්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවත්ය. ඝාතනයට ලක්වූ හිටපු විදේශ ඇමැති 2003 ඔක්තෝබර් 12 වන දින එවකට බලයේ සිටි රනිල්ගේ ආණ්ඩුවෙන් මෙවැනිම ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේදී ඇසුවේය. එවකට කදිරගාමර් විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් විය.
"අපි ඉන්දියාවේ අවශ්‍යතා ගැන විශේෂ අවධානයක් දක්වන්න ඕනෑ. මම ඉන්දු-ලංකා ගිවිසුම ගැන මතක් කරන්න කැමැතියි. එහි වගන්තිවලට අනුව ලංකාවේ භෞමික අඛණ්ඩතාව ත්‍රිකුණාමලඩ වරායේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඉන්දියාවට නෛතික අයිතියක් තියෙනවා......."
මේ කදිරගාමර් පාවිච්චි කළ වචනය. කදිරගාමර් එදා මේ ප්‍රශ්නය නැඟුවේ රනිල්ගේ සටන් විරාම ගිවිසුම නිසා ත්‍රිකුණාමලය අවට එල්.ටී.ටී.ඊ.ය අලුතින් කඳවුරු පිහිටුවා ඇති බවත් එය ත්‍රිකුණාමල වරායට විශාල තර්ජනයක් බවත් පවසමින්ය. කදිරගාමර් එදා ඒ ප්‍රශ්නය නඟද්දී එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අත්පොළසන් දුන්නේය. එපමණක් නොව ඔහු ත්‍රිකුණාමලයේ ඇත්ත තත්ත්වය ගැන හොයා බලන්න ත්‍රිකුණාමලයට යන්න රනිල්ගේ ආණ්ඩුවෙන් හෙලිකොප්ටර් යානයක් ඉල්ලුවේය. එවකට ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු එරෙහි වෙද්දී රනිල් මහින්දට ත්‍රිකුණාමලයට යන්න හෙලිකොප්ටර් යානයක් දුන්නේය. මහින්ද එහි ගොස් ත්‍රිකුණාමලය භාරව සිටි නාවික හමුදා ප්‍රධානීන් හමු විය.
හිටපු නාවික හමුදාපති එවකට නැඟෙනහිර භාරව සිටි වසන්ත කරන්නාගොඩ මහින්ද එක්ක මිත්‍ර වන්නේ එහිදීය. එතැනදී මහින්දට ත්‍රිකුණාමල වරායට එල්.ටී.ටී.ඊ.යෙන් තියෙන තර්ජන ගැන නාවික හමුදාව සකස් කළ වාර්තාවක් ලැබිණි. පසුව මේ වාර්තාව එවකට ජනාධිපතිනි චන්ද්‍රිකාට ලැබුණු අතර වාර්තාව ප්‍රකාශයට පත් වී ඉන්දියාවටද එහි කොපියක් ගියේය. 2003 නොවැම්බරයේ චන්ද්‍රිකා ආරක්ෂක අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ තුනක් පවරා ගන්නේ මින් පසුවය. ආරක්ෂක අමාත්‍යංශය පවරා ගන්න චන්ද්‍රිකා ප්‍රධාන හේතුවක් ලෙස දක්වන්නේ ත්‍රිකුණාමලය වරායට එල්ල වී ඇති තර්ජනය ය. චන්ද්‍රිකා අමාත්‍යංශ පවරා ගත්තේ 2003 නොවැම්බර් 04 ය. ඊට මාසයකට පෙර ඇය රනිල්ට ලිපියක් ලීවේය. එහි දැක්වෙන්නේ විදේශ නාවික හමුදා වාර්තාවලට අනුවත් ලංකාවේ නාවික හමුදා වාර්තාවලට අනුවත් ත්‍රිකුණාමලය වරායට විශාල තර්ජනයක් පවතින බවය.
ඒ වගේම ආරක්ෂක අමාත්‍යංශය පවරාගෙන ඇය ජාතිය අමතා කතා කරද්දීත් මේ තර්ජනය ගැන කීවාය. එවකට ඇගේ උපදේශකවරයකු ලෙස සිටි හිටපු විදේශ ඇමැති කදිරගාමර් ඉන්දියාවට ගොස් විදේශ ඇමැති හමුවෙද්දීත් ලංකාවේදීත් දිගින් දිගටම කීවේ ත්‍රිකුණාමල වරාය ප්‍රශ්නය ඉන්දියාවට විශාල ප්‍රශ්නයක් බවය. ආරක්ෂක අමාත්‍යංශය පවරාගෙන රනිල්ගේ ආණ්ඩුව වැට්ටවීම පිටුපස ඉන්දීය හස්තයක් තිබූ බව රනිල්ගේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ඔහුගේ පොතෙහි හෙළි කර තිබිණි. ඒ වගේම රනිල්ගේ ආණ්ඩු කාලයේ ශ්‍රීල.නි.ප.ය සහ ජ.වි.පෙ. එකතු කරන්න එවකට මෙරට ඉන්දීය මහකොමසාරිස් තිරුපන් සෙන් මුල් වූ බව මාධ්‍ය වාර්තා කළේය.
මේ දෙපාර්ශ්වය ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේ හමු වූ බවද මාධ්‍ය වාර්තා කොට තිබිණි. ත්‍රිකුණාමල වරායට එල්ල වූ එල්.ටී.ටී.ඊ. තර්ජනය ගැන ඉන්දියාව නොසන්සුන් වූ මේ පරණ කතාවයි අද චීනය ගුවන් යානා ව්‍යාපෘතියක් ත්‍රිකුණාමලයේ ආරම්භ කිරීමට යෑම ඉන්දියාවට ප්‍රශ්නයක් වනු ඇතැයි රනිල් කියන කතාවයි දිහා බලන විට රනිල් කියන කතාව ඇත්ත බව තේරෙයි. එදා කදිරගාමර් මෙන්ම අද රනිල්ද කියන්නේ ත්‍රිකුණාමල වරාය ගැන හොයන්න ඉන්දු-ලංකා ගිවිසුමට අනුව ඉන්දියාවට අයිතියක් තියෙනවාය කියාය. එය ගිවිසුමට ඇමුණුමක් ලෙස ජනාධිපති ජේ.ආර්. සහ අගමැති රජිව් ගාන්ධි අස්සන් කළ ලිපියේ සඳහන් වන්නේ ත්‍රිකුණාමල වරාය හෝ වෙනත් වරායක් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට යුදමය වශයෙන් හෝ වෙනත් ආකාරයකට විදේශ රටකට පාවිච්චි කිරීමට ඉඩ නොදිය යුතුය කියාය.
ඇත්තටම ඉන්දු-ලංකා ගිවිසුමට මුලද ත්‍රිකුණාමල වරායය. එහි තෙල් ටැංකි ඇමෙරිකාවට බදු දෙන්න යනවාය කියන රහස් වාර්තාව මත ඉන්දියාව ජේ.ආර්.ගේ ආණ්ඩුව වට්ටවන්න ලංකාවේ දමිළ සටන්කාමී තරුණයන්ට ආයුධ, පුහුණුව සහ රැකවරණ දුන්නේය. ඉන්දියාවට අවශ්‍ය වූයේ ජේ.ආර්.ව ගෙදර යවන්නටය. ඒත් ජේ.ආර්. ඉන්දියාවට යටත් වී ජනාධිපතිකම බේරා ගත්තේය.
මෙහෙම බලනකොට ත්‍රිකුණාමලය යනු ආණ්ඩු වට්ටන අපල පල දෙන මර්මස්ථානයකි. ජේ.ආර්. ඇමෙරිකාවට අත ගහන්න ඉඩ දී හොම්බෙන් ගියේය. රනිල් එල්.ටී.ටී.ඊ.යට එතැන හිස ඔසවන්නට ඉඩ දී ගෙදර ගියේය. දැන් මහින්ද චීනයට එතැනට ඔළුව දමන්න දෙන්න යයි. ජේ.ආර්.ට රනිල්ට වෙච්ච දේ මහින්දටත් වෙයිද කියන්න දන්නේ නැත. හැබැයි ජේ.ආර්.ගේ කාලයේ ඉන්දියාව ඇමෙරිකාව සැලකුවේ හතුරෙක් ලෙසය. ඒ ගාන්ධිලා සෝවියට්දේශය එක්ක මිතුරුවෙලා සිටි නිසාය. ඒ ඇමෙරිකාව ත්‍රිකුණාමලයට ඔළුව දමන්න එනවා කියල දැනගත් විට ඉන්දියාව බය විය. රජිව් ඝාතනයට පසු එල්.ටී.ටී.ඊ.ය ඉන්දියාවේ හතුරෙක් විය. ත්‍රිකුණාමලයේ එල්.ටී.ටී.ඊ.ය ශක්තිමත් වන විට ඉන්දියාව බය විය. අද චීනය ඉන්දියාවේ හතුරෙක් නොවුවද චීනයට ඉන්දියාව බය ය. චීනයට ත්‍රිකුණාමලයේ ඔළුව දමා ගන්න ඉඩ දුන්නොත් මහින්දට වන්නේ කළු ගලේ ඔළුව හප්පගන්නය.
උපුල් ජෝෂප් ප්‍රනාන්දු

0 comments:
Post a Comment