facebook like

මිනිසකු විනාශ කළ හැක එහෙත් පැරදිය නොහැක

විසිපස්‌ වසරකට ඉහතින් මෙවන් කාල වකවානුවක ශ්‍රී ලංකා ඉතිහාසයේ අමරණීය ගීත රචකයකු වූ ප්‍රේමකීර්ති ද අල්විස්‌ අප අතරින් සමුගත්තේය. ලේ පිපාසිත නාඳුනන ඝාතකයින් විසින් ගෙදරින් එළියට ඇද දමා එම උතුම් මිනිසා ඝාතනය කළේ කුමන හදවතකින්ද කියා අප ඇසිය යුතුය.

මුළුÊමහත් ශ්‍රී ලංකාවේම හදවත් තුළට සමීප මේ කලාකරුවා වෙනුවෙන් ගිය වසරේද මා මෙවන් ලිපියක්‌ ලියුවේ අපගේ අනාගත පරපුර මෙවන් දක්‍ෂ කලාකරුවන් ගැන තිබෙන අනවබෝධය නිසාය. මෙවර ඔහු වෙනුවෙන් මාර්ගයක්‌ද නම්කර ඇත. එය ඉතා අගනා කර්තව්‍යයකි.

මෙවන් කලාකරුවන් අප හැමදෙනාම අගය කළ යුතුය. එහෙත් ප්‍රේමකීර්ති මෙන්ම අප රටේ වටිනා ජීවිත රැසක්‌ විශාල වශයෙන් ඝාතනයට ලක්‌වූ එවන් කුරිරු කාලවකවානුවක්‌ අප රට තුළ තිබිණි. අසහාය කලාකරුවකු වන විජය කුමාරතුංගයන් ගෙන් ඇරඹි එම ඝාතන රැල්ල රට පුරා ක්‍රියාත්මක වුණු අතර මාගේ පියා නායකත්වය දුන් මහජන පක්‍ෂයේද 117 ක්‌ දෙනකු ඝාතනය කළ දකුණේ ත්‍රස්‌තවාදය අප සමාජයට විශාල හානියක්‌ සිදු කළහ.

ප්‍රේමකීර්ති විශිෂ්ට ගීත රචකයෙකුය. ඔහු විසින් රචිත ''ආදරයේ උල්පත වූ අම්මා'' ගීතය අප්‍රමාණ මව් සෙනෙහසක්‌ උපදවන ප්‍රබල උපමා අලංකෘත වූ ගීතයකි. මාතෘත්වය ගැන අනෙක්‌ ගී රචකයන්ගේ ගී වලට වඩා වෙනස්‌ වූ සරල බවක්‌ දක්‌නට ලැබේ. එමෙන්ම වර්ගවාදය නොදැක්‌ක ඔහුගේ කුණ්‌ඩුමනී ගීතයෙන් දමිළ සංස්‌කෘතිය අලංකාර ලෙස විශ්ලේෂණය කරනු ඇත. ඔහු අප ජීවිතයේ සරල ලෙස දකින දෙයට නව ජීවයක්‌ ලබා දෙන බව සඳහන් කළ යුතුය. ඔහුට නිරායාසයෙන් ගලා ආ වදන් පෙළක්‌ තිබූ බව අපට කිව හැක. සන්නිවේදකයකුට තිබිය යුතු උතුම් වූ උපකරණයක්‌ වන භාෂාව ඔහු මනා සේ හැසුරූ බව සඳහන් කළ හැක. භාෂාව ප්‍රශස්‌ථ ලෙස භාවිත කරමින් නිර්මාණ ආවේශයකින් ගී තැනූ මෙම කලාකරුවා ඔහුගේම මුද්‍රdවක්‌ එකතු කරමින් අප සමාජයේ සෑම දෙනාම සතුටු කළ උතුම් වූ චරිතයකි.

අප සමාජයට විශිෂ්ට සේවාවක්‌ කළ මෙවැනි කලාකරුවන් අනාගත පරපුර විසින්ද අගය කළ යුතුය. ප්‍රේමකීර්ති වැනි ප්‍රශස්‌ත කලාකරුවන්ගේ ජීවගුණ සිහිපත් කිරීම යහපත් සමාජයක යුතුකමකි. Eරබැsඑ Heපසබටආහ කියූ පරිදි ''මිනිසකු විනාශ කළ හැක. එහෙත් පැරදිය නොහැක'' ප්‍රේමකීර්ති වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවකු ඝාතනය කළද ඔහුගේ වචන අප සමාජයෙන් මැකිය නොහැක. එමෙන්ම සුනිල් එදිරිසිංහයන් ගායනා කරන රන් සමනලයෝ ගීය ලියූ ප්‍රේමකිර්ති ද අල්විස්‌ව මා දකින්නේ අප රටේ බිහිවූ රන් සමනලයකු ලෙසය.

අසංග අබේගුණසේකර
විධායක අධ්‍යක්‍ෂ
ලක්‍ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා
උපාය මාර්ග අධ්‍යයන ආයතනය

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive