2011දී ඉන්දුනීසියානු ජනාධිපති ජෙනරාල් යුදයානෝ බි්රතාන්යයට යන්න සූදානමින් සිටියේය. ඔහු රැගත් රථ පෙළ ඉන්දුනීසියානු ගුවන් තොටුපොළට ළඟාවිය. යුදයානෝ ගුවන් තොටුපොළට ඇතුළු වන විටම ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ඔහුට දුරකතනය දුන්නේ හදිසි ඇමැතුමක් කියමිනි. හදිසි ඇමැතුම නම් යුදයානෝගේ බි්රතාන්ය සංචාරය අවලංගු කරන ලෙස එරට බි්රතාන්ය මහකොමසාරිස් කාර්යාලය ඔහුගෙන් ඉල්ලීමක් කරන බවය.
ඒ වන විටත් ජෙනරාල් යුදයානෝ නැඟෙනහිර ටිමෝරයේ දසදහස් ගණන් සිවිල් වැසියන් ඝාතනයට වගකිව යුතු බව කියමින් යුද අපරාධ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ලන්ඩනයේ උද්ඝෝෂණ පවත්වමින් තිබිණි. ඒත් යුදයානෝ එය ගණන් නොගෙන බි්රතාන්ය සංචාරයට යන්න තීරණය කළේය. අවසන් මොහොතේ බි්රතාන්ය මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේ ඔහු ලන්ඩනයට යන විට ඔහුට එරෙහිව උසාවියෙන් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ගැනීමේ සූදානමක් ඇති බවය. මේ පණිවුඩයෙන් ලැජ්ජාවට පත් යුදයානෝ ගුවන් තොටුපොළේදීම පුවත්පත් සාකච්ඡාවක් පවත්වා තමාව දංගෙඩියට යැවීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව කීවේය. ඔහු ඒ මොහොතේ මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයට එරෙහිව සියලු දේශප්‍රේමීන්ට එක්වන ලෙස ආයාචනය කළේය. හිටපු හමුදා ජෙනරාල්වරයකු වන යුදයානෝ එරට ජනාධිපති වූයේ 2004දීය.
හරියටම මහින්ද මෙරට අගමැති වූ කාලයේය. 2004 ජනාධිපති ධුරයට පත් යුදයානෝ ඉන්දුනීසියාව සියතට ගත්තේ ප්රජාතන්ත්රවාදී අත්මේස් දමාගත් යකඩ අතකින්ය. ඒත් ඔහු එරට අතිශය ජනප්‍රිය නායකයෙක් විය. ඔහුම හදාගත් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සභාපති ඔහු වූ අතර උප සභාපතිනිය බිරිය විය. ඔහුගේ පාලනයට එරෙහිව සහ ඔහුට එරෙහි යුද අපරාධවලට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන බටහිර රටවල් හඬ නැඟුවත් ඔහු ඒවා මායිම් කළේ නැත. සිය ජනප්‍රියත්වය වැඩි කර ගන්න ඔහු ඒ චෝදනා පාවිච්චි කළේ ආගම සහ දේශප්‍රේමය අවුළමිනි. 2009 ජනාධිපතිවරණයට ඔහු ගියේ ජාතියේ වීරයා ලෙසය. ඔහු 2009 ජනාධිපතිවරණය 60%ක ඡන්ද ප්‍රතිශතයකින් ජය ගත්තේය. ඔහු 2009 ජනාධිපතිවරණයට ගියේ ඔක්තෝබර් මාසයේය. මහින්ද ඒ වෙනකොට ලංකාවේ ජනාධිපතිවරණයට යන්න ලක ලැහැස්ති වෙමින් සිටියේය. මහින්දට කලින් මහින්ද වගේම යුදයානෝ ජනාධිපතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් ලැබීය.
මහින්දට වගේම ඔහුටත් තෙවැනි වර ජනාධිපතිවරණයට තරග කරන්න ව්‍යවස්ථාපිත බාධාවක් තිබුණේය. හැබැයි යුදයානෝ මහින්ද වගේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ගියේ නැත. ඔහු සිය බාල පුතාව පාර්ලිමේන්තුවට පත්කර ගත්තේ ඔහු ජනාධිපති යටතේ පැවැති මහ ඡන්දයෙන්ය. 2012දී ඇමෙරිකාව ඔහුගේ සමීපතම ආරක්ෂක උපදේශකවරයකු වූ හිටපු ජෙනරාල්වරයකුට ඇමෙරිකාවට යන්න වීසා දීම ප්‍රතික්ෂේප කළේය. මෙය තමාට ගහපු කම්මුල් පහරක් බව තේරුම්ගත් යුදයානෝ ඔහුව නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ලෙස පත් කළේ ඇමෙරිකාවෙන් යුද අපරාධ චෝදනා ලබන අය තමන්ගේ වීරයන් ලෙස පෙන්වමිනි. ඒ වන විටත් යුදයානෝගේ ඇමැති මණ්ඩලයේ හමුදාවේ හිටපු ජෙනරාල්වරු විශාල පිරිසක් සිටියහ. රට පාලනය කළ ඔහුගේ යකඩ හස්තය වූයේ මේ හිටපු ජෙනරාල්වරුන්ය.
ව්‍යවස්ථා බාධාව නිසා මෙවර ජනාධිපතිවරණයට තරග කළ නොහැකි නිසා යුදයානෝ තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන්න තීරණය කළේය. ඔහු සභාපති ධුරයේ සිටියදී ඔහුගේ බිරිය උප සභාපති ධුරයේ සිටියදී අනාගතයේ පුතාව රටේ නායකත්වයට ගෙන ඒම ඔහුගේ සැලසුම විය. පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් නොකොට හිටපු හමුදා ජෙනරාල්වරයකු වූ සුබියන්ටෝට 2014 ජනාධිපතිවරණයේ සහාය දෙන්න ඔහු තීරණය කළේය. සුබියන්ටෝට පක්ෂ ගණනාවක් සහාය පළ කළහ. මේ හැමෝම යුදයානෝ වගේ එරට ප්‍රභූ සමාජයට හමුදාවට සම්බන්ධ අයය. මේ හැමෝටම ඕනෑ වුණේ යුදයානෝගේ ක්‍රමය ඉස්සරහට ගෙනයන්න දෙවැනි යුදයානෝ කෙනෙක් හදන්නටය.
එහෙත් මෙඝාවතී සුකර්නෝට රට යන ක්‍රමය වෙනස් කරන්න අවශ්‍ය විය. ඇය තම පියා බලයෙන් පහ කළ ඇය සුහර්තෝගේ ඒකාධිපති පාලනය බිඳ දමා රටට ප්රජාතන්ත්රවාදය ගෙන ආ ආසියාවේ වීර කාන්තා චරිතයකි. පිලිපීනයේ මෙන් තවත් තෝමස් අකිනෝ කෙනෙකි. 2001දී ජනාධිපති ධුරයට පත් ඇයට සුහර්තෝ එළවන්න සටන් කළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න බැරි විය. ඇයගේ පාලන කාලය එරට මහජන අප්‍රසාදයට පත් පාලන කාලයකි. යුදයානෝ මතුවූයේ මේ කාලයේය. පළමු නිල කාලයෙන්ම 2004 ජනාධිපතිවරණයෙන් ඇය පරාජයට පත්වූවාය. ඒත් මෙවර යුදයානෝට ඉල්ලන්න බැරි බව දැන ඇය ඡන්දය ඉල්ලන්න තීරණය කළේ නැත. ඇය පක්ෂයේ ජනප්‍රිය ජකර්තා නුවර ආණ්ඩුකාරවරයා වූ විඩෝඩෝට පක්ෂයේ ජනාධිපති අපේක්ෂකකම දුන්නාය. විඩෝඩෝ ප්‍රභූ පවුලකින් හෝ හමුදා පසුබිමකින් ආ අයකු නොවේ. ඔහු එරට සාමාන්‍ය පන්තියෙන් ආ පොඩි මිනිහෙකි. දක්ෂ තරුණ දේශපාලනඥයෙකි.
ඔහු සටන් කළේ ඒකාධිපතිවාදයට, මර්දනයට, පවුල්වාදයට එරෙහිවය. සුබියන්තෝ හිතුවේ කෙසඟ සිරුරක් ඇති මේ පොඩි මිනිහා තමා වැනි හිටපු හමුදා ජෙනරාල්වරයකුට පරාජය කිරීම මහලොකු වැඩක් නොවන බවය. මේ වනකොට සුබියන්තෝටත් යුද අපරාධ චෝදනා එල්ල වී තිබිණි. ඔහුටත් බටහිර රටවල්වලට යෑම ප්‍රශ්නයක් වී තිබිණි. යුදයානෝත් ප්‍රභූවරුනුත් හිටපු හමුදා ජෙනරාල්වරුනුත් ඔහුට සහාය පළ කළේ යුද අපරාධ චෝදනාවලින් බේරෙන්නටය. රටේ පාලනයට හවුල් වූ හමුදා ප්‍රධානීන් හැමෝටම එල්ල වූ යුද අපරාධ චෝදනා පරාජය කොට යුද අපරාධ චෝදනාවලට එරෙහිව එරට ජනතාව පෙළගස්වන්න සුබියන්තෝ පොදු අපේක්ෂකයකු ලෙස ඔවුහු සිතූහ.
ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වෙද්දී තමා ජයග්‍රහණය කළා යැයි කියමින් සුබියන්තෝ යකා නටන්නට පටන් ගත්තේය.
ඒත් ප්‍රතිඵල ප්‍රකාශයට පත්වී අවසන් වූ විට ජයග්‍රහණය ලබලා තිබුණේ අධිපතිවාදයට, පවුල්වාදයට එරෙහි වූ පොඩි මිනිහා විඩෝඩෝය. මැතිවරණය දූෂිත යැයි සුබියන්තෝ කියද්දී මැතිවරණ කොමිසම කීවේ මැතිවරණය සාධාරණ බවය. පොඩි මිනිහකුට පරාජය වීමෙන් ලැජ්ජාවට පත් සුබියන්තෝ තමන් උසාවි යන බව කියා මේ ප්‍රතිඵලය පිළිනොගන්නා ලෙසට ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියේය. ඒත් නිදහස්, සාධාරණ ඡන්දයකින් ජයග්‍රහණය කිරීම ගැන විඩෝඩෝට පළමුව සුබ පැතුවේ ඔබාමාය. යුද අපරාධ චෝදනාවලට වගේම ඇමෙරිකාවට එරෙහිව සටන්පාඨවලින් තම බඩවල් පිරෙන්නේ නැති බව එරට ජනතාව ඔප්පු කොට පෙන්වීය. ආගම්වාදය මුල් බැසගත් රටක් එරට හමුදා ජෙනරාල්ලාට එරෙහිව දුන්න තීන්දුව ලොවම මවිත කර ඇත.
අද ලංකාවේ විපක්ෂයට අවශ්‍ය විඩෝඩෝ වගේ පොදු අපේක්ෂකයෙකි. හැබැයි මෙඝාවතී වගේ චරිතයක් නැතිව ලංකාවේ ඩිඩෝඩෝ කෙනෙක් බිහි කරන්න බැරි බවද විපක්ෂය දත යුතුය.

0 comments:
Post a Comment