facebook like

දනිඳු පැහැර ගැනීම ගැන ගොන් මොළකරුගේ පා‍පොච්චාරණය

දනිඳු බබා තියාගන්න වැඩිපුර කෑම දෙන්න සිද්ධ වුණා. වැඩිපුර කෑම කාපුවාම බබා හොඳට නිදා ගන්නවා. ඒ නිසා අපි හැම තිස්සෙම වැඩිපුර කෑම දීලා දනිඳු බබා නිදි කෙරෙව්වා.

යැයි මීගලෑව කටුගම්පළගම ප්‍රදේශයේදී සිව් හැවිරිදි දනිඳු යශේන් ඒකනායක පැහැර ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහ මොළකරු වූ මංජුල සඳකැළුම් නමැත්තා විසින් රහස් ‍පොලිසිය හමුවේ මෙලෙස පා‍පෝච්චාරණය කර ඇත.පැහැරගැනීමට ලක්වූ දරුවා දෙමාපියන් සමීපයට යාමට අවශ්‍ය බව දන්වා හඬනු ඇතැයිි බියෙන් එලෙස කළ බව සැකකරු වැඩිදුරටත් හෙළි කර ඇත.
එසේම මෙම මෙහෙයුම සඳහා සිය සමෘද්ධි සමිතියේ භාණ්ඩාගාරයේ තැන්පත් කර තිබූ රුපියල් 35,000ක මුදලක් සොරාගත් බව රහස් ‍පොලිසිය හමුවේ ඔහු පා‍පෝචාරණය කර ඇත.

ඔහු සමෘද්ධි සමිතියේ ‍ලේකම් ලෙස කටයුතු කර ඇති අතර ඒ නිසා ඔහුගේ බලය යොදා රුපියල් 35,000ක මුදලක් සොරාගෙන දනිඳු පැහැරගැනීමටත් පැහැර ගැනීමෙන් පසු දනිඳු රැකබලා ගැනීමටත් යෙදවූ බව ප්‍රධාන සැකකරු වූ මංජුල සඳකැලුම් පවසා තිබේ.

මංජුල මෙම දරුවා පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමට තීරණයකර ඇත්තේ ඔහුගේ පදිංචි නිවස බැංකුවට සින්න වීමට ගොස් ඇති නිසාය. ඒ ඔහු සිය ඉඩම බැංකුවක උකසට තබා රුපියල් ලක්ෂ 25ක් ලබාගෙන ඇති නිසාය. මේ නිසාම මංජුල දැඩි ලෙස ණය බරින් මිරිකී සිට ඇත.

පෙර සිය මිතුරකු සමග මනාලියක් බැලීමට ගිය ගමනක් මතක් වී ඇත. එනම් ඔහුගේ මිතුරකු සමග මීගලෑව ප්‍රදේශයේ මනාලියක බැලීමට ගිය ගමනකි. එහිදී එම මනමාලියගේ පියා විසින් දෑවැද්දට රුපියල් කෝටියක මුදලක් තම දියණියට ලබා දෙන බව ප්‍රසිද්ධියේ කියූ අයුරු මංජුලට මතක් වී ඇති අතර ඒ අනුව ඔහු මෙහෙයුම දියත් කරන්නේ එම කෝටිය ගැනීමටය.

ඒ සඳහා 27 හැවිරිදි චතුරංග කුමාර, 21 හැවිරිදි සංජීව විජේකෝන්, 23 හැවිරිදි දිනේෂ් ප්‍රියසාද් යන තිදෙනාද සම්බන්ධ කර ගෙන ඇත. ඒ අනුව මංජුලගේ පළමු මෙහෙයුම වී ඇත්තේ ඉහත මනමාලියගේ වැඩිමහල් සහෝදරියගේ ස්වාමියා වන මහින්ද කුමාර ඒකනායක පැහැර ගැනීම බව ඔහු විසින් හෙළි කර ඇත. මෙම මෙහෙයුමට සූදානම් වී ඇත්තේ මීට මාසයකට පෙර සිට බව රහස් ‍පොලිසිය පවසයි.

ඒ සඳහා මංජුල විසින් රම්බෝ පිහි දෙකකුත් අවශ්‍ය ඇඳුම් කිහිපයකුත් සමෘද්ධියෙන් සොරාගත් මුදලින් මිලදී ගෙන ඇත. මංජුල සිය සගයන්ට පවසා ඇත්තේ එම නිවසට කඩා වැදුණු සැණින් මහින්දට පිහිය පෙන්වා අතපය ගැට ගසා කටට පාන්කඩ ඔබා පැහැර ගැනීම සිදුකළ යුතු බවය.

කෙසේ වෙතත් මෙම මෙහෙයුමට අවශ්‍ය නිවාසයක්ද අඹන්‍පොළ ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇත. ඒ රුපියල් 20,000ක මුදලකටය. එය මීට මාසයකට පෙර මංජුල ලබාගෙන ඇති අතර මාස හයක කාලයක් එහි පදිංචි වන බව ඔහු නිවැසියන්ට දන්වා ඇත.
පසුව ඔවුන් 28 වැනිදා රාත්‍රී 8.45ට පමණ මහින්ද මහතාගේ නිවසට කඩා වැදී ඇත. ඒ මහින්ද මහතා පැහැරගෙන යාමටය. එහෙත් එහිදී ඔවුන් පිහිය පෙන්වා මහින්ද මහතා බිය කළත් ඔහු පැහැරගෙන ගොස් කිසිදු ප්‍රතිඵලයක් ලබාගත නොහැකි බව තේරුම් ගත් නිසා ඔහු සමීපයේ සිටි දනිඳු යශේන් දරුවා පැහැරගත් බව මංජුල හෙළි කර ඇත.

පැහැරගත් දනිඳු යතුරුපැදියේ නංවාගෙන කිලෝමීටර් 23ක් පමණ පසු කොට අඹන්‍පොළ නිවසට පිරිස පැමිණ ඇත.
ඊට පසුව පසුදා මංජුල දනිඳුගේ පියා වන මහින්ද අමතා කෝටියක මුදල ඉල්ලා ඇත. කෝටියක මුදල ලබා දුනහොත් දරුවා නිදහස් කරන බවද මංජුල පවසා ඇත. එහෙත් මේ ආකාරයෙන් මහින්දට පැවසුවත් මුදල් තිබෙන්නේ මහින්දගේ මාමණ්ඩිය සන්තකයේ නිසා මංජුල විසින් දනිඳුගේ සීයාට දුරකථන ඇමතුමක් ලබාදී කෝටියක මුදලක් අවශ්‍ය බව දන්වා ඇත.

මේ ආකාරයෙන් කප්පම් මුදල් ඉල්ලූ බව ඔවුන් මීගලෑව ‍පොලිසියට දන්වා ඇත. එහෙත් මීගලෑව ‍පොලිසියට ඉක්මනින් තාක්ෂණික පරීක්ෂණයක් කර ගත නොහැකි නිසා ඔවුන් දැඩි ලෙස අපහසුතාවට පත්වී ඇත. මේ අතරතුර කප්පම්කරුවන් විසින් දිගින් දිගටම දරුවාගේ සීයා වන පුංචි බණ්ඩා මහතාට දුරකථන ඇමතුම් ලබාදී ඇත.

මෙම සිද්ධිය මුද්‍රිත මාධ්‍යය මෙන්ම විද්‍යුත් මාධ්‍ය මගින් දුටු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 31 වැනිදා උදෑසන ‍පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට දුරකථන ඇමතුමක් ලබාදී මෙහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස නියෝග කර ඇත.

ඒ අනුව ‍පොලිස්පතිවරයා විසින් ඒ සැණින් රහස් ‍පොලිසියට භාරදී ඇත. ඒ සඳහා ‍පොලිස් අධිකාරිවරයකුත් සහකාර ‍පොලිස් අධිකාරිවරයකුත් ‍පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු රහස් ‍පොලිසියේ 20 දෙනකු යොදවා ඇත.කෙසේ වෙතත් මීගලෑව ප්‍රදේශයට ගොස් ඇත්තේ ‍පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායම පමණි. ‍පොලිස් අධිකාරිවරයාත් සහකාර ‍පොලිස් අධිකාරිවරයාත් කොළඹ සිට ආරක්ෂක අමාත්‍යාංශය හා සම්බන්ධ වී දුරකථන සබඳතා පරීක්ෂා කර ඇත.

ඒ අනුව 31 වැනිදා රාත්‍රියේ මීගලෑව ප්‍රදේශයට ගිය රහස් ‍පොලිස් කණ්ඩායම නිවෙස් හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත. ප්‍රථමයෙන් දනිඳුගේ පියාගෙනුත් මවගෙනුත් සීයාගෙනුත් හා ඥාතීන්ගෙනුත් වශයෙන් වෙන වෙනම අලුයම 3.00 වන තෙක් ප්‍රශ්න කර ඇත. පසුව මෙහිදී පැරණි කතා පවා රහස් ‍පොලිසිය නිවැසියන්ගෙන් දැනගෙන ඇත.

මේ අතර කාලයේදී මංජු විසින් දිගින් දිගටම දුරකථන ඇමතුම් දනිඳුගේ සීයාට ලබාදී ඇත. ඒ සෑම වාරයකදීම දනිඳු ලබා දීම සඳහා රුපියල් කෝටියක මුදලක් ඉල්ලා ඇත.රහස් ‍පොලිසියේ උපදෙස් මත දනිඳුගේ සීයා විසින් අදාළ කප්පම් මුදල අඩු කර ගැනීමට කතා කොට ඇත. එහිදී සීයා පවසා ඇත්තේ තමන්ගේ අතෙහි එතරම් මුදල් ප්‍රමාණයක් නොමැති බවත් ලක්ෂ 35ක් පමණක් ලබාදීමට හැකි බවත්ය.

ඒ අනුව සැකකරුවන් එයට එකඟ වී ඇත. එපමණක් නොව මේ පිළිබඳව ‍පොලිසියට නොදන්වන ලෙස ද ඔවුන් දනිඳුගේ සීයාට දන්වා ඇත.මේ අනුව ලක්ෂ 35ක මුදල රැගෙන පළමුවැනිදා උදෑසන ඇහැටුවැව ප්‍රදේශයට පැමිණෙන ලෙසට මංජුල දනිඳුගේ සීයාට දන්වා ඇත. ඒ අනුව එදින ස්ථාන හතකට එන්න කීවත් දරුවා හෝ සැකකරුවන් පැමිණ නැත. අවසානයේ සීයා විසින් සැකකරුවන්ට පවසා ඇත්තේ තමන් රවටන බවත් ඒ නිසා දරුවා සිටිනවාද නැද්ද යන්න තමන්ට දැනගත යුතු බවය. ඒ සඳහා දනිඳු සමග කතා කිරීමට සලසන ලෙස සීයා ඉල්ලා ඇත.

සීයාගේ ඉල්ලීමට එකඟ වූ සැකකරුවන් අවසානයේ දනිඳුට දුරකථනය ලබාදී ඇත. එහිදී සීයා දුරකථනයෙන් විමසා ඇත්තේ පුතේ පුතාගේ නම මොකක්ද? කියාය. පසුව එයට දනිඳු උත්තර ලබාදී ඇත. පසුව පුතා දන්නවාද මේ කවුද කතා කරන්නේ යන්න නැවත සීයා විමසා ඇත. එවිට කුඩා දනිඳු තම සීයා බවට හඳුනාගෙන ඇත. පසුව දනිඳු කෑ බි සියලු තොරතුරු විමසා ඇති සීයා අවසානයේ රහස් ‍පොලිසියට දන්වා ඇත්තේ 'මේ තම මුනුපුරා නොවන බවත් මේ කාන්තාවකගේ කටහඬක් බවත්ය.

පසුව එම තොරතුරින් තිගැස්සුණු රහස් ‍පොලිසිය සැකකරුවන්ට දුරකථන ඇමතුමක් ගෙන ඇත. ඒ ‍පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා විසිනි. ඔහු දනිඳුගේ පියා ලෙස රඟපාමින් පවසා ඇත්තේ ලක්ෂ 35 ලබා දීමට දරුවා තමන්ට පෙන්වන ලෙසය. එහෙත් එයට සැකකරුවන් එකඟ වී නැත. අවසානයේ සැකකරුවන් පවසා ඇත්තේ දරුවා වෙනුවට දරුවා ජීවත්ව සිටින බවට දැන්වීම සඳහා දරුවාගේ කරේ තිබෙන පංචායුධයත් බෝ කොළයත් එක්තරා ස්ථානයකින් තබා යන බවය. ඒ අනුව අදාළ ස්වර්ණාභරණ දෙක පුල්ලයාර් දේව ප්‍රතිමාවක් ළඟින් තබා යාමට කොල්ලකරුවන් එකඟ වී ඇත.

එසේම අදාළ මුදල ද එතැනින් තබන ලෙස කොල්ලකරුවන් දන්වා ඇත. ඒ අනුව අදාළ මුදල ව්‍යාජ ලෙස සකසා ඇත.
ඒ අනුව රහස් ‍පොලිසිය එම දේව ප්‍රතිමාව සමීපයේ ආරක්ෂිත කැමරා සවි කර ඇත. එහෙත් සැකකරුවන් ඊට පෙර අදාළ ස්ථානයේ පංචායුධයත් බෝ කොළයත් තබා ගොස් ඇත.

අවසානයේ රහස් ‍පොලිසිය නැවත සැකකරුවන්ට ඇමතුමක් ලබා දුන්නද ඔවුන් එයට ප්‍රතිචාර දක්වා නැත.පංචායුධය හමුවීමත් සමග රහස් ‍පොලිසිය තීරණය කළේ සැකකරුවන් අවට ප්‍රදේශයේ සැරිසරන බවය. ඒ අනුව නැවත සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කළේය. එවිට එක් දුරකථනයක් ගල්ගමුව ප්‍රදේශයේ තිබෙන බවට තහවුරු විය.

ඒ අනුව රහස් ‍පොලිසිය එදින රාත්‍රියේම මෙහෙයුමක් දියත් කළේ අදාළ දුරකථනය ක්‍රියාත්මක වන තැන සෙවීමටය. ඒ තොරතුරු අනුව පළමු සැකකරු වන සංජීව විජේකෝන් අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගත් සංජීව දෙවන මෙහෙයුම් සඳහා රහස් ‍පොලිසිය යොදා ගත්තේය. එනම් සංජීව හරහා අනෙකුත් සැකකරුවන්ට දුරකථන ඇමතුම් ලබා දීමටය.

මචං සල්ලි ටික හම්බ වුණා. ‍පොඩි එකාව ගෙදරට ඇරලවලා වරෙන් යනුවෙන් සංජීව හරහා දුරකථන ඇමතුමක් මංජුලට ලබා දුන්නේය.ඒ වන විටත් මංජුල ඇතුළු තිදෙනා දරුවාත් සමග රැඳී සිටියේ ගල්ගිරියාගම ආරණ්‍ය සේනාසන භූමියේ පිහිටි ගල්ගුහාවකය. ඒ අනුව පිරිස යතුරපැදියේ දනිඳු නංවාගෙන මීගලෑව ප්‍රදේශයට පැමිණ ඇත. එසේ පැමිණෙන අවස්ථාවේ මංජුල පවසා ඇත්තේ දරුවා රැගෙන දරුවාගේ ගෙදරට ගියොත් ‍පොලිසියට අසුවන නිසා දරුවා වෙනත් ස්ථානයකින් දමා යන ලෙසය.
ඒ අනුව පිරිස ඇඹෝගම 18 කණුව ආසන්නයේදී නිවසක් අසලින් යතුරුපැදිය නවත්වා දරුවාට පවසා ඇත්තේ පුතේ අප්පච්චි ඉන්නවා ගේ ඇතුළේ, ඇතුළට යන්න කියාය. එසේ කියා දරුවා මග දමා පිරිස පැමිණ ඇත්තේ ඇඹෝගම නිවසටය. ඒ වන විටත් රහස් ‍පොලිසිය නිවස වටලා සිට ඇති අතර ඒ අවස්ථාවේදී පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් භාවිත කළ පිහි, අත් වැසුම්, මුහුණු ආවරණ සියල්ල අත්අඩංගුවට ගෙන ඇත. ඒ රාත්‍රී 10.30ට පමණය.සැකකරුවන් පවසා ඇත්තේ දරුවා පිරිස සමග සතුටින් සිටි බවය. එසේම මංජුල නමැති ප්‍රධාන සැකකරුට ද දරුවකු සිටින නිසා ඔහුට ඒ ගැන දුක සිතී දරුවාට හොඳ හැටි ආදරෙන් සැලකූ බවද ඔහු පවසා ඇත.

එසේම රහස් ‍පොලිසිය මීගලෑව ප්‍රදේශයේ මෙහෙයුම් කරන විට අදාළ සැකකරුවන් මුහුණට මුහුණ හමුවූ බවද ඔවුන් පවසා ඇත.
මොවුන් දරුවා සඟවාගෙන සිටි කාලයේදී එක් අයකු පමණක් නිවසේ සිට ඇති අතර අනෙක් තිදෙනා විවිධ රැකියාවන් සඳහා පිටත්ව ගිය බවද ඔවුන් අනාවරණය කර ඇත. එහෙත් සෑම මොහොතකදීම දරුවාගේ ආරක්ෂාව ගැනත් දරුවාට ලබාදෙන ආහාර ගැනත් අවධානය යොමු කළ බව ඔවුන් පවසා ඇත.

මෙහි ප්‍රධාන සැකකරු වන මංජුල තීරණය කර ඇත්තේ මෙම දරුවාගෙන් ලබා ගන්නා කප්පම් මුදලින් රුපියල් ලක්ෂ 25ක ණයත් ඔහු සමෘද්ධියෙන් සොරාගත් රුපියල් 35,000ක මුදලත් ගෙවා දැමීමටය.එසේම කප්පම්කරුවන් විසින් මෙම දරුවාට ගල්ගමුව ප්‍රදේශයෙන් අලුත් ඇඳුම් කිහිපයක්ද මිලදී ගෙන ඇත. ඒ දරුවා පිරිසිදුව තබා ගැනීම සඳහාය. එසේම ඊයේ (03) සවස දරුවා අවසානයේ රඳවාගෙන සිටි ගල්ගුහාවේ තිබි කිරි පැකට් පහක් ද ‍පොලිසිය විසින් සොයාගෙන ඇත. ඒ දරුවාට අවසන් මොහොතේ ආහාර වශයෙන් ලබා දීම සඳහා ගෙනා කිරි පැකට් බව සැකකරුවන් විසින් පා‍පෝච්චාරණය කර ඇත.පෙරේදා (02) සවස මොවුන් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඇත. වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ.
ගයාන් ගාල්ලගේ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive