සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ආරක්ෂකයෙකු විසින් වයස අවුරුදු 17 ගැහැණු දරුවෙකු අතවරයට ලක් කිරීමේ සිද්ධියට සැක පිට හිඟුරක්ගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ අතවරයට පත් දරුවාගේ මිත්තණිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය.
දුෂණයට ලක් වූ දරුවාගේ මිත්තණිය සිද්ධිය පිලීබඳව මෙසේ කියන්නීය.
‘සබරගමු මහ ඇමතිගේ ඉඩමක් මෙහෙ තියෙනවා. ඒක බලා ගන්න පොලීසියේ රාළහාමි කෙනෙක් හිටියා. පසු ගිය දවසක අපි ගෙදර හිටියෙ නෑ. ඒ රාළහාමි ඇවිත් උදේ 10.00 විතර මාගේ මිනිපිරිය දුෂණය කරලා තියෙනවා. පස්සේ අපි හිඟුරක්ගොඩ පොලීසියේ පැමිණිල්ලක් කළා. එම පැමිණිල්ල විභාග කරේවත්, රාළහාමි අත් අඩංගුවට ගත්තේ වත් නෑ. හැබැයි මහීපාල ඇමතිගේ අය අපිට කිව්වා ගෙදරට ඇවිල්ලා දරුවා ඒ රාළහාමි එක්ක යාළු වෙලා හිටියා කියලා කියන්න කියලා. ඒ විතරක් නෙවේ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්න කියලාත් කිව්වා. දරුවාට 17 යි. රාළහාමිට අවුරුදු 49 ක් වෙනවා. අපි ඉල්ලා සිටින්නේ නීතියට මුවා වෙලා බලය අයුතු ලෙස භාවිත කරන මේ අයට දඬුවම් ලබා දෙන්න කියලයි’

0 comments:
Post a Comment