facebook like

අනුර දිසානායකට රෙස්ට් කරන්න ඔහු ඇරෙස්ට් කරන යෝජනාවක්

රත්නපුරයේදි රිය අනතුරකට ලක් වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බැලීමට එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාද කොළඹ ජාතික රෝහලට ගියේය. ‘මොකක්ද අනුර වුණේ’ වික්‍රමසිංහ මහතා තොරතුරු විමසුවේය. රියැදුරාගේ වරදින් අනතුර වූ බව දිසානායක මහතා සඳහන් කළේය. ‘රියැදුරා කොහොම වුණත් අපි අවබෝධයෙන් විමසිල්ලෙන් ඉන්න ඕන. ඒ අයටම වගකීම බාරදීලා හරින්නේ නැහැ’ වික්‍රමසිංහ මහතා අනුරට අවවාද කරමින් කියා සිටියේය.
මේ අතර ජාතික රෝහලට රැගෙන ආ දෙදෙනා පරීක්ෂණ රැසකට භාජනය කළේය. අනුර දිසානායකගේ පපුව ප්‍රදේශයේ තෙරපුම නිසා හටගත් වේදනාව  පහව ගියේ නැත. අනතුරුව ඔහු ජාතික රෝහ‍ලේ 15 වාට්ටුවට ඇතුළු කිරීමට අධ්‍යක්ෂ අනිල් ජයසිංහ මහතා කටයුතු කළ අතර වෛද්‍යවරුන් කිහිප දෙනෙක් අනුර දිසානායක පරීක්ෂා කළේය. සියලු දෙනාම කියා සිටියේ වාහනයට සිදු වූ හානිය බලන විට අනුර දිසානායක බේරුණේ පුදුම විදියට කියාය. එදින පස්වරු රාත්‍රියේ තිලංග සුමතිපාල, ටිරාන් අලස්,  ජයන්ත කැටගොඩ පැමිණියේය. පසුදින කරු ජයසූරිය, අතුරලියේ රතන හිමි, අජිත් පෙරේරා, මර්වින් සිල්වා, සරත් ෆොන්සේකා, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු දේශපාලනඥයින් රැසක් අනුර දිසානායකගේ සුවදුක් බැලීමට පැමිණියේය. සරත් ෆොන්සේකා පැමිණි පසු නිමල් සිරිපාල ද  සිල්වා රෝහලට පැමිණියේය. ‘ඔබතුමා ටික දවසක් රෙස්ට් කරන්න’ නිමල් සිරිපාල කීවේය. ‘එහෙනම් ඉතිං ඔබතුමාලා අනුර දිසානායක මැතිතුමා ඇරෙස්ට් කරන්න’ සරත් ෆොන්සේකා කියා සිටියේය. අනුර බැලීමට ආ මර්වින් සිල්වා ‘ජනතාව ජීවත් වෙන්නනම් නායකයෝ ජීවත් වෙන්න ඕනෑ. මෙතුමා රටට අවශ්‍ය නායකයෙක්. එතුමා මේ රටට අවශ්‍යයි. ඒ නිසා එතුමාව බලන්න ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න මම ආවා’ යැයි කියා සිටියේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive