ගෞතම බුදුරජාණන් වහන්සේ උපත ලද ස්ථානය ලෙස හඳුනා ගෙන ඇති නේපාලයේ ලුම්බිණි උයන ලෝක සාම නගරයක් ලෙස සංවර්ධනය කිරීමට නේපාලය සැලසුම් කරයි.
දකුණු දිග නේපාලයේ පිහිටා ඇති පූජනීය ස්ථානය වටා වූ ප්‍රදේශය, සාමය සඳහා වූ ලෝක මධ්‍යස්ථානයක් හා බුදු දහම උගන්වන කේන්ද්‍රස්ථානයක් ලෙස පරිවර්තනය කිරීම සැලසුමේ මූලික අරමුණයි.
සංවර්ධනය සඳහා වූ යෝජනාව සිදු කළ කොරියානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන අටසීයක මුදලක් ආයෝජනය කිරීමට සුදානමින් සිටියි.
පූජනීය ස්ථානය අවට වූ ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන ගණනක් වැය වන අතර මීට පෙර ලුම්බිණිය ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ ලෙස පරිවර්තනය කිරීමට ගත් නොයෙක් උත්සාහයන් සඳහා එල්ල වූ විරෝධතා එල්ල වී තිබුණි.
ලුම්බිණි භුමිය තුළ ඇති මායා දේවී විහාරයේ සිදු කෙරුණු කැනීම් වලදී ලෝකයේ පැරණිතම බෞද්ධ නටබුන් සොයා ගැනීමෙන් අනතුරුවයි නව සංවර්ධන සැලසුම යෝජනා වී තිබෙන්නේ.
නව පුරාවිද්‍යා සොයා ගැනීමත් සමග ගෞතම සිද්ධාර්ථයන්ගේ උපත සිදු වූ දින වකවානුව සම්බන්ධයෙන් පවතින මතභේද පහව යනු ඇති බවට විශේෂඥයෝ විශ්වාසය පළ කරති.
ලුම්බිණියේ පිහිටි මායා දේවි විහාරය ඇතුළත දර්ශන රූගත ගත කිරීමට ලැබෙන දුර්ලභ ගනයේ අවස්ථාව බීබීසීයේ අන්බරාසන් එතිරජාන්ට හිමි විය.

0 comments:
Post a Comment