තම විවාහක බිරියගේ 12 හැවිරිදි නැඟණියව පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් රඳවා තබාගෙන ඇය දූෂණය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ පුද්ගලයකුට හලාවත පළාත්බද මහාධිකරණ විනිසුරු ආර්. අමල් රණරාජ මහතා රුපියල් විසි දහසක දඩයක් හා බරපතළ වැඩ ඇතිව වසර 17ක සිර දඬුවමක් පෙරේදා (6දා) නියම කළේය.
එයට අමතරව දැරියට රුපියල් පනස් දහසක වන්දි මුදලක් ගෙවීමටද නියම කළේය. මෙසේ දඬුවම් නියම වූයේ දංකොටුව දුම්මලකොටුව පදිංචි චර්චිල් චමිල් ධනුෂ්ක ලක්මාල් නමැති තරුණයකුටය.
2001 පෙබරවාරි මස 26 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී හලාවත මහාධිකරණ බල ප්රදේශයේ දංකොටුවේදී මවුපිය රැකවරණය යටතේ සිටි 12 හැවිරිදි බාල වයස්කාර දැරියක බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇය දූෂණය කිරීමේ චෝදනා දෙක යටතේ මෙම නඩුව පවරා තිබිණි.
විත්තිකරු අධි චෝදනා පත්රය ඉදිරිපත් කිරීමෙන් පසු තමන් නිවැරැදිකරු බව පැවැසීම නිසා නඩු විභාගය ඇරැඹිණි. පසුව සාක්කි ලබා ගැනීම ආරම්භ කළ පසු විත්තිකරු තමන් වැරැදිකරු බව පැවැසීම නිසා ඔහුට දඬුවම් නියම කෙරුණි.
රජයේ අධි නීතිඥ රිද්මා කුරුවිට මහත්මිය පැමිණිල්ල මෙහෙය වූ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ පාලිත විජේසිංහ මහතාද පෙනී සිටියේය.

0 comments:
Post a Comment