facebook like

තම කැමැත්තෙන්ම පාළු දූපතක දිවි ගෙවන අපූරු මිනිසෙක් (video)

ඩැනියෙල් ඩැංගෝ විසින් ලියා නිම කරන ලද රොබින්සන් කෲසෝ කෘතිය ලොව මුල්ම නවකතාව ලෙස සැලකෙනවා. මේ කෘතියේ අඩංගු වන්නේ තමුන් ගමන් ගත් නෞකාව සාගරයේ ගිලී යෑම නිසා දූපතක හුදෙකලා වූ රොබින්සන් කෲසෝ නම් නාවිකයා ගැනයි. එම අත්දැකීම් අලලා ලියැවුණු එම කෘතියෙ අදටත් ලෝ පුරා විශාල ලෙස අලෙවි වෙනවා.
එහෙත් සැබෑවටම පාළු දූපතක හුදකලා දිවියක් ගෙවනා රොබින්සන් කෲසෝ කෙනකු පිළිබඳ  මේ පුවත වාර්තා
වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන්. ඕස්ට්‍රේලියාවට අයත් ක්වින්ස්ලන්තයට කි.මී. 1500 තරම් ඈත සාගරයේ හුදකලා දූපතක මෙලෙස දිවි ගෙවන්නේ ඩේවිඩ් ගලාෂින් නම් පුද්ගලයෙකි. ගලාෂින් දැන් පාළු දූපතක දිවි ගෙව්වත් ඔහු මීට වසර ගණනකට පෙර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි දිවි ගෙවූ පුද්ගලයෙකි. ඔහු කෝටිපති ව්‍යාපාරිකයෙකි. එහෙත් 1987 දී ඕස්ට්‍රේලියානු කොටස් වෙළෙඳ‍පොළේ සිදුවූ බිඳ වැටීම නිසා ඩේවිඩ් ගැලැෂින් හට පවුම් මිලියන 6.5 කට වඩා පාඩුවක් සිදුවුණා. ඔහුට සියල්ල එපා වී දිවි නසා ගන්නා තැනට පත්වුණා. සියලු දේ නැතිවී ගිය පසු ඔහුට ඉතුරු වුණේ ක්වින්ස්ලන්තයට නොදුරු සාගරයේ පිහිටි පාළු දූපත සහ එහි තිබූ ගොඩනැගිල්ල පමණයි. ඩේවිඩ් ගලාෂින් මේ දූපත ක්වින්ස්ලන්ත රජයෙන් වසර 80කට බදුගෙන තිබුණේ වාර්ෂිකව පවුම් 13000 තරම් ඉහළ මුදලකට. හෙක්ටයාර් 1.5ක් විශාල මේ දූපත ගලාෂින් මිලට ගත්තේ සංචාරක පුරයක් හදන්න. හෝටල්, ක්‍රීඩාංගණ සහ මාලු බෑමට පහසුකම් සහිත සංචාරක නිකේතනයක් ගොඩනගලා ඉන් විශාල මුදලක් උපයන්න ඔහු සිතුවා. ඒත් සියල්ල බිඳ වැටෙන්න ඒ තරම් කාලයක් ගියේ නෑ.  අවසානයේ ගලාෂින්ට බලා‍පොරොත්තු වුණ ආයෝජනයට මුදල් ලැබුණේ නෑ. ඔහු දූපතේ තනි වුණා. ඔහුගේ තනියට ඉතුරු වුණේ කුඩි නම් බැල්ල පමණයි. දැනට වසර 25 ක් පමණ දිගු කාලයක්  මේ හුදකලා දූපතේ දිවි ගෙවනා ගලාෂින් මෙහි ඇති කුඩා නිවසට සූර්ය බලයෙන් විදුලිය ලබා ගන්නවා. ඔහු වැඩිපුර ඉන්නේ එළිමහන් තැනක.
එළවළු වගාව ඔහුගේ ප්‍රධාන විනෝදාංශය බවට පත්වෙලා. ඔන්ලයින් ක්‍රමයට තම නිෂ්පාදන විකුණන්න දැන් ගලාෂින් පුරුදු වෙලා.
රොබින්සන් කෲසෝත් කළා වගේ ගලාෂින් බිර පෙරන්නත් පුරුදු වෙලා  සමහර දාට ටිකක් වැඩි වෙන්න බිර බිලා එළිමහනේ නිදා ගන්න ඔහු කැමතියි. එහෙම වෙලාවට කුඩි ඔහු ළඟ නොසෙල්වී ඉන්නවා. පාළුව මකා ගන්න ඔහු ළඟ බෝනික්කකුගේ ආකෘතියක් තියෙන බව පැවසෙනවා. ඔහු තමුන්ට ගැළපෙන සහකාරිය අන්තර්ජාලයෙන් සොයා බැලුවත් පාළු දූපතක සිරවෙන්න කවුරුත් කැමති වෙලා නෑ.
සියලුදේම නැති වූ ගලාෂින්ට ඉතුරු වුණ පාළු දූපතත් නැතිවෙන තැනට වැඩ කටයුතු සිද්ධ වෙලා. මොකද දිගු කලකින් බදු මුදල් නොගෙවපු නිසා ක්වින්ස්ලන්ත රජය ගලාෂින්ට එරෙහිව උසාවි ගිහින්.
ඒත් මේ අපූරු මිනිසා එළවළු වවමින්, තමුන් විසින්ම නිපැයූ බිර බොමින් ගිටාරය වයමින් මේ පාළු දූපතේ සතුටින් ඉන්නවා. මුහුණ පුරා රැවුල වවාගත් ඔහුගේ සිරුර අව්වට දුඹුරු පැහැගෙන තිබෙනවා. ක්වින්ස්ලන්ත බලධාරීන් පැමිණ දූපතේ එළිවනතුරු එහි සිටින බව ගලාෂින් පවසනවා. කොහොම වුණත් ඩේවිඩ් ගලාෂින් ගැන අනුකම්පාවෙන් බලන්න ක්වින්ස්ලන්ත බලධාරීන් තීරණය කළ බව මෑතකදී ආරංචි වුණා.

 අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive