facebook like

අධ්‍යක්ෂවරියක් කිව්වා, 'මට ඔයත් එක්ක නිදාගන්න ඕනෙ' කියලා (video)...........ඉතින් මට ඒ තෑග්ග දෙන්න වුණා (video)

තමන්ගේ සුළු වෙනස්කම්වලින් හින්දි සිනමාවේ තීරණාත්මක දැවැන්ත විපර්යාසයකට ලක්කළ සුපිරි තරුවක් වුණු අමීර් ඛාන් පසුගිය දිනෙක Koffe with Karan වැඩසටහනකට සහභාගිවෙමින් ක්‍ෂේත්‍රය ගැනත් පෞද්ගලිකත්වය ගැනත් රසිකයන් මවිත කරන අදහස් වගයක් පළ කළා. සාමාන්‍ය නළුවකු සාමාන්‍ය වැඩසටහනක නොකියන බොහෝ කතා අමීර් ඛාන් Koffe with Karan වැඩසටහනේදී කිව්වේ මේ විදියට.

• ඔබ සිනමාවේ game changer කෙනෙක්ද?
රඟපෑම game එකක් නෙවෙයි. ඒක
සීරියස් වැඩක්. මට ගොඩාක් අසාමාන්‍ය චිත්‍රපට ලැබුණා. මං කරන්නෙ, මට කරන්න ආස හිතෙන චරිත. අධ්‍යක්ෂවරයා හෝ මා ගැන මට තක්සේරුවක් නෑ.

• සජීවී ප්‍රසංගවලට යන්න කැමැතිද?
ඔව්. ඒවයේ නටන්න ආසයි. ඒකෙන් මට වින්දනයක්, සැහැල්ලුවක් ලැබෙනවා.

• ඔබේ සිනමා තරුව සල්මාන් ඛාන්ද?
එයාට පුළුවන් දර්ශන තලයට ආපු ගමන්ම කිසිම තාක්ෂණයක් හෝ පෙර සූදානමක් නැතිව චරිතයට අනුගත වෙන්න. ඒක පුදුමයක්.

• ඔයා ගැහැනුන් දෙදෙනෙක් විවාහ කරගත්තා. මොකක්ද වෙනස?
මගේ වෙනස ගැන එයාලගෙන් අහන්න.

• ඔබේ ජීවිතේ නරක කාලය කුමක්ද?
බිරියගෙන් වෙන්වී හිටපු කාලය. ඒ කාලයේ නීතිඥවරු හමුවන්න, දික්කසාදය ගන්න සිද්ධ වුණා. අවු. 1 1/2 ක් විතර මගේ ගෙදර පහත මාලයේ තනියම දුක්වින්දා. බොන්නත් පටන් ගත්තා. හොඳ මිතුරන් ටිකක් මට මුණ ගැහුණා.

• ජීවිතේ ගැන හිතන්නෙ මොනවද?
ජීවිතේ කෙටියි. සමාව දීම උතුම් යැයි විශ්වාස කරනවා. තාම මං වැඩ කරන්නේ පරිපූර්ණ වෙන්න. ඒත් තාමත් නෑ.

• ඔයා ගැන ලොකුම කටකතාව මොකක්ද?
ගෑනු ගැන. ප්‍රීති සින්ටයි මමයි බැන්ද කියලා. තවත් ගොඩක් තියෙනවා.

• සල්මාන් ඛාන් කොටියෙක්ද?
නෑ. සිංහයෙක්.

• ඉන්දියාවේ සරාගිකම නිළිය කවුද?
කංගනා.

• විශිෂ්ට දේශපාලනඥයකු වූ නළුවෙක් ගැන කියන්න?
කිසිවෙක් නෑ. නළුවො හොඳ දේශපාලකයොද? එහෙම කෙනෙක් නම් නෑ. හැබැයි ගොඩක් නළුවෝ දේශපාලකයන් වෙලා.

• පියෙක්, සැමියෙක්, නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔබේ සාර්ථකත්වය සීයට කීයද?
50%යි.

• ඔබගේ හැම දෙයක්ම මධ්‍යම ප්‍රමාණයෙද?
ඔව්.

• නිදන කාමරයෙත් සාර්ථකත්වය 50%ක්ද?
සීරියස්ද අහන්නෙ? මං හිතන්නෙ 50%ක් විතර. ඒත්, මගේ බිරිය කිරන් නම් කියන්නේ අනිවාර්යයෙන්ම 50%ට වඩා ගොඩක් වැඩියිලු කියලා.

• සල්මාන්ගෙයි ෂාරුක්ගෙයි දකින අඩුව මොකක්ද?
ඔවුන්ගේ ශෛලීන්.

• තරුණ කාලේ සම්බන්ධ වෙන්න ආසාවෙන් හිටිය නිළිය කවුද?
අනිවාර්යයෙන්ම ශ්‍රී දේවි.

• ඔබේ ජීවිතේ අරමුණු වෙනස් කළේ කවුද?
මගේ දරුවන්.

• චිත්‍රපටයක් කරද්දි අමතක නොවන සිදුවීමක්?
චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන යුවතියක් ඇවිත් මට කිව්වා, 'මට ඔයත් එක්ක නිදාගන්න ඕනෙ' කියලා මගෙ මූණටම. ඉතින් මට ඒ තෑග්ග දෙන්න වුණා.
• කිසිදාක දේශපාලනය නොකළ යුතු නළුවා කවුද?
සල්මාන් ඛාන්.

සහන් ආකර්ශ වික්‍රමසිංහ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive