facebook like

අගමැතිකම දෙන්න හැදුවාම මෛත්‍රිපාල සිරිසේන ඒක එපා කිව්වා........අයියො...සිරිසේන

‘චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ජනාධිපති ධුරය දරන කාලයේ පොළොන්නරුවට හෙලිකොප්ටරයක් එවලා හෙට ඇවිත් අගමැති තනතුරේ දිවුරුම් දෙන්න ලෑස්තිවෙන්න කියලා මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට කියද්දී කවුද හිත හදාගෙන කියන්නේ මේ තනතුර මට අයිති නෑ. මේ තනතුර ලැබෙන්න ඕන මහින්ද රාජපක්‍ෂ මහත්තයාට කියලා’ යැයි ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව
පැවැසුවේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන දිවියට වසර 47කුත් පාර්ලිමේන්තු නියෝජනයට වසර 25කුත් සැපිරීම නිමිත්තෙන් පසුගියදා මැදිරිගිරිය ජනතාව සංවිධානය කළ උපහාර උත්සවයේදීය.
‘අද ඉන්න දේශපාලනඥයන්ගෙන් කවුරු හරි ඇවිල්ලා අගමැතිකමක් දෙනවා කිවුවම කවුද කියන්නේ ඒක මට එපා අර මනුස්සයට දෙන්න කියලා. ඒක තමයි දේශපාලනය කියන්නේ. දේශපාලනය කියන්නේ පරිත්‍යාගය’ යැයි ඒ මහතා උපහාර උළෙලේ ප්‍රධාන දේශනය පවත්වමින් පැවැසීය.
ඒ මහතා මෙසේද කීය.

‘ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් ධුරයේ වැඩිකාලයක් කාටවත් ඉන්න බෑ. දාම් ලෑල්ලේ ඉත්තො මාරු කරනවා වගෙයි මේකෙ කාලයක් ලේකම්වරු පත්වුණේ. එහෙව් පක්‍ෂයක අවුරුදු 13ක් අඛණ්ඩව නොදැවී මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් ධුරයට පත්වුණා. මේ තනතුර රැකගැනීම කැබිනට් අමාත්‍යකමක් දරනවාටත් වඩා අමාරුයි. ඒක තමයි එතුමාගේ හැකියාව.’
‘මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට මේ දේශපාලන පන්නරය ලැබුණේ වමේ දේශපාලනයෙන් දේශපාලන ජීවිතය අරඹපු නිසයි. වමේ පොත කියවපු නිසයි.’
‘කවදා හරි දවසක අපේ ඇමැති පට්ටම් යනවා. අපේ මන්ත්‍රි පදවි යනවා. මේ මනුස්සකම, මනුස්සකමට තියෙන ආදරය, මිනිසුන්ගේ ආදරය දිනා ගැනීම තමයි දේශපාලනඥයකුට ගන්න පුළුවන් උත්තරීතරම දායාදය.’

මෛත්‍රිපාල සිරිසේන කියන්නේ රජුන් ඇසුරු කරන දේශපාලනඥයෙක් වුවත් රාජ උෟෂ්ණය ඇඟට ගත්තේ නැති මිනිසෙක්. ජනතාවගේ දහදිය සුවඳ හඳුනාගත් දේශපාලනඥයෙක් නිසා තමයි පොළොන්නරුවේ ජනතාව වසර 25ක් තිස්සේ එතුමා අපරාජිත දේශපාලනඥයෙක් බවට පත් කළේ යැයිද සේනාරත්න මහතා පැවැසීය.
වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද කීය. මෛත්‍රිපාල සිරිසේන මහතා මේ රටේ ජනතාව වෙනුවෙන් විශාල කැපවීමක් කළ දේශපාලනඥයෙක්. 1967දී වාමවාදී දේශපාලන ගමන්මඟ ආරම්භ කරලා ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් පොළොන්නරුවෙන් දේශපාලනය ආරම්භ කළේ මීට වසර 46කට පෙර. එතැනින් ආරම්භ වුණු දේශපාලන ගමන 1979දී ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂයේ දිස්ත්‍රික් ලේකම්වරයා දක්වාත්, එතැන් සිට 1981 වන විට ශ්‍රී  ලනිපයේ සමස්ත ලංකා තරුණ සම්මේලනයේ ප්‍රධාන ලේකම් තනතුර දක්වාත් යෑමට එතුමාට හැකි වුණා. ඒ කාලේ තමයි මට තරුණ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා හමුවුණේ.
මෛත්‍රිට මේ දේශපාලන පන්නරය ලැබුණේ අන් කිසිවක් නිසා නෙවෙයි වමේ පොත කියවූ හින්දා. හරි වැරැද්ද තෝරා ගැනීමට හැකියාව ලැබෙන්නේ වමේ දේශපාලනයෙන් දේශපාලන ජීවිතය අරඹපු අයට විතරයි. වැරැදි කොපමණ කළත් ඒ වැරැද්ද මත පිහිටන්නේ නැතිව මේ ගමන එන්නට ඒ ආත්මශක්තිය ලැබුණේ වමේ දේශපාලනය නිසයි.
කවදාහරි අපේ ඇමැති පට්ටම් යනවා. අපේ මන්ත්‍රි පදවි යනවා. මේ මනුස්සකම මනුස්සකමට තිබෙන ආදරය මිනිසුන්ගේ ආදරය දිනා ගැනීම තමයි දේශපාලනඥයාට කරන්න පුළුවන් උත්තරීතර දායාදය. ඒක තමා අද මේ විශාල පිරිසක් දහස් ගණනින් මෛත්‍රිපාල සිරිසේන කියන යහපත් මනුෂ්‍යයාට ගොවි පුතාට උපහාර දැක්වීම සඳහා කටයුතු කර තිබෙන්නේ.

අද මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට කිසිම කෙනෙක් එතුමාට ඇඟිල්ල දිගු කරන්නේ නැහැ තමුසේ අහවල් දේ හොරකම් කරපු ඇමැතිවරයෙක් කියලා. අවංකව එතුමා සෞඛ්‍ය සේවාව තුළ කටයුතු කරනවා.
මම හැම කෙනාගේම උත්සවවලට යන කෙනෙක් නෙවෙයි. මමත් තෝරා බේරාගෙන තමයි යන්නේ. එන්න එන්න කියන මිනිසුන් ගැන කතා කළා නම් අපේ කෑලිත් මේ වනකොට නැහැ.
තමුන්නාන්සේලාට මතක් කරගත යුතු කාරණයක් මම කියනවා. එදා චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය හෙලිකොප්ටරයක් එවලා මේ පොළොන්නරුවට මේ මෛත්‍රිපාල සිරිසේනට කිව්වා තමුන්නාන්සේ හෙට ඇවිල්ලා අගමැති තනතුරේ දිවුරුම් දෙන්න ලෑස්ති වෙන්න කියලා. මේ මනුස්සයාගේ තියෙන නිහතමානීකම නිසා කිව්වා නෑ මේක මට අයිති දෙයක් නෙවේ. මේ තනතුර දිය යුත්තේ මහින්ද රාජපක්‍ෂ මහත්තයාට කියලා. ඒක තමයි පරිත්‍යාගය කියන්නේ. මම අහනවා කී දෙනකුට පුළුවන්ද මේ පරිත්‍යාගය කරන්න. කී දෙනකුට පුළුවන්ද හිත හදාගන්න. අද ඉන්න දේශපාලනඥයන්ගෙන් කවුරුහරි අද ඇවිල්ලා අගමැතිකමක් දෙනවා කිව්වාම කවුද ඒක එපා අර මනුස්සයාට දෙන්න කියලා කියන්නේ. ඒක තමයි දේශපාලනය කියන්නේ. දේශපාලනය කියන්නේ පරිත්‍යාගය.
එතුමාට තවත් දුර ගමනක් යෑමට තිබෙනවා. මේ රට හදන්නට. මේ රටේ සදාචාරය, ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සාධාරණත්වය හදන්නට අතිගරු ජනාධිපතිතුමා යන මේ ගමනට ශක්තියක් වෙමින් කටයුතු කරන්න ඔබතුමාට හැකියාව තිබෙනවා. මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන්, යහපත් සමාජයක් ඉදි කරන්නට මේ යන ගමනේදී ඔබ පසුපසින් ශ්‍රාවකයෝ වෙමින් කටයුතු කරන්නට අපි ඉන්නවා. ඒ සඳහා අපි ලෑස්තියි කියන කාරණයත් මම කියනවා යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive