facebook like

බංකොලොත් රනිල්-කරු-චන්ද්‍රිකා ජනපති සටනට එපා!

ඊළඟ ජනාධිපතිවරණය දිනන්න පුළුවන් ශක්තිමත් නායකයෙක් ලෙස සජිත් ප්‍රේමදාස පත්කරන ලෙස එ.ජා.ප.ය තුළම කෙරෙන අරගලය අද වෙනදාට වැඩිය ශක්තිමත් වෙලා තියෙනවා. එසේ නොකළහොත් වෙන්නේ ඊළඟ ඡන්දෙන් පැරැදිලා තවත් අවුරුදු හය හතක් එ.ජා.ප.යට විපක්ෂයේම ඉන්න යැයි දකුණු පළාත් සභාවේ හිටපු එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රි නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පැවැසීය.

අපි බලාගෙන ඉන්නේ එ.ජා.ප.යේ නම් කෙරෙන ජනාධිපති අපේක්ෂකයා
කවුද කියලයි. රනිල් වික්‍රමසිංහද, කරු ජයසූරියද, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මේ තුන්දෙනාගෙන් කවුද එන්නේ කියලයි. ඒ සඳහා දැනට සඳහන් කෙරෙන මේ නම් තුනම බංකොළොත් පුද්ගලයන්.

ගිය පාරත් එ.ජා.ප. නායකයා ඉදිරිපත් නොවී පොදු අපේක්ෂයෙක් ලෙස සරත් ෆොන්සේකා මහත්තයා ඉදිරිපත් කළේ රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් වෙන්න බැරි නිසානේ. මම කියන්නේ ඔය නම් කියපු තුන්දෙනා අවලංගු වෙච්ච නායකයෝ තුන්දෙනෙක්! ජනතාව ප්‍රතික්ෂේප කළ නායකයෝ තුන්දෙනෙක්! ඔය තුන්දෙනාගෙන් කවුරු ආවත් ආණ්ඩුව සියයට හැටපහක හැත්තෑවක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා. ඔය තුන්දෙනාම ඡන්දදායකයෝ ප්‍රතික්ෂේප කරන බහුතර ජනතා විශ්වාසයක් නැති යුද්ධයට සහයෝගයක් නොදුන්න නායකයෝ. කරු ජයසූරිය මහතා යුද්ධය යන අවස්ථාවේ ආණ්ඩුවට උදවු කළා කිව්වත් චැනල් ෆෝ කොටින්ට කත් අදින රූපවාහිනිය සිරිකොත පක්ෂ මූලස්ථානයට ගෙනැල්ලා පක්ෂයේ නම විනාශ කරන අවස්ථාවේ ඊට විරුද්ධව කරු ජයසූරිය වචනයක් කිව්වේ නැහැ. අපි ඒ වෙලාවෙත් කිව්වා මේ පක්ෂය විනාශ කරන්න පක්ෂයේ ද්‍රෝහීන් රටේ ද්‍රෝහීන් කරන වැඩක් කියලා. කරු ජයසූරිය ගෙනියන්නේ කන්න ඕන වුණාම කබරගොයත් තලගොයා කරගන්න ප්‍රතිපත්තියක්! එක්සත් ජාතික පක්ෂයට ඊළඟ ඡන්දය දිනිය හැකි බවට එහෙම ශක්තියක් මේ වෙනකම් ලබාගෙන නැහැ. ඉකුත් මාර්තු 29 වැනිදා බස්නාහිර හා දකුණු පළාත් සභා දෙකෙන් ආණ්ඩුවට 58% ප්‍රමාණයක්, එ.ජා.ප.ය 26% ප්‍රමාණයක්! එ.ජා.ප.ය 26%ක ප්‍රමාණයක ඡන්ද ලබලා ඉදිරි ඡන්දයක් දිනන්න පුළුවන් කියලා හිතනවානම් ඔවුන්ට ඉදිරියටත් ලැබෙන්නේ පරාජයක් පමණයි. නමුත් 58%ක ඡන්ද ප්‍රමාණයක් ගන්න ආණ්ඩුවේ ඇමැතිවරු නැහැ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive