මෙහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි දක්ෂ නිලධාරියෙකු මෙරට දේශපාලන ප්‍රවාහයට පැමිණීමේ වැදගත්කම පිළිබඳවද අදහස් පළ කළේය.
මිනිසුන්ගේ අහිංසකකම, දුප්පත්කම පාවිච්චි කරලා ඡන්ද ගැනීමේ, බඩු බෙදන සිල්ලර දේශපාලනයක් අද මේ රටට අවශ්‍ය කරන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ රට ඉදිරියේ ඇති අනාගත අභියෝග ජයගැනීමට ප්‍රගතිගාමී සැලැස්මක් සහිතව එම අභියෝගයන් මනා ලෙස ජයගත හැකි වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල කරා රට රැගෙන යාමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි දක්ෂ නිලධාරියෙකු අපේ රටේ දේශපාලන ප්‍රවාහයට සම්බන්ධවීම ඉතා වැදගත් කටයුත්තක් වෙනවා
මම ආරක්ෂක ලේකම් තුමා එක්ක මෙතන ඉන්න ගමන් කතා කළේ පසු ගිය කාලේ පත්තරවල ගිහින් තිබුණු එතුමා දේශපාලනයට එන බව කියන කාරණා ගැනයි.
එතකොට ආරක්ෂක ලේකම් තුමා කිව්වෙ ඒ දේවල් පත්තරවල ගියාට පස්සේ මෙතෙක් කල් හිතවත් වෙලා හිටපු අයත් දැන් කතා කරන් නැති බවයි.
ඇත්තටම රටට සේවයක් කළ ආරක්ෂක ලේකම් තුමා වගේ අය දේශපාලනයේ සජීවී ක‍්‍රියාකාරිත්වයේ නිරත විය යුතුයි. මෙවැනි චරිත ලංකාවේ දේශපාලනයේ කොයි පැත්තේ හරි ඉන්න ඕන’ යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
යුද්ධය අවසන් කිරීම කියන ඉලක්කය පසුපස හඹාගෙන ගොස් එය පරිපූර්ණ ලෙස ජයගැනීමට අපේ රජයට පුළුවන්වීම අපේ රට මෑත ඉතිහාසයේ ලැබූ විශාල ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය සඳහා මනා ලෙස කැපවුණු ඒ ජයග්‍රහණය කරා අපේ හමුදාවන් මෙහෙයවපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගේ ඉලක්කයන් හඹාගෙන ගොස් එම ඉලක්කයන් ජයගැනීමට පුළුවන් ලේකම්වරයෙක් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්වෙනවා නම් ඒක ඉතා වැදගත් සිදුවීමක් වෙනවා ” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

0 comments:
Post a Comment