facebook like

ඇමැති මර්වින් හිතවතකු බව කියමින් භික්ෂුවක් තම්මැන්නාකන්ද වනසයි...... අනේ මම ඕවාට නෑ - ඇමැති මර්වින්

කැබැතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික තම්මැන්නා කන්දේ පිහිටි 7 වැනි, 8 වැනි සියවස්වලට අයත් බව සැලකෙන පැරැණි සංඝාවාසයක නටබුන් එක්තරා හිමිනමක් විසින් කරන ලද අනවසර ඉදිකිරීම් හේතුවෙන් විනාශ වී යෑමේ අවදානමකට ලක්වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

අමාත්‍ය මර්වින් සිල්වා තම හිතවතකු බව පවසමින්,
අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන්ටද තර්ජනය කොට තම්මැන්නා කන්දේ ඉදිකළ නිවෙසක දරු පවුලක් පදිංචි කරවීමට එම හිමිනම ක්‍රියා කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති.


ඉපැරැණි ආරාම පද්ධතියකට අයත් සංඝාවාසයක නටබුන්, ටැම් ලිපි, ගිරි ලිපි, ගල්ලෙන් සහ ස්තූප ආදියට මෙන්ම වටිනා ශාකවලටද මෙම ඉදිකිරීම් නිසා හානි වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.


මෙම විනාශය රටට හෙළි කිරීම සඳහා ඒ පිළිබඳ සොයා බැලීමට එහි ගිය 'මව්බිම' මාධ්‍යවේදියාටද මම මර්වින් සිල්වා ඇමැතිතුමාගේ හිතවතෙක්, මාත් එක්ක හැප්පෙන්න එන්න එපා යැයි පවසමින් එම හිමිනම තර්ජනය කොට ඇත.
අතීතයේදී මහ රහතුන් පවා වැඩසිටි බවට ජනප්‍රවාදයේ එන තම්මැන්නා කන්දේ ඓතිහාසික නටබුන්වල ඡායාරූප සී. ඩී. පටවලට දමා ඒවා කොළඹ ප්‍රදේශයේ පුද්ගලයකු අතට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.


මේ භික්ෂුව තමන්ගේ හිතවතකු දැයි අමාත්‍ය මර්වින් සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා මෙසේ කීය.
'අනේ මම එහෙම භික්ෂුවක් ගැන දන්නෙත් නෑ. එයට මගේ කිසිම සම්බන්ධයකුත් ඇත්තෙත් නෑ. ඒවගේ අයට එරෙහිව රාජකාරිය හරිහැටි කරන්න. මම නීතිවිරෝධී වැඩවලට විරුද්ධයි.'
ඓතිහාසික තම්මැන්නා කන්දේ අනවසරයෙන් පදිංචි වී අනවසර ඉදිකිරීම් කරනා මෙම භික්ෂුවගේ අත්තනෝමතික ක්‍රියා කලාපය පිළිබඳ 'මව්බිම' කළ විමසීමකදී ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා පැවැසුවේ මෙවැන්නකි.


ආරණ්‍ය සේනාසනයක් යැයි පවසමින් මේ භික්ෂුව ඓතිහාසික තම්මැන්නා කන්දේ අනවසර ඉදිකිරීම් කරන බව අපට වාර්තා වුණා. අප කළ සොයා බැලීම්වලට අනුව මේ භික්ෂුව තම්මැන්නා කන්දේ පුරාවස්තුවලට හානි පමුවා ඇති බව තහවුරු වුණා. අනුරාධපුර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය හරහා මේ පිළිබඳ කැබැතිගොල්ලෑව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. ඉදිරියේදී පොලිසිය මඟින් පුරාවිද්‍යා ආඥා පනත යටතේ මෙ භික්ෂුවට එරෙහිව නඩු පවරනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳ 'මව්බිම' කළ විමසීමකදී කැබිතිගොල්ලෑව පොලිසියේ නිලධාරියකු පැවැසුවේ එවන් පැමිණිල්ලක් මෑත කාලීනව කැබිතිගොල්ලෑව පොලිසියට ලැබී නැති බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive