තමාට එරෙහිව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි එල්ල කළ චෝදනාවලට එරෙහිව රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා නඩු පවරන බව ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (07 වැනිදා) පැවැසීය.
ඥානසාර හිමි එල්ල කළ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා බැවින් තමාගේ කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි ඉල්ලා මෙලෙස නඩු පවරන බව ද ඇමැතිවරයා කියා සිටියේය.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (07 වැනිදා) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද කරුණු විමසූ බවත්, "රාජිත ඔය දේවල් ගණන් ගන්න එපා. නඩු පවරන්න" යෑයි ජනාධිපතිවරයා එහිදී උපදෙස් දුන් බව ද ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියේය.
"අන්තවාදයට කෙළවරක් නෑ. ජාතිවාදයට අම්බලමක් නෑ" යෑයි කී ඇමැතිවරයා මේ රටේ මුස්‌ලිම්, දෙමළ. සිංහල ඇතුළු අර සේනා, මේ සේනා යන සියලුම අන්තවාදී කණ්‌ඩායම් ඉවර කර දැමිය යුතු බව ද අවධාරණය කළේය.
ආණ්‌ඩුවේ කිසියම් කුමන්ත්‍රණයක් නිසා මෙවැනි ප්‍රකාශයක් සිදුවූ බවට පැතිර යන කතාව ඇත්තක්‌දැයි මෙහිදී මාධ්‍යවේදියකු විමසූ අවස්‌ථාවේදී ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා කියා සිටියේ මෙය තනිකරම කුමන්ත්‍රණයක් බවයි.
ඕනෑම තනතුරක් අතහැර දමා යන්නට සූදානම් යෑයි ද තමාගේ චරිතය ඝාතනය කරන්නට කිසිවකුට නොහැකි යෑයිද ඇමැතිවරයා කියා සිටියේය. "මගේ චරිතය ඝාතනය කරන්න කාටවත් බෑ. මගේ චරිතය ඝාතනය කරන්න පුළුවන්. මට පමණකැ" යි ද පැවැසීය.
බොදුබල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි කළ චෝදනාවලට එකින් එක පිළිතුරු දුන් ඇමැතිවරයා ඒ සියල්ලටම පදනමක් නැතැයි ද පල්හොරෙක් විසින් ලබාදුන් වැරදි තොරතුරු මත අදාළ හිමිනම මාධ්‍ය හමුවේ කටවාචාලකමට දොඩවා ඇතැයි ද සඳහන් කළේය.

0 comments:
Post a Comment