මෙම තරගය මහේල ජයවර්ධනගේ සමුගැනීමේ තරගය ලෙස නිවේදනය කර තිබුණද එවැනි ආකාරයෙන් සංගක්‌කාර ක්‍රීඩාගාරය වෙත යැම මත මාධ්‍ය කුටිය මෙන්ම තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්‍ෂකයන් තුළද දැඩි කුකුසක් හට ගැනිණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසාගෙන් 'දිවයින' කළ කරුණු විමසීමකදී, ''ලබන වසරේ වර්ල්ඩ් කප් එක වෙනකන් අපිට ටෙස්‌ට් තරග නැහැ. ඒක නිසා මෙය ශ්‍රී ලංකාවේ ඔහු ක්‍රීඩා කරන ලද අවසන් තරගය වෙන්න පුලුවන්. නමුත් එයා එහෙම යි කියලා කියා නැහැ'' යි සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකා කණ්‌ඩායමට ලබන වසරේ අගෝස්‌තු වන තෙක් ටෙස්‌ට් තරග නොමැතිවීමත් සහ වත්මන් ක්‍රිකට් ආයතන ලේකම්වරයා සහ ක්‍රීඩකයන් අතර පවතිනු ඇතැයි කියන අර්බුදකාරී තත්ත්වය මත ක්‍රීඩකයන් කලකිරීමට පත්ව මෙසේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සිදුවේද යන්න මෙම තත්ත්වයත් සමග ක්‍ෂේත්‍රයේ දැඩි ලෙස මාතෘකාවට බඳුන් වී තිබේ.
වත්මන් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුලු විධායක කමිටුවේ බහුතරයක් සාමාජිකයන් සහ ලේකම්වරයා අතර පවතිනු ඇතැයි කියන අර්බුදකාරී තත්ත්වය ක්‍රීඩා ඇමැතිවරයාගේ මැදිහත්වීම මත අවසන් වූ බවට පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළද මෙය තවමත් අවසන් වී නොමැති බවටද වාර්තා වේ.
එම තත්ත්වය මත පාකිස්‌තානය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට් තරගය අවසානයත් සමග ක්‍රිකට් ආයතන ලේකම් නිශාන්ත රණතුංග මහතා ඉල්ලා අස්‌වීමට නියමිතව තිබෙන බව පසුගියදා මාධ්‍ය වාර්තා පළ වූ නමුත්, ඔහු තවදුරටත් අදාළ ධුරයේ රැඳී සිටීම සඳහා ප්‍රයත්න දැරීම මත ධර්මදාස පාර්ශ්වය ඇතුලු ක්‍රිකට් විධායක සභාව වත්මන් පරිපාලනයෙන් ඉල්ලා අස්‌වීමට සූදානමින් සිටිනු ඇතැයිද 'දිවයින'ට වාර්තා වේ. කෙසේ වෙතත් ඒ සියලු තීරණ මහේලගේ සමුගැනීමේ ටෙස්‌ට් තරගය වන තෙක් තාවකාලිකව කල් දැමීමට ඔවුහු කටයුතු කර තිබෙන බවද මේ පිළිබඳව 'දිවයින' විසින් කරන ලද කරුණු විමර්ශනයකදී අනාවරණය විය.
චමිල කරවිට
divaina -
0 comments:
Post a Comment