facebook like

මහින්ද කාටද බය

මේ දවස්වල මහින්දගේ කාර්යාලයේ මේසය මත තියෙන්නේ සෝභිත හිමිගේ රැස්වීමේ රහස් ඔත්තු සේවා වාර්තාව බව නම් සැකයක් නැත. මහින්ද ඒක බල බල හිතන්නේ රැස්වීමට ආ නායකයන්ගෙන් පොදු අපේක්‍ෂකයා වෙන්නේ කවුද කියන එක විය යුතුය. පහත දැක්වෙන්නේ මහින්ද හිතනවා යැයි අනුමාන කළ හැකි විදිහය.

චන්ද්‍රිකා : "චන්ද්‍රිකා එන එක හරිම භයානකයි. චන්ද්‍රිකා ආවොත් අපේ මැති ඇමැතිවරු කී දෙනෙක් කැඩිලා යයිද දන්නේ නැහැ. ඔතන ඉන්න අපේක්‍ෂකයන්ගෙන් ඇමැතිවරු ඩැහැ ගන්න වැඩිම දක්‍ෂ චන්ද්‍රිකා. චන්ද්‍රිකා එනව නම් මෛත්‍රිලා, සුසිල්ලා, නිමල් සිරිපාලලාවත් ෂුවර් නැහැ. මේ ඔක්කොම චන්ද්‍රිකා එක්ක වැඩකරපු අය. චන්ද්‍රිකා ආවොත් අපිට ඇමැතිකම් ෂුවර් කියල මේ අය හිතයි. එක්කෝ මගේ කකුලෙන් අදියි. නැත්නම් කඩාගෙන යයි. අනෙක චන්ද්‍රිකා ආවාම මේක ආණ්ඩුවයි විපක්‍ෂයයි අතරේ සටනක් නෙමේ ආණ්ඩුව ඇතුළේ මගේ පවුලයි, ශ්‍රී ල.නි.ප.යයි අතර සටනක් වෙයි. ශ්‍රී ල.නි.ප. සංවිධායකවරු දෙපැත්තටම නැතුව ඉඳියි.

මම යටතේ මෛත්‍රිලා, නිමල්ලාගේ බලය අඩුයි. මට, ගෝඨාට, බැසිල්ට, නාමල්ට පස්සේ තමයි ඒ අය බලවත්. ඒත් චන්ද්‍රිකා යටතේ ඒ අයට උඩින් චන්ද්‍රිකා විතරයි. ඒක මේ අය දන්නවා. හැබැයි චන්ද්‍රිකාට ජ.වි.පෙ. සහාය ලැබෙන එකක් නැහැ. අනෙක චන්ද්‍රිකා එක්ක යූ.ඇන්.පී.කාරයෝ තරහයි. ඔය කොච්චර කිව්වත් යූ.ඇන්.පී.කාරයෝ 2004 ආණ්ඩුව විසිරෙව්වේ චන්ද්‍රිකා කියල අදටත් බනිනවා. ඒ නිසා යූ.ඇන්.පී.කාරයෝ ඡන්ද පොළට යන එකක් නැහැ. චන්ද්‍රිකා ආවොත් ආපහු ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවක් එයි කියල යූ.ඇන්.පී.කාරයෝ බයයි. විමල්, චන්ද්‍රිකා එක්ක යයිද දන්නේ නැහැ. හැබැයි හෙළ උරුමය නම් චන්ද්‍රිකා එක්ක යන්නේ නැහැ. දමිළ, මුස්ලිම්, කතෝලික ඡන්ද නම් කුට්ටිය පිටින් චන්ද්‍රිකා ගනියි."

රනිල් : "රනිල්ට පොදු අපේක්‍ෂකයා වෙන එක ලේසි නැහැ. ජ.වි.පෙ. කැමැති වෙන්නේ නැහැ. හෙළ උරුමය, විමල්ලා යන එකක් නැහැ. පොදු අපේක්‍ෂකයා වුණත් රනිල් පරද්දන එක ලේසියි. අපේ ඇමැතිවරුන්ට චන්ද්‍රිකා එන්න කියල කිව්වත් අපේක්‍ෂකයා රනිල් නම් යන්න බය වෙයි. රනිල්ට දිනන්න බැහැ කියල ඒ අය දන්නවා. මුස්ලිම් කොංග්‍රසය වුණත් පරදින්න රනිල් එක්ක යයි කියල හිතන්න අමාරුයි. රනිල්ට පොදු අපේක්‍ෂකකම දුන්නේ නැත්නම් රනිල් තනියම එයි. එතකොට ඔක්කොම චකබ්ලාස්ට්..."

ෆොන්සේකා : අනෙක් ඔක්කොම පක්‍ෂ සහාය දුන්නත් රනිල් හෝ ජ.වි.පෙ. ෆොන්සේකාට අපේක්‍ෂකකම දෙන්න දෙන්නේ නැහැ. ෆොන්සේකාට අපේක්‍ෂකකම හම්බ වුණත් ෆොන්සේකාට තරග කරන්න පුළුවන්ද බැරිද කියල තීරණය කරන්නේ මමයි. ෆොන්සේකාට තරග කරන්න බැහැ කියලා මැතිවරණ කොමසාරිස්ම තීන්දුවක් දුන්නොත් වැඩේ ඉවරයි. ෆොන්සේකා ආවොත් හෙළ උරුමය ෆොන්සේකා එක්ක යයි. ෆොන්සේකා එක්ක විමල්ට ප්‍රශ්න තිබුණාට ෆොන්සේකා එක්ක යන්න හේතුවක් හදා ගන්න විමල්ට අමාරු නැහැ. අපේ ඇමැතිවරුත් ෆොන්සේකා එක්ක යයි. මුස්ලිම් කොංග්‍රස් වුණත් පැනල යයි. කොහොම වුණත් ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය ප්‍රශ්නය තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ."

ශිරාණි : "ශිරාණි නිර්පාක්‍ෂිකයි. ඒක තමයි ශිරාණිට තියෙන පළවැනි වාසිය. දෙක ශිරාණි අලුත්. 94 චන්ද්‍රිකා ආවා වගේ අලුත් දේශපාලන කාන්තාවක්. ශිරාණි මහාචාර්යවරියක්. හිටපු අගවිනිසුරුවරිය. ශිරාණි එක්ක කිසිම පක්‍ෂයකට ප්‍රශ්නයක් නැහැ. එයා පක්‍ෂ එක්ක වැඩකරල නැති නිසා එයා එක්ක කවුරුත් ප්‍රශ්න හදාගෙන නැහැ. ශිරාණි නිර්පාක්‍ෂික නිසා ශිරාණි දින්නොත් ආණ්ඩුව අපේ කියල යූ.ඇන්.පී.කාරයොත් හිතයි. ජේ.වී.පී.කාරයොත් හිතයි. ශ්‍රී ලංකාකාරයොත් හිතන්න බැරි නැහැ. චන්ද්‍රිකා ඉල්ලන්නේ නැතුව පොදු අපේක්‍ෂකයකුට සහාය දෙනවා නම් අපේ මැති ඇමැතිවරු කඩන්න හොඳම අපේක්‍ෂකයා ශිරාණි. සිංහල බෞද්ධකම, ඔසරිය අඳින බණ්ඩාරනායක මැතිනිය වගේ ගමේ කතාව ඔක්කොම ශිරාණිට තියෙනවා.

මිනිස්සුන්ගේ අනුකම්පාව දිනා ගන්නත් දක්‍ෂයි. දෝෂාභියෝගයේදී හැමෝම එකතු කර ගන්න ශිරාණිට පුළුවන් වුණා. ඒ වුණාට 18 ව්‍යවස්ථා සංශෝධනයට තීන්දුව දුන්නා කියල ආණ්ඩු විරෝධී මිනිස්සුන්ගේ චෝදනාවක් තියෙනවා. ඔය චෝදනාවම ජේ.ආර්. පත් කරපු හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන්ටත් තිබුණා. 78 ව්‍යවස්ථාවටයි සංශෝධනවලටයි තීන්දු දුන්නා කියලා. ඒත් ජේ.ආර්. එක්ක හැප්පිලා එළියට ආවාම වීරයා වුණා. 1988 ජනාධිපතිවරණයේදී ජ.වි.පෙ. නිර්පාක්‍ෂික අපේක්‍ෂකයා හැටියට යෝජනා කළේ නෙවිල්ව. මේ හැම අපේක්‍ෂකයෙක්ටම වඩා ජාත්‍යන්තර සහාය දිනා ගන්න පුළුවන් ශිරාණිට, දෝෂාභියෝගයේදී කරපු පරිත්‍යාගයට ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙනවා. අනෙක ලෝකයේ බොහෝ රටවල ව්‍යවස්ථා වෙනස් කරන්න නිර්පාක්‍ෂික අපේක්‍ෂකයෝ හැටියට තෝරා ගන්නේ හිටපු අගවිනිසුරුවන්ව. නඩු දමල ශිරාණිව බය කරන්නත් බැහැ. ආකර්ෂණය අතින් මගෙත් එක්ක හැප්පෙන්න පුළුවන් ඔතන ඉන්න එකම අපේක්‍ෂකයා අලුත් කාන්තා චරිතයක් හැටියට ඇයයි. 94 චන්ද්‍රිකා ආවේ අලුත් නායිකාවක් හැටියට. 2005 මමත් ආවේ අලුත් නායකයෙක් හැටියට. අපේ මිනිස්සු අලුත් අයට කැමැතියි.

ඒ වාසියත් ශිරාණිට. අනෙක අපේ රටේ බය නැති ගෑනුන්ගේ දේශපාලනයට පුදුම ඉල්ලුමක් තියෙනවා. එහෙම බලනකොට ශිරාණි චන්ද්‍රිකාට වැඩිය භයානකයි. නිර්පාක්‍ෂික නිසා විමල්ලා, හෙළ උරුමයත් යයි. දෝෂාභියෝගයේදී ටී.එන්.ඒ. දුන්න සහාය බලනකොට සුළු ජාතික ඡන්දත් ගනීවි..."

මේ මහින්ද හිතනවා යැයි අනුමාන කළ හැකි විදිහය. මේ ඔක්කොමටම වඩා අපේක්‍ෂක ලැයිස්තුවේ සෝභිත හිමි ඉදිරියෙන් ඉන්නා බව මහින්ද දනී. මහින්දගේ සිංහල බෞද්ධ ඡන්ද කඩන්න පුළුවන් එකම අපේක්‍ෂකයා සෝභිත හිමි බවත් මහින්ද දනී. චන්ද්‍රිකා ආවත් ශිරාණි ආවත් ෆොන්සේකා ආවත් රනිල් එ.ජා.ප. අපේක්‍ෂකයා හැටියට එන බව මහින්ද දනී. හැබැයි සෝභිත හිමි ආවොත් රනිල්ට එන එක ලේසි නැති බව මහින්ද දනී. විමල්ලාට සහ චම්පිකලාට ලැජ්ජා බයක් නැතුව සෝභිත හිමිගේ අපේක්‍ෂකත්වයට සහාය දිය හැකි බවත් මහින්ද දනී.


'මහින්ද මොකක් කරයිද...?'
මහින්ද මොකක් කරත් ඉන්නේ බය වෙලාය. හතුරෝ එකතු වෙලා නිදහස නැති කරන්න සන්ධාන හදනවා යැයි ඩලස් කියන්නේ ඒ නිසාය. ඇත්තටම ජනාධිපතිවරණයට යන්න දත කට මැදගෙන සිටි මහින්දව බය කළේ සෝභිත හිමිය. ජනාධිපතිවරණයක් ඕනෑද එපාද කියා විපක්‍ෂයෙන් ඔච්චමට අහපු මහින්ද ජනාධිපතිවරණයක්ද මහ ඇමැතිවරණයක්ද කියල කියන්න පටන් ගත්තේ සෝභිත හිමිගේ සන්ධානයට පසුවය. එහෙම බලනකොට අද රටේ ප්‍රධාන විපක්‍ෂය සෝභිත හිමිගේ ව්‍යාපාරයය. සෝභිත හිමිත් පන්සලේ වැඩක් බලාගෙන හිටියා නම් මහින්දට රජ මඟුල්ය. රනිල් එ.ජා.ප. අපේක්‍ෂකයා හැටියට ආවත් ජ.වි.පෙ. එකඟ කරගෙන පොදු අපේක්‍ෂකයෙක් සෝභිත හිමිගේ ව්‍යාපාරයෙන් ආවොත් මහින්දව පරද්දන්න වැඩි චාන්ස් තියෙන්නේ ඒ අපේක්‍ෂකයාටය. පැරදුණත් සෝභිත හිමිගේ අපේක්‍ෂකයා දෙවැනියාය. ඊළඟ මහ මැතිවරණයේදී මෙරට ප්‍රධාන විපක්‍ෂය වන්නේ සෝභිත හිමිගේ ව්‍යාපාරයය. විපක්‍ෂ නායක වන්නේ ඒ ව්‍යාපාරයේ අපේක්‍ෂකයාය.

සාමාන්‍යයෙන් ඉතිහාසය කියවන විට මෙවැනි ව්‍යාපාර දමන අපේක්‍ෂකයන් පරාජය වී නැත. 1956 බණ්ඩාරනායක ආවේ මෙවැනිම වූ මෙයට වෙනස් බෞද්ධ කොමිෂන් වාර්තාව පදනම් කරගත් සිංහල බෞද්ධ ව්‍යාපාරයකින්ය. 1994 චන්ද්‍රිකා ආවේ මෙවැනිම ව්‍යාපාරයකින්ය. ඒ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ රාජ්‍ය නොවන සංවිධාන එක්කය. මේ විදිහටම 1990 දශකයේ මුල් භාගයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රේමදාස පරද්දන්න ඔක්කොම පක්‍ෂ එක තැනකට ගෙන ආහ. සෑම පක්‍ෂ නායකයෙක්ම අත ඔසවා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රතිඥා රකින්න සහතික විය. මේ ඒ ඉතිහාසයේ තුන්වැනි අවස්ථාවය. මේ අවස්ථාව විසින් නිර්මාණය කරනු ලබන නායකයා හෝ නායිකාව මේ රටේ අනාගත නායකයා හෝ නායිකාවය. මේ අවස්ථාව නැති කරන නායකයා හෝ නායිකාව කවුද ඔහු හෝ ඇය යන්නේ ඉතිහාසයේ කුණු බක්කියටය.



උපුල් ජෝශප් ප්‍රනාන්දු

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive