වයස අවුරුදු 82ක අම්මව බලාගන්න දරුවෝ මෙහෙම රණ්ඩු වෙන්න අවශ්‍ය නෑ. අම්මා කොහේ හිටියත් කමක් නෑ එතැනට ගිහින් දරුවන්ට ඇයට සලකන්න පුළුවන්. දෙගොල්ලොම එකතුවෙලා අම්මට සලකන්න. ගැටුම් ඇතිකරගන්න එපා යැයි මහර මහෙස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය දෙපාර්ශ්වයටම තරයේ අවවාද කළාය.
එකම පවුලේ වැඩිමහල් සහෝදරිය ළඟ සිටින අම්මා ලබා ගැනීම සඳහා බාල සොහොයුරා මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැරූ නඩුවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර හටගෙන ඇති ආරවුලක් සම්බන්ධව මහෙස්ත්‍රාත්වරිය මෙසේ අවවාද කළාය.
පළමුවැනි පාර්ශ්වකරු (පුතා) අපට අම්මාගෙන් කිසිවක් අවශ්‍ය නෑ. අම්මා අපිට දියයුතු සියල්ල දීලයි තියෙන්නේ. අපි අම්ම බලන්න යන විට අක්කා අම්මව කාමරයකට දාලා හංගනවා. අපට අම්මා බලන්නවත් දෙන්නේ නෑ. උතුමාණෙනි කොහොමද ඉතින් අපි අම්මා බලන්නේ.
දෙවැනි පාර්ශ්වය
(ලොකු අක්කා): අපි ළඟ අම්මා සතුටින් ඉන්නවා. ඇයි? අම්මා ඉල්ලන්නේ. අම්මා දෙන්න බෑ. අම්මා කැමැති ලොකු දුව වන මා ළග ඉන්නයි. ඇයි අම්මගේ සතුට නැති කරන්නේ. අම්මා දෙන්නේ නෑ.
අවුරුදු 82ක් වයස අම්මාව බලාගන්න මෙහෙම රණ්ඩු වෙන්න එපා. දෙගොල්ලන්ම එකතුවෙලා අම්මව හොඳින් බලාගන්න. අම්මා කෙනෙක් බෙදල දෙන්න මට බෑ යැයි පැවැසූ මහෙස්ත්‍රාත්වරිය දෙපාර්ශ්වයටම සාමදානයෙන් අම්මාට සලකන්න යැයි පවසා ප්‍රගතිය සම්බන්ධව කරුණු වාර්තා කිරීමට පොලිසියට නියම කර නඩුව ඔක්තෝබර් 27 වැනි දිනට කැඳවීමට නියම කළාය. කඩවත පොලිසිය නඩුව අධිකරණයට ඉදිරිපත්කර තිබිණි.

0 comments:
Post a Comment