facebook like

94දි තිරය පිටුපස කරපු දේවල් සනත් හෙළි කරයි

මේ 2014 අගෝස්තුවයි. හරියටම මීට වසර විස්සකට එපිට 1994 අවුරුද්දේ අගෝස්තුවේදී ලාංකික දේශපාලනය උඩුයටිකුරු කළ බල පෙරළිය සිදුවිණි. හරියටම මීට වසර 20කට පෙර අගෝස්තුවේදී පොදුජන එක්සත් පෙරමුණ ඉදිරියේ 17 වසරක් රජ කළ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව දණ ගැසුවේය. 17 වසරක පාලන ඒකාධිකාරියක් පෙරළා දමා නව ආණ්ඩුව පිහිටුවීම පිටුපස තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ අය අතර ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකද සිටියේය. පසුව ඔහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ මාධ්‍ය උපදේශක තනතුරටද පත් වුණේය. ඔහු 1994 බල පෙරළියේ තිරය පිටුපස ඔහුගේ භූමිකාව ප්‍රථම වතාවට පුවත්පතකට හෙළි කරන්නේ මෙලෙසිනි.

ඔබ මගෙන් අහන්නේ අවුරුදු විස්සක අතීතය. මීට පෙර කිසිකෙනෙක් මගෙන් නෑසූ දෙයක්. කවුරුවත්ම මගෙන් අහලා නෑ. මට කියන්න පුළුවන් සම්පූර්ණයෙන්ම මේක පිටිපස්සෙ හිටිය මිනිහා මම කියලා. හැබැයි මං කිසිසේත් එහෙම කියන්නේ නෑ. මොකද මම බොහෝ ක්‍රියාකාරකම් දැක්කා. මට පුළුවන් වුණා ඒ ක්‍රියාකාරකම් එකල පවතින රජයෙන් තිබුණ යම් යම් බාධාවන් මැඬපවත්වමින් හරියටම මහජනයාට සන්නිවේදනය කරන්න. මේ කතාව පටන් ගන්න කලින් නැවත නැවතත් මං කියන්නේ මට මේ රජය වෙනස් කිරීමේ ගෞරවය හිමි විය යුතු නෑ. එහි ගෞරවය යන සුවිශේෂී කණ්ඩායමක් පක්‍ෂය ඇතුළේ ඉන්නවා. මම පක්‍ෂයට පිටස්තරයෙක් විතරයි. මේ කියන වකවානුවදි එක්සත් ජාතික පක්‍ෂයට හිමිවෙලා තිබුණ දකුණු පළාත් සභාව ෆ්‍රැන්සිස්කුකරණය කියන ක්‍රියාවලියක් නිසා බිඳ වැටෙනවා. දකුණු පළාත් සභාව නැවතත් වමට ලැබීම නිසා තමයි මේ ගමන පටන් ගන්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළේ දිස්ත්‍රික්ක වශයෙන් නායකත්වය ශක්තිමත් වෙමින් තිබුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්‍ෂ, ගාල්ල දිස්ත්‍රික්කයෙන් රිචඩ් පතිරණ, මාතරින් මංගල සමරවීර, මහනුවරින් දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තත්, නුවරඑළියෙන් එස්.බී. දිසානායක, කළුතරින් රත්නසිරි වික්‍රමනායක, අනුරාධපුරයෙන් බර්ටි ප්‍රේමලාල්, මීගමුවෙන් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, පොළොන්නරුවෙන් මෛත්‍රිපාල සිරිසේන වගේ කණ්ඩායමක් පක්‍ෂය ඇතුළත් පිටතත් ශක්තිමත් වෙමින් හිටියා. මේ මට මතක කීප දෙනෙක් පමණයි. තව ධර්මසිරි සේනානායක වැනි පතාක ජනනායකයන් රාශියක් චන්ද්‍රිකා මැතිනියගේ සහායට හිටියා. ඩාලි රෝඩ් එකේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානය භාරව සිටිය ආරියසේන මහත්තයාගේ ඉඳලා විශාල ක්‍රියාකාරීත්වයක් පෙනෙන්න තිබුණා.


මේ වකවානුව තුළ මම එක්සත් ජාතික පක්‍ෂයෙන් පළාත් සභාවට ඇවිල්ලා වසරකට ආසන්න කාලයක් එහි ඉඳලා එතැනින් නිදහස් පුද්ගලයෙක් විදියට එළියට බැහැලා ආවේ වෙනත් පක්‍ෂයක සාමාජිකත්වය ගන්නවත් වෙනත් පක්‍ෂයකට අනුග්‍රහයක් දෙන්නවත් නෙවෙයි. එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්වීමට මට බලපාන්නේ සිනමාවට මා ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණු දායකත්වය නොලැබීමයි. ඒක පිළිගන්න නොපිළිගන්න පිරිස් ඉන්න පුළුවන්. මං කියන්නේ මගේ හෘද සාක්‍ෂියට අනුව සිද්ධ වෙච්ච දේ.


ඊට පෙර මම ගාමිණී දිසානායක කියන ලංකාවේ පහළ වෙච්ච අති දක්‍ෂ ජනපති පුටුවට පවා තරග කරන්න උත්සාහ කළ ඒක ඉලක්ක කරගෙන වැඩකරපු ඇමැතිවරයාගේ ටෙලිවිෂන් සම්බන්ධයෙන් මාධ්‍ය උපදේශක විදියට වැඩ කළා. එතැනදී මම මාග්‍රට් තැචර් වෙනුවෙන් වීඩියෝ එකක් කළා. මාග්‍රට් තැචර් වික්ටෝරියා එක ඕපන් කරන්න එනකොට දවස් දෙකක් ඇතුළත මම හැදුවා '‍ෙදාළොස් මහේ ගංගාව' කියලා විනාඩි 12ක පොඩි වාර්තා චිත්‍රපටයක්. ඒක දැකලා ගාමිණී දිසානායකට විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා මාග්‍රට් තැචර්ගෙන්. එතැනින් පස්සේ තමයි ගාමිණී දිසානායක මාව රිලීස් නොකර දිගටම එයා ළඟ තියාගන්නේ.

මේ දේවල් හරියටම දැනගෙන හිටිය කෙනෙක් තමයි නවීන් ගුණරත්න. නවීන් ගුණරත්න මාව අඳුර ගත්තෙත් ගාමිණී දිසානායක ඇමැතිතුමා හරහා. නවීන් මගෙත් මිත්‍රයෙක්. චන්ද්‍රිකා මැතිනියගේත් මිත්‍රයෙක්. පළාත් සභාවේ ඉන්න කාලෙත් ඊට කලිනුත් විජයගේ බිරිය විදියටත් මම චන්ද්‍රිකා මැතිනිය දැනගෙන හිටියා. චන්ද්‍රිකා මැතිනිය ඇතුළු පිරිසක් මහමැතිවරණයට සූදානම් වෙමින් කිසියම් ආකාරයක තමන්ගේ මැතිවරණ කැම්පේන් එක සංවිධානය කරමින් ඉන්න අතරතුර නවීන් ගුණරත්න මාව එතැනට කැඳවාගෙන යනවා. මාව බලෙන් ඇදගෙන ගියා නෙවෙයි. හැබැයි හරියටම කරුණු කියලා එක්ක ගෙන ගිය ගමනකුත් නෙවෙයි. ඔහු මාව ගෙනිච්චෙ ඔවුන් මේ කටයුතු සංවිධානය කරමින් සිටින ස්ථානයකට. එතනදී එතුමිය මගෙන් යම් යම් දේවල් විමසනවා. චන්ද්‍රිකා ගාවට මාව අරන් යද්දි එතැන රැස්වීමේ හිටියේ වික්ටර් අයිවන්ලා ඇතුළු කිහිප දෙනෙක්. ඒ ගොල්ලන්ගේ සාකච්ඡාව යනවා. එතැනදි මැතිනිය පෝස්ටර් එකක් අතට අරන් ආ... සනත් කොහොමද මේක හොඳද කියලා මගෙන් අහනවා. මං කියනවා 'හොඳයි මැඩම්' කියලා. කොහොමද මේ පෝස්ටරේ ගැහුවොත් කියලා මගෙන් අහනවා. මං කියනවා ගැහුවොත් අලවයි ඕකට උඩින්, එක දවසින් ඕක ඉවරයි කියලා. මොකද ඒ තරම් ආකර්ෂණීය පෝස්ටරයක්. එතකොටම මැඩම් බලනවා මගේ දිහා. සාකච්ඡා කර කර හිටිය අයගේ මූණු බලන් ඉද්දි මැළවිලා යනවා. එතැන ඉඳන් තමයි ඒගොල්ලෝ මට ඊර්ෂියා කරන්න පටන් ගත්තේ. සමහර විට මගේ මූණකට නහය ලස්සන නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් මං දන්නෑ මට ඒ තරම් ඊර්ෂියා කරන්න හේතුව මොකක්ද කියලා.


ඊළඟට මට සිද්ධ වෙනවා යම් යම් ආකාරයෙන් උපදෙස් දෙන්න. නවීන් මාව තදබල ලෙස එතැනට තල්ලු කරනවා. විකල්ප මාධ්‍යවලින් කළ හැකි යම් යම් කටයුතු පිළිබඳ මට තිබුණු සුළු දැනුම මං ඒ වෙලාවේ ලබා දෙනවා. නමුත් ඒ සුළු දැනුම එතැනදි ඉතාම වැදගත් වෙනවා. ඒ වෙනකොට ප්‍රබල චැනල් දෙකයි තිබුණේ. ස්වාධීන රූපවාහිනියයි. ජාතික රූපවාහිනියයි. ඒ දෙකත් පවතින රජයට සම්බන්ධවෙලා තිබුණේ. එතැනදි යම්කිසි ආකාරයක නව නායකත්වයක් පිළිබඳ පණිවුඩයක් ගම් නියංගම්වලට අරගෙන යන ක්‍රමය යෝජනා කළේ මම. අපේ සමහර රැස්වීම්වල විශේෂ අවස්ථා ටෙලිවිෂන් එකෙන් විකාශය නොකරන නිසා වෙනම කැමරාවක් දාලා ඒ කොටස් අරගෙන රැස්වීම් තියන්න බැරි තැන්වලට මේවා යැවීම මම කළා. එස්.බී. දිසානායක මහත්තයා කියන්නේ අපිට හිටිය හොඳම කථිකයෙක්. ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ, අනුරුද්ධ රත්වත්තේ වගේ ඉතාම දක්‍ෂ කථිකයන්ගේ ආකර්ෂණීය කතා ගම් නියංගම්වලට අරගෙන යන වැඩපිළිවෙළක් හැදුවා. මං අවංකවම වැඩ කළා. ඒ නිසා තමයි පසුකාලීනව චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති තනතුරට ආවට පස්සේ මාධ්‍ය කටයුතු මට භාර ගන්න වෙන්නෙ.


මේ සන්නිවේදන කටයුත්තෙදි මම දෙයක් කළා. අද වගේ නම් කාර්යාලයෙන් එළියට බැහැලා ඇවිදිනකොට, නගරයේ ඇවිදින කොට විශාල බිල්බෝඩ් තියෙනවානේ. ඒවායේ ඇඩ්වටීස්මන්ට් හෝ ගාලා යනවා. නමුත් මීට අවුරුදු 20කට කලින් ඒවා තිබුණේ නෑ. මං කළේ විශාල රූපවාහිනි තිර ගම් නියංගම්වලට යැව්වා ප්‍රොජෙක්ටර්ස් එක්ක. එතකොට ගම්වල මිනිස්සු මේවා බලන්න එනවා. හරියට ටී.වී. එකක් බලන්න එනවා වගේ. ඒක ඇතුළේ මේ කතන්දරේ යනවා. අපි කරපු විනාඩි දහයේ වාර්තා චිත්‍රපට තිබුණා. චන්ද්‍රිකා මැතිනිය පිළිබඳ, බණ්ඩාරනායක මැතිතුමා පිළිබඳ කරපු පොඩි පොඩි කතන්දර වගේ ඒවා දානවා. ඒවා ආකර්ෂණීය විදියට තමයි හැදුවේ. නිකන්ම වාර්තා ගත ශෛලියෙන් නෙවෙයි කළේ. පොඩි ෆිල්ම් ටච් එකකින් කරපු වැඩක්. උදාහරණයක් විදියට චන්ද්‍රිකා මැතිනිය හොරගොල්ලෙ තමන්ගේ පියාගේ සොහොන ළඟ ඉන්න අවස්ථාවක්. අපි ඒ වගේ දේවල් කළා වෙනසකට. ඒ වගේම අපි කතාව යන අතර තුර කථිකයන්ගේ හොඳම අෑන්ගල්වලට මාරු කරමින් පෙන්නන්න උත්සාහ කළා.


මගේ අදහස වුණාට පක්‍ෂ යාන්ත්‍රණයෙන් තමයි මේක ක්‍රියාත්මක වුණේ. මම දැක්කා ඒක කෙරෙන හැටි. යාන්ත්‍රණයට ඕන දේ සපයන එක විතරයි මම කළේ. මේ ප්‍රොජෙක්ටර්ස් අරන් ගිය අය විරුද්ධ පාක්‍ෂිකයන්ගේ පහරකෑම්වලට ලක් වුණා. මොකද ඒ තරම් හොඳට සන්නිවේදනය වුණා. අපි මේක කළේ කෙටි කාලයකින්. එකපාරටම එහෙම වෙද්දි තව කෙනකුට සූදානම් වෙන්න බැරි වුණා. විරුද්ධ පක්‍ෂයටත් ඕන නම් මේකම කරන්න පුළුවන්නේ. මේක හරි සිම්පල් වැඩක්. හැබැයි අපි එහෙම නොකරන තැනට ප්ලෑන් කළා. අපි ලංකාව පුරා තිබුණ තිර (Sereen) ඔක්කොම බුක්කර ගත්තා. අද නම් අනන්ත අප්‍රමාණව ඇති. කාර්යාලයක ටෙලිෆෝන් වගේ හැම තැනම තියෙනවා. හැබැයි එදා මේ ස්ක්‍රීන් හරිම සීමිතව තිබුණේ. ස්ක්‍රීන් බුකින් කරන වැඩේ කළේ දේවප්‍රිය අබේසිංහ, විපක්‍ෂයේ අයට තේරිලා හොයද්දී බඩු ඉවරයි. ස්ක්‍රීන් ටික බුක් කළාට පස්සේ වෑන් ටික බුක් කළා ඒවා ගෙනියන්න. ඊට පස්සේ එකපාරට මුළු ලංකාව පුරා මුදා හැරියා. හරියට ෆිල්ම් එකක් සිනමා මණ්ඩලයක එකපාරට මුළු රටේම පෙන්නන්න පටන් ගන්නවා වගේ. ඒ කාලේ CD, DVD  නෑ. VHS පටය තිබුණේ. රූපවාහිනිය එනන් කලින් ගම්වලට ගිහින් රජයේ චිත්‍රපට අංශය කළෙත් ඒක. මං ඒ දැනුම එතැනදි පාවිච්චි කළා. ඒක ඉතා ලස්සනට කෙරුණ දෙයක්. ඒවා ඇතුළේ සින්දු තිබුණා. අපි සමහර දර්ශනවලට විජය කුමාරණතුංගගේ දර්ශන පාවිච්චි කළා. චන්ද්‍රිකා මැතිනියගේ දරුවෝ එතකොට පොඩියි. අපි දරුවෝ දෙන්නගේ දර්ශන පාවිච්චි කළා. එස්.බී. දිසානායක මහත්තයාගේ වේගවත් කතා පාවිච්චි කළා.

ජී.එල්. පීරිස් මහත්තයාගේ කතාවල තිබුණ අර්ථාන්විත කොටස් අතරින්පතර යොදා ගත්තා. චන්ද්‍රිකා මැතිනිය මට කතා කරල කියනවා එස්.බී. ගෙයි, ජී.එල්. ගෙයි කතා හොඳටම එඩිට් කරලා දෙන්නකෝ කියලා. අපි ඒ කතාවල කෑල්ලෙන් කෑල්ල එඩිට් කළා.
ඊට පස්සේ සුදු නෙලුම ගෙනාව. ඒ ගෙනාවේ ජනාධිපතිවරණයට. මෙන්න මෙතැනදි තමයි මම හොඳටම අපහසුතාවට පත් වෙන්නෙ, මොකද 1994 ජනාධිපතිවරණය එකපාරට එන්නේ. නැත්නම් 1995 තියන්න තිබුණේ. හිටි හැටියේ විජේතුංග ජනාධිපතිවරයා ජනාධිපතිවරණය කැඳෙව්වා.
කිසිසේත් බලාපොරොත්තු නොවුණ දෙයක් තමයි වුණේ.


හොඳම වැඩේ තමයි එතැනදි අනිත් පැත්තෙන් ජනාධිපති අපේක්‍ෂකත්වයට ආවේ ගාමිණී දිසානායක ඇමැතිතුමා. මගේ පරණ බොස් හිතලා බලන්නකෝ. හැබැයි එතැනදි අමතක කරන්න බෑ. ඊට මාස හයකට කලින් මැයි 17 වැනිදා පැවැත්වුණු පළාත් සභා මැතිවරණයට ගාමිණී දිසානායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක එකට වැඩ කළා. ලලිත් ඇතුළත්මුදලි මහත්තයා එතකොට ජීවතුන් අතර නෑ. ඒ සියලු දෙනා එතකොට පවතින රජයට විරුද්ධව හිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි, රාජාලියයි එකතුවෙලා තමයි බලය පිහිටුවන්නේ. ඒකයි කියන්නේ මේකෙ සදාකාලික මිතුරන් හෝ හතුරන් නෑ. මැයි මාසේ එකට හිටපු අය අගෝස්තු මාසේදී දෙකට බෙදිලා එනවා. මම කිසිම පක්ෂයක් පුද්ගලයෙක් ඉහළදාන හෝ පහළදාන කෙනෙක් නොවෙයි. ඒක ගාමිණී දිසානායක මහත්තයා තේරුම්ගෙන හිටියේ.


ඒ වෙලාවේ කිසිම අවස්ථාවක ගාමිණී දිසානායක මහත්තයා මට දොසක් කිව්වෙ නෑ. එතුමා ඉතාම ශේ‍ර්ෂ්ඨ නායකයෙක්. කටයුතු නවත්තන්න කියලා විතරයි කිව්වේ. ඒක තර්ජනයක් නෙවෙයි ඉල්ලීමක්. මම කිව්වා සර්, මං මේකට වචනයක් දීලා ඉවරයි කියලා. ඊට පස්සේ ඔහු මට කිව්වා මම දිනනවා සනත් දින්නට පස්සේ ඔයා මං ළඟට ඇවිත් වැඩ කරනවා කියලා එච්චරයි.


ඊටත් පස්සේ විශාල රැස්වීම් ප්‍රමාණයක් ආමන්ත්‍රණය කිරීමේ ගැටලුව ආවා. එතකොටත් එල්.ටී.ටී.ඊ. එක ක්‍රියාත්මකයි. ආරක්‍ෂාව පිළිබඳ දැඩි ප්‍රශ්න තිබුණ කාල වකවානුවක්. ගාමිණී දිසානායක මහත්තයා ඝාතනය කෙරුණයින් පස්සේ ආරක්‍ෂක හේතූන් මත සියලු දේ හිරවෙනවා. මැතිවරණ කටයුතු අඩාල වෙනවා. අපි 'සුදු නෙලුමට අවසරද?' ෆිල්ම් එක ගේන්නේ ඒ හිස්තැනට මහ මැතිවරණයෙන් ලබා ගත්තු ජයග්‍රහණයයි තවත් ජයග්‍රහණ තේමා කරගෙන ලක්‍ෂ්මන් විජේසේකර මහත්තයා තමයි මේ වැඩේට මුල් වෙන්නෙ. බන්දුල නානායක්කාරවසම් තමයි තිර රචනය ලියන්නේ. ඊට පස්සේ ඒ චිත්‍රපටය අරගෙන හැම තැනම යනවා. ඒ ෆිල්ම් එක මුල්කරගෙන තමයි මුළු මැතිවරණ ව්‍යාපාරයම කළේ. ඒකෙ හුඟක් සම්බන්ධීකරණ කටයුතු කළේ මම. අන්තිමේදි ෆිල්ම් එකට වොයිස් කරන්න කවුරුත් හිටියේ නෑ. බල බලා ඉන්න වෙලාවක් නෑ මම ඉදිරිපත් වුණා.


සූරියකන්ද ඛේදවාචකය ජනතාව අතරට සන්නිවේදනය කරපු කාර්යයේදී මම මැදිහත් වුණේ නෑ. නමුත් සූරියකන්ද ඛේදවාචකය අලලා චිත්‍රපටයක් කරන්න අපේ අදහසක් තිබුණා. මගේ ඔළුවේ ඒක තිබුණේ. මොකද මම චිලී රටේ මේ වගේම සිද්ධියක් ඇතුළත් 'ස්මෝල් පෙන්සිල්ස්' කියලා ෆිල්ම් එකක් දැකලා තිබුණා. ඒත් අපි නොසිතූ මොහොතක තමයි 1994 දෙසැම්බර්වලට ජනාධිපතිවරණය ආවේ. තව අය කිව්වා මම බටලන්ද සිදුවීම පාදක කරගෙන චිත්‍රපට හදන්න යනවා කියලා. එක බොරු චෝදනාවක්. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ කියලා තමයි මට දැන්නම් හිතෙන්නේ.

සුභාෂිණී ගුණරත්න

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive