තමාට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවේ නීතීඥවරුනට බැංකු ගිණුම් දත්ත පිරික්සීමට පූර්ණ අවසර නොලැබීම නිසා තමාට එරෙහි චෝදනාවලට වරද හෝ නොවරද පිළි නොගන්නා බව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ ප්‍රකාශ කළාය.
ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා පැවසූයේ බණ්ඩාරනායක මහත්මියගේ නීතීඥයනට ජාතික සංවර්ධන බැංකුවේ ගිණුම් දෙකක තොරතුරු බැලීමට මුළුමනින්ම ඉඩ දී නැති බවයි.
ශිරාණී බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලීන් ලද්දූවහෙට්ටි මහතා අධිකරණයට දැනුම් දී තිබුනේ නඩුවට අදාළ සාක්ෂි පිළිබඳ දැන ගැනීමට ජාතික සංවර්ධන බැංකුවේ පරිගණක යන්ත්‍ර පරීක්ෂා කිරීමට හා තොරතුරු ලබා ගැනීමට පැමිණිල්ල බාධා කළ බවයි.
චූදිතයෙකු අධිකරණය හමුවේ ඇති චෝදනාවකට වැරදිකරු ද නිවරදිකරු ද යන්න ප්‍රකාශ කිරීම කළ යුත්තේ ඒ පිළිබඳ කරුණු නිසිලෙස දැනගැනීමෙන් පසුව පමණක් බවද ජනාධිපති නීතිඥවරයා කියා තිබේ.
රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා කියා සිටියේ පැමිණිල්ලේ චෝදනා ඉදිරිපත් කිරීම අදට නියම වී ඇති බවයි.
උසාවියට කළ හැකි වෙනත් දෙයක් නැතිය ද ඔහු කීවේය.
බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කියා සිටියේ බැංකු පරිගණකවල ඇති සියලු දත්ත බැලීමට ඉඩ දිය නොහැකි බවයි.
මහේස්ත්‍රාත් පිලපිටිය මහතා ඉන් අනතුරුව බැංකුවට නියෝග කළේ බණ්ඩාරනායක මහත්මියගේ නීතීඥවරුනට බැලීමට ඉඩ දිය හැකි දත්ත මොනවාද යන්න මැයි 20 වැනි දාට වාර්තාවක් මගින් දන්වන ලෙසයි.
මේ නඩු විභාගය නිරීක්ෂණයට අන්ර්ජාතික නීතිවේදියා රැසක්ම පැමිණ සිටියහ. ලෝ ඒෂියා සංවිධානය වෙනුවෙන් ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිවේදී ප්‍රශාන්ත් කුමාර් ද ඒ අතර විය.
නිරීක්ෂකයන් වශයෙන් තමනට මේ නඩුවට මැදිහත් වීමට ඉඩ දීම ගැන ඔහු මහේස්ත්‍රාත් පිලපිටියට ස්තුති කළේය.

.jpg)

0 comments:
Post a Comment