facebook like

දකුණ - බස්නාහිර ජනතා තීන්දුව

දකුණ හා බස්නාහිර පළාත් සභාවල බහුතර බලයක් යළි හිමිකර ගන්නට ශ්‍රී  ලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට  හැකි විය. සුපුරුදු පරිදි එක්සත් ජාතික පක්‍ෂයට මෙවරත් හිමි වූයේ පරාජයකි. ජනතා විමුක්ති පෙරමුණ සිය ඡන්ද පදනම යළි ශක්තිමත් කර ගනිමින් පෙරට පැමිණ සිටී. ප්‍රථම වරට දකුණ හා බස්නාහිර පළාත් සභාවලට තරග වැදුණු ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සැලකිය යුතු ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත. මේ මැතිවරණ
ප්‍රතිඵල දෙස බැලූ බැල්මට පෙනෙන්නේ එවැන්නකි. එහෙත් එසේ “බැලූ බැල්මට” මේ මැතිවරණ ප්‍රතිඵලය ගැන තක්සේරු කිරීම දෝෂසහගතය.

දකුණ හා බස්නාහිර පළාත්වලට අයත් දිස්ත්‍රික්ක හයේදීම එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියෙන් සිටියද 2009 පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයට සාපේක්‍ෂව සැලකිය යුතු පසුබෑමකට ලක්ව සිටී. විශේෂයෙන් කොළඹ, ගම්පහ, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සන්ධානයේ පසුබෑම එහිදී කැපී පෙනේ. කොළඹ දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සන්ධානයට මෙවර ලබා ගැනීමට හැකි වී ඇත්තේ හරි අඩකටත් අඩු සංඛ්‍යාවකි. කළුතර දිස්ත්‍රික්කයේ එක් මන්ත්‍රි ආසනයක් වැඩිකර ගැනීමට හැකි වී තිබුණද, 2009දී බස්නාහිරින් හිමිකර ගෙන සිටි මන්ත්‍රි ධුර 68 වෙනුවට මෙවර සන්ධානයට හිමිව ඇත්තේ මන්ත්‍රි ධුර 56ක් පමණි. දකුණේ ප්‍රතිඵලවලට අනුව මෙවර සන්ධානය මන්ත්‍රි ධුර 31ක් දිනාගෙන තිබුණද, 2009දී සන්ධානයට මන්ත්‍රි ධුර 38ක් හිමිවී තිබුණේය. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 2009දී හිමිවූ මන්ත්‍රි ධුර 8 මෙවර රැක ගැනීමට හැකිවී තිබේ.

ආණ්ඩු පක්‍ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානය දකුණේ හා බස්නාහිරින් පසුබසිද්දී ප්‍රධාන විපක්‍ෂය වන එජාපය විශාල නාය යෑමකට ලක්ව ඇති බව පෙනේ. කවදත් ජයග්‍රහණය කරන කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් මැතිවරණ ආසන කිහිපය සහ මුස්ලිම් ඡන්ද විශාල ප්‍රමාණයක් ඇති ගාල්ල ආසනය එජාපය මෙවර ජයග්‍රහණය කිරීමට සමත්ව සිටියද ඒ සුළු ඡන්ද සංඛ්‍යාවලිනි. කැපී පෙනෙන කාරණය වන්නේ එජාප බලකොටුව ලෙස සැලැකෙන මැද කොළඹ ඇතුළු ජයග්‍රහණය කළ ආසනවල ඡන්ද ප්‍රතිශතය 2009ට සාපේක්‍ෂව 50%කටත් අඩු මට්ටමක් තිබීමය. 2009 පළාත් සභා ප්‍රතිඵලයට සාපේක්‍ෂව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුරයක් වැඩිකර ගැනීමටත් ගාල්ල හා ගම්පහ දිස්ත්‍රික්වලින් හිමිව තිබූ මන්ත්‍රි ධුර සංඛ්‍යාව රැක ගැනීමටත් එජාපය සමත්ව සිටියද, සෙසු දිස්ත්‍රික්කවලින් මන්ත්‍රි ආසන රැසක් අහිමි කරගෙන ඇත.

එජාපයේ නායකත්ව මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබූ මේ මැතිවරණයේදී අලුත් ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට එජාපය සමත් වී නැත. 2009දී බස්නාහිරින් හිමිව තිබූ මන්ත්‍රි ධුර සංඛ්‍යාව 30 සිට 28 දක්වා අඩුකර ගෙන ඇති එජාපය දකුණේදී කලින් හිමිව තිබූ මන්ත්‍රි ධුර 14 ආරක්‍ෂා කරගනිමින් ජාම බේරාගෙන ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය ලබාදුන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩි වූ මන්ත්‍රි ධුරයට පින් සිදු වන්නටය.

නිසැකයෙන්ම මෙවර මැතිවරණයේදී අලුත් ජයග්‍රහණ හිමි කරගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයය. නායක ධුරයේ සිදුකළ වෙනසත් සමඟ මැතිවරණයට මුහුණ දුන් ජවිපෙ 2009ට සාපේක්‍ෂව ඉදිරි පිම්මක් පැන තිබේ. සියලු දිස්ත්‍රික්වලදී පක්‍ෂයේ ඡන්ද සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස වර්ධනය කර ගැනීමට ඔවුහු සමත්ව සිටිති. පසුගිය බස්නාහිර පළාත් සභාවේ හිමිකරගෙන සිටි මන්ත්‍රි ධුර 3 වෙනුවට මන්ත්‍රි දුර හයක්ද, දකුණු පළාත් සභාවේ ඔවුන්ට හිමිව තිබූ මන්ත්‍රි ධුර 3 වෙනුවට හතක්ද දිනා ගැනීමට ජවිපෙ මෙවර සමත්ව සිටී. එහෙත් ප්‍රථමවරට දකුණට හා බස්නාහිරට තරග කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට ඇතැම් තැන්වලදී දෙවැනි වීමට ජවිපෙට සිදුවී ඇත.

එජාපයෙන් හා ශ්‍රී  ලනිපයෙන් නාම යෝජනා නොලැබුණු, එසේම ඒ ඒ පක්‍ෂවලින් විවිධ හේතු නිසා ඉවත් කළ පිරිස් හා හිටපු හමුදා නිලධාරී පිරිස් එකතු කර ගනිමින් මැතිවරණයට තරග කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට ලැබුණේ රනිල් වික්‍රමසිංහට විරුද්ධ එජාප හිතවාදීන්ගේ හා ආණ්ඩුවට විරෝධය පළ කිරීමේ ඡන්දය. උතුරේ යුද ජයග්‍රහණයට සම්මාදම් වූ යුද හමුදාපතිවරයා ලෙස සරත් ෆොන්සේකාට ඇති ළැදියාවද පක්‍ෂයට ඡන්දය ලබාදීමට බලපෑ බව සිතිය හැකිය. කෙසේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට ලැබී ඇත්තේ ප්‍රධාන පක්‍ෂ දෙකට ඇති විරෝධය හා අප්‍රසාදය පළ කිරීමේ ඡන්ද මිස සබුද්ධික ඡන්දදායකයන්ගේ ඡන්ද නොවන බව පැහැදිලිය.

රට තුළ පවතින “පාලන ක්‍රමයට” එරෙහිව ලබාදුන් ඡන්ද ජනතා විමුක්ති පෙරමුණට ගොනු වී ඇත. එවැනි ඡන්දදායකයන් “රැල්ලට” ඡන්දය දෙන්නේ නැත. 2003 - 2005 කාලයේ ජවිපෙ වටා එක්රොක් වූ ඡන්දදායකයන් සැලකිය යුතු පිරිසක් ඊනියා දේශප්‍රේමීත්වයෙන් ඔදවැඩුණෝ වෙති. ඔවුන්ගෙන් පිරිසක් මෙවර ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට සහාය දුන් බව පැහැදිලිය. නොඑසේ නම් ජවිපෙ පසුපසට දමා මෙතරම් වේගයෙන් ඉදිරියට පැමිණීමට ඒ පක්‍ෂයට හැකි වන්නේ නැත.

කෙසේ වුවද ජවිපෙ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ලබාගත් හය ලක්‍ෂයකට ආසන්න ඡන්ද ප්‍රමාණයත්, බස්නාහිරට තරග කළ සුළු ජාතික පක්‍ෂවලට හිමි වූ ඡන්ද සංඛ්‍යාවත් ගැන අවධානය යොමු කළ විට පැහැදිලිව පෙනී යන්නේ එජාපයට හා ශ්‍රී  ලනිපයට (නිදහස් සන්ධානයට) රතු එළි දැල්වී ඇති බවය. මුස්ලිම් හා දෙමළ ජාතික ඡන්දදායකයන් ප්‍රධාන පක්‍ෂ දෙකෙන් වේගයෙන් අෑත්වෙමින් සිටින බව මෙවර මැතිවරණ ප්‍රතිඵලවලින් අවබෝධ කරගත යුතු අවාසනාවන්ත තත්ත්වයකි.

සැලකිය යුතු පිරිසක් මෙවර ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළැකී සිටීමෙන් පෙනෙන්නේද ඡන්දය පිළිබඳ විශ්වාසය ඡන්දදායක ජනතාව කෙරෙන් ගිලිහී යමින් පවතින බවය. සතුටට කරුණක් වන්නේ ප්‍රධාන පක්‍ෂ දෙකටම අනතුරු ඇඟවීමට මෙන්ම ජවිපෙ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය හා සුළු ජාතික පක්‍ෂ තෝරා ගැනීමෙන් “බුලට්” ගැන නොව “බැලට්” ගැන විශ්වාසය තබා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට සැලකිය යුතු ජනතාවක් තීරණය කිරීමය.

කෙසේ වුවත් බස්නාහිර හා දකුණු මැතිවරණයෙන් හිමිකරගත් ජයග්‍රහණ ගැන මේ සෑම පක්‍ෂයක්ම ඡන්දදායක ජනතාව හමුවේ කරුණු දක්වමින් යථාර්ථය මේ යැයි කියනු ඇත. ලතින් ඇමෙරිකා ලේඛක එදුවාර්දෝ ගලිසේනෝට අනුව යථාර්ථය යනු ඉරණමක් නොවේ. එය ඇති සැටියෙන් පිළිගැනීම අපගේ දෛවයක් සේ නියම වී නැති බව අප අවධාරණය කරගත යුත්තේ එනිසාය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive