මම බබාට කිරි දිදී ඉන්න කොට එක පාරටම පුතාට නූලක් බඳින්න ඕනෑ කියලා ඥති දුව මගේ බබාව බලෙන් උදුරලා ගත්තා. මම කිව්වා ඔයා ලෙඩ වෙලානේ ඉන්නේ ඔයාට බබාව වඩාගන්න බැහැනේ කියලා. පස්‌සේ එයාගේ අතේ හිටපු මගේ බබා ගන්න හදන කොටම ඥති දුව මගේ බබාගේ බෙල්ල මිරිකලා පොලොවේ ගැසුවා..."
දින 21 ක් වයසැති බිලිsඳකු 22 හැවිරිදි තරුණියක විසින් පොළොවේ ගසා මරා දැමීමේ ෙ€දජනක සිද්ධියක් පොල්ගස්‌ඕවිට ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග අප ඒ පිළිබඳ තොරතුරු සොයා ඊයේ (07 වැනිදා) කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිය අවස්‌ථාවේ ඝාතනයට ලක්‌වූ බිලිඳාගේ මව වන නඩරාජා විජය ලෙච්චමී (26) යන අය හැඬූ කඳුලින් පැවසුවාය.
මෙලෙස අවාසනාවන්ත අන්දමින් ඝාතනයට ලක්‌වී ඇත්තේ පොල්ගස්‌ඕවිට, අම්බලන්ගොඩ, වෙලකුඹුර පාරේ පදිංචිව සිටි කාද රූබන් නමැති බිලිsඳෙකි.
අප එම අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට යන විටත් මියගිය බිලිඳාගේ පියාවන පෙරියතම්බි ලෝග රාඡ් මහතා ඇතුළු පවුලේ ඥතීහු සිය දරුවාට සිදුවූ විපත නිසා දැඩි කම්පනයට පත්ව සිටිනු දැකගත හැකිවිය.
මෙහිදී තවදුරටත් කතා කළ විජය ලෙච්චමී මහත්මිය මෙසේද කියා සිටියාය.
අනේ මගේ බබාට වෙච්ච දේ. මගේ මහත්තයාගේ අක්‌කගේ දුව වන යෝගමලන් මීට දින කිහිපයකට උඩදී අපේ ගෙදරට ගෙන්වා ගත්තේ බබාව බලාගන්නයි. පසුගිය 05 වැනිදා ඥති දුව ආරූඪ වෙලා දෙවි වරු ගැන කියවන්න පටන් ගත්තා. එයාගේ ඇඟ ඇතුළට මොකක්‌දොa ඇවිල්ලා කියලා කිව්වා. මම මැරෙන්නයි යන්නේ අතපය ඔක්‌කොම පණ නැති වේගෙන එනවා කියලා කිව්වා. මට ලුණු වතුර එකක් හොඳට ලොකු ජෝගුවකට දියකරලා දෙන්න කියලා කිව්වා. පස්‌සේ මම ඒක හදලා දුන්නාම ඥති දුව බිව්වා. බීලා ඉවරවෙලා ඒවා තවත් එකක් හදලා දෙන්න කිව්වා. පසුව මා තවත් ලුණු වතුර එකක් හදලා දුන්නා.
ඊට පස්‌සේ ඥතිදුව දෙහිවල කෝවිලෙන් ගෙනාපු සුqදුපාට මුදුටික එයාගේ නලලෙන් තියන්න කියලා මට කිව්වා. මම ඒ මුදුටික එයාගේ නලලේ තිබ්බා. ඊට පසුව එයා කිව්වා එයාගේ තනිකම් දොaෂවලට දෙහිවල විෂ්ණු දේවාලයෙන් ගෙනාපු කලු නූල් ටික අතේ ඔතාගන්න දෙන්න කියලා. මම ඒකත් අරන් එයාට දුන්නා.
පස්‌සේ මං පස්‌වරු 2.00 ට පමණ නිවසේ කාමරයක බබාට කිරි දෙමින් සිටියා. එතකොට ඥති දුව ඇවිත් දෙන්න බබාව අතේ නූල් බඳින්න කියලා බබාව ඇය උදුරලා අතට ගත්තා. මට ළමයව මරන්න ඕන කියලා ඇය කිව්වා. එහිදී මං ඥති දුවට කිව්වා ඔයා ලෙඩ වෙලානේ ඉන්නේ ඔයාට බබාව වඩාගන්න බැහැනේ කියලා. මං බබාව අරගන්න හදනකොටම ඥති දුව බබාගේ බෙල්ලට අත දාලා මිරිකලා බබාව උස්‌සලා පොළොවේ ගැහුවා. ඇය යක්‍ෂණියක් වගේ හැසිරුණේ.
පස්‌සේ මම බිම වැටී සිටි බබාව අරන් උස්‌සගෙන එළියට දිව්වා. ඒ මෙයාගෙන් ආයිමත් කරදර වෙයි කියලා හිතලා. ඒත් එළියට යනකොටම වටෙන් ආපු ඥති දුව අපි ඉන්න තැනට ආවා. ඥති දුව කොහෙද මේ දුවන්නේ කියලා මාව බදාගත්තා. මගේ අතේ සිටි බබාව මං හයියෙන් අල්ලාගෙන හිටියත් ඇය ආයෙමත් මගේ බබාව උදුරලා අරන් උස්‌සලා පොළොවේ ගැහුවා. මෙහිදී ගෙවල් වටේ සිටින දහයක් පහළොවක් පමණ ඇවිත් ඥති දුව අල්ලා ගත්තා. පස්‌සේ එයා දේවාරූඪයෙන් වගේ දෙවියෝa ගැන කියමින් දඟලන්න පටන් ගත්තා. ආරූඪයෙන් දඟලපු ඥති දුවව ගෙදර ආපු අය අල්ලලා ගෙදර ජනේලයකට තබා ලණුවකින් ගැට හැහුවා. බිම වැටී සිටි බබාගේ අතකින් ලේ ගලමින් තිබුණා. පස්‌සේ අපි වාහනයකින් බබාව කළුබෝවිල රෝහලට අරන් ගියා. රෝහලේ කාර්ය මණ්‌ඩලය දරුවගේ ජීවිතය බේරා ගන්නට දැඩි උත්සාහයක් ගත්තත් අවසානයේ එය නිශ්ඵල වුණා.
මීළඟට අපත් සමග කතා කළේ ඝාතනයට ලක්‌වූ බිලිඳාගේ පියා වන පෙරියතම්බි ලෝගරාඡ් මහතා (29) මෙසේ කීය.
මම මේසන් වැඩ කරන්නේ. අපි කුලියට ඉන්නේ. අනේ අපේ රත්තරං පුතාට වෙච්ච දෙයක්. මේ සිද්ධිය වූදා මම තැනක වැඩ කරමින් සිටියේ. බබාට කරදරයක් කියලා ගෙදරින් දැනුම් දුන් විගසම මා ගෙදර ආවා. එතකොටයි මා වෙලා තියෙන විපත්තිය ගැන දැනගත්තේ. මගේ අක්‌කාගේ දුව තමයි මේ දේ බබාට කරලා තියෙන්නේ. දුවට දොaෂ වගයක් තියෙනවා.
මේ අතර මෙම ඝාතනයට සම්බන්ධ ඥති දියණිය වන කදිරේෂන් යෝගමලන් (22) නමැත්තිය පෙරේදා (06 වැනිදා) ඝාතනය සිදුකළ බව කියන එම නිවසට කැඳවාගෙන ගිය අතර, එහිදී පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී මෙසේ ප්‍රකාශ කර ඇත.
මට කලන්තයක් වගේ හැදුණා. එතකොට මට මොනව වුණාද මොනවා කළාද කියලා මට මතක නැහැ. බබාට මම මොනවත් කළාද කියලා මට මතක නැහැ. මගේ ඇඟ ඇතුලට මොකක්‌දොa ඇතුල්වෙලා කියලා දැනෙනවා" යෑයි පැවසීමත් සමග ඈ සිහිමුර්ජා වී වැටුණාය.
කෙසේ වෙතත්, පසුව පෙරේදා දහවල් සැකකාරිය කැස්‌බෑව වැඩබලන මහෙස්‌ත්‍රාත් සුනිල් වීරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 18 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මියගිය බිලිඳාගේ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පෙරේදා නුගේගොඩ මහෙස්‌ත්‍රාත්වරයා විසින් කළුබෝවිල මහ රෝහලේ මෘත ශරීරාගාරයේදී පවත්වනු ලැබීය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක එස්. කේ. සී. ජයනාත් මහතාගේ උපදෙස් මත වැඩිදුරට පරීක්‍ෂණ පවත්වති.

0 comments:
Post a Comment