කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතාට අපහාස කිරීමක් සම්බන්ධයෙන් ඉදිකිරීම්, ඉන්ජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් රුපියල් මිලියන 50ක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත.
2014 මැයි 5 වැනි දින සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික නිදහස් පෙරමුණේ 2 වැනි සම්මේලනයේදී "පංචායුධය" නමින් බෙදාහරින ලද පොතකින් මේ අපහාසය කළ බව කොළඹ දිසා අධිකරණයට ගොනු කළ පැමිණිල්ලේ සඳහන්ය.
කඩුවෙල නගරාධිපති බුද්ධදාස මහතා ජාතික නිදහස් පෙරමුණේ උන්නතිය සඳහා කටයුතු කර තිබෙන බව එම පැමිණිල්ලෙන් බුද්ධදාස මහතා සඳහන් කර තිබේ.
මෙහි විත්තිකරුවන් ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ එම පෙරමුණේ ලේකම් ප්‍රියත්ජුත් විතාරණ මහත්වරු නම් කර ඇත.
බුද්ධදාස මහතා දේශපාලනයට පිවිසියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් බවත් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයකු වශයෙන් කඩුවෙල ප්‍රදේශයෙන් දිවයින පුරා ප්‍රසිද්ධියක් ලබා ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැර තමා වෙනත් කිසිදු දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙක් නොවන බවත් එම පැමිණිල්ලේ සඳහන් වෙයි.
ජාතික නිදහස් පෙරමුණේ සම්මේලනයකදී බෙදාදෙන ලස පොතක තමා එම පෙරමුණට සහාය දුන් බව සඳහන් කිරීම නිසා තමාට කිව නොහැකි තරම් අපහාසයක් සිදුවූ බවත් එම නිසා තමාගේ කීර්ති නාමයට වූ හානියට විමල් වීරවංශ ඇමැතිවරයාගෙන් රුපියල් මිලියන 50ක් ලබාදෙන ලෙස දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියි.

0 comments:
Post a Comment