facebook like

Showing posts with label page94.com. Show all posts
Showing posts with label page94.com. Show all posts
"ඉවසලා ඉවසලා දැන් මට ඇතිවෙලා", කෙනෙක්‌ එහෙම කියන කොට තව කෙනෙක්‌ කියන්නේ "ඒත් ඉවසන්න" කියලයි. කොහොම වුණත් කාගෙත් ඉවසීමට සීමාවක්‌ තියෙනවා. සමහරුන්ගේ ඉවසීමේ සීමාව අඩියක්‌ වෙන්න පුළුවන්. සමහරු කිලෝ මීටර් හතක්‌ අටක්‌ ඉවසනවා.

මේ, ඉවසීමේ සීමාව ඉක්‌මවා ගිය තැන කරන කතා බහක්‌. ඒකයි, මේ විශේෂාංගයට රතු කට්‌ට පැනපු තැන කියන්නේ.

රතු කට්‌ට පැනපු තැන ගැන මුලින්ම කතා බහට අපි එකතු කරගත්තේ, ජනප්‍රිය නිළි
සේමිණී ඉද්දමල්ගොඩයි.

කොහොමද සේමිණී....

හොඳින් ඉන්නවා....

කතාවක්‌ තියෙනවා, ඔයාට නිතරම කේන්ති යනවා කියලා....

කවුද කියන්නේ.....

ක්‍ෂේත්‍රයේ අය තමයි කියන්නේ....

වැරදි වැඩ, අසාධාරණකම් දැක්‌කාම නම් මට කේන්ති යනවා තමයි.

වැඩියෙන්ම කේන්ති ගිය දවස, ඒ කියන්නේ රතු කට්‌ට පැනපු දවස කවදද?

එදා තමයි, මම පිරිසකට පාඩමක්‌ උගන්වන්න තීරණය කරපු දවස. මට විරුද්ධව බොරු චෝදනා කරපු පිරිසකට එරෙහිව නඩුවක්‌ දාන්න මම තීරණය කළේ එදා තමයි.

ඒ කියන්නේ, රතු කට්‌ට පැනලා ගිය කේන්තිය දැන් පිරිමැහැව්වා කියන එකද?

එහෙමම නෙමෙයි, මට කරපු වැරදි චෝදනා ගැන මට දැන් නඩුවක්‌ ෆයිල් කරලා තියෙනවා. ඒකේ ඉදිරි වැඩ කටයුතු අධිකරණය මගින් ඉටු කරාවි.

මේ රතු කට්‌ට පැන්නේ කා එක්‌කද....

නම් ගම් කියන්න මම කැමැති නැහැ.

මේ ක්‍ෂේත්‍රයේ කෙනෙක්‌ද.... රසික රසිකාවියක්‌ද?

ක්‍ෂේත්‍රයේ පිරිසක්‌.

නිළියක්‌ වුණාම ජනප්‍රිය වුණාම රසික රසිකාවියන් කරදරයක්‌ වෙන වෙලාවලුත් තිබෙනවා. එහෙම වෙලාවලදී රතුකට්‌ට පැනලා නැද්ද?

මට අවංකව ආදරය කරන රසිකයන් සමඟ කිසි දවසක කේන්ති ගිහිල්ලා නැහැ. ඒ අය කරදරයකුත් නෙවෙයි. ඒත් සමහරු එහෙම නෙමෙයි. බොරුවට කතා හදනවා. එක එක කෝල් දෙනවා. එහෙම අයට විරුද්ධව මම පියවර අරගෙන, පොලිස්‌ කූඩුවෙත් දාලා තියෙනවා. සමහරු ස්‌පීකර් ෆෝන් එක දාලා, පිරිසක්‌ ඉස්‌සරහ අනංමනං කතා කරනවා. "ඔයාට මාව මතකද..., ඔයා ගිය මාසේ මාත් එක්‌ක අර හෝටලයේ හිටියා... මේ හෝටලයේ හිටියා කියලා කියනව. අන්න එහෙම අයට මම හොඳ දඬුවම් දීලා තියෙනවා.

රතු කට්‌ට පැනපු ඒ වගේ වෙලාවල් වල කීදෙනෙක්‌ විතර පොලිස්‌ කූඩුවේ දාලා තියෙනවාද....?

ඒ අයගේ අම්මා අප්පා මතක්‌ වෙනකම් පාඩම් උගන්වලා තියෙනවා. කොහොමටත් නව දෙනෙකුට විතර දඬුවම් කරවලා තියෙනවා.

ගෙදර අයත් එක්‌ක රතු කට්‌ට පැනපු වෙලාවල් නැද්ද?

අපේ ගෙදර ඉන්නේ මායි, සැමියයි, දුවයි විතරයි. මම ඒ අය ගැන දන්නවා. ඒ අයට මං ගැන අවබෝධයක්‌ තියෙනවා. ඒ නිසා ගෙදරදී නම් කේන්තියන්නේ නැහැ....

ඔසිත

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot