facebook like

Showing posts with label සිසුවාට අතවර කළ ජාත්‍යන්තර පාසලක ගුරුවරයා අත්අඩංගුවට. Show all posts
Showing posts with label සිසුවාට අතවර කළ ජාත්‍යන්තර පාසලක ගුරුවරයා අත්අඩංගුවට. Show all posts
සපුගස්‌කන්ද සියඹලාපේ ප්‍රදේශයේ ජාත්‍යන්තර මට්‌ටමේ පාසලක නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටි 17 හැවිරිදි සිසුවකට ලිංගික අපයෝජනයක්‌ සිදුකළ බව කියන එම පාසලේ නේවාසිකාගාරය භාර ගුරුවරයකු පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

24 හැවිරිදි මෙම සැකකාර ගුරුවරයා එම පාසලේ නේවාසිකාගාරය භාරව කටයුතු කරනවාට අමතරව එම සිසුන්ට අමතර විෂයන්ද උගන්වා ඇතැයි හෙළිවූ බව එම කාර්යාංශය කියයි.

මෙම අතවරයට ලක්‌වූ සිසුවා සමග එම නේවාසිකාගාරයේ සිටි තවත් සිසුවකුව ඔහුගේ මව විසින් අස්‌කරගෙන ගොස්‌ ඇත. පසුව එම මව මේ ගැන අපයෝජනයට ලක්‌ව සිසුවාගේ මවට දැනුම් දී තිබේ. අනතුරුව මේ ගැන එම මව අපයෝජනයට ලක්‌වූ බව කියන සිසුවාගෙන් විමසා ඇත. එහිදී ඔහු තමන්ට සිදුවූ හිරිහැරයන් ගැන සිය මවට ප්‍රකාශ කර තිබේ. පසුව එම මව මේ ගැන කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර සැකකාර ගුරුවරයා පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අපයෝජනයට ලක්‌වූ දරුවාගේ පියා ජීවතුන් අතර නොමැත. මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම සිසුවා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබමින් සිට ඇත. සිය පියා මියයැමත් සමග දරුවා මානසික වශයෙන් වැටී තිබේ. මේ නිසා දරුවා පාසල්ද ගොස්‌ නොමැත. මේ නිසා දරුවා අධ්‍යාපනය ලැබූ කොළඹ පාසලේ විදුහල්පතිවරයා හා පන්ති භාර ගුරුවරයා දරුවාට පාඩම් අමතක වී යා හැකි බැවින් දරුවාගේ මනස හැදෙන තුරු නිවසට පෞද්ගලික උපකාර පන්ති පවත්වන ගුරුවරුන් ගෙන්වා පාඩම් වැඩ කරවන ලෙස සිසුවාගේ මවට දැනුම් දී ඇත. සිසුවාගේ මනස හැදුනු පසු යළි පාසලට ගන්නා බවද විදුහලෙන් මවට දැනුම් දී ඇත.

මේ අතරතුර පුවත්පතක පළවී තිබූ අ.පො.ස උසස්‌ පෙළ දරුවන්ට නේවාසිකව හිඳ අධ්‍යාපනය ලබාදෙන බව සඳහන් දැන්වීමකට අනුව එම සිසුවා සපුගස්‌කන්දේ සියඹලාපේ ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර මට්‌ටමේ පාසලට මීට මාස දෙකකට උඩදී ඇතුළත් කර ඇත.

මෙසේ ඇතුළත් කළ සිසුවාට සැකකාර ගුරුවරයා අවස්‌ථා කීපයකදීම අතවර කර ඇතැයි හෙළිවූ බවද එම කාර්යාංශය කියයි.

මෙම ගුරුවරයාගෙන් අනෙකුත් සිසුන්ටද අතවර සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරගෙන යන බවද එම කාර්යාංශය පවසයි.

අතවරයට ලක්‌වූ බව කියන සිසුවා කළුබෝවිල මහ රෝහලේ වෛද්‍ය පරීක්‌ෂණයක්‌ සඳහා යොමුකර ඇත.

මේ පිළිබඳව පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ඊ. ජයසූරිය මහතාගේ අධීක්‌ෂණය යටතේ කාන්තා උප පොලිස්‌ පරීක්‌ෂිකා කාංචනා සමරකෝන්, උප පොලිස්‌ පරීක්‌ෂක ප්‍රෙAමදාස යන මහත්ම මහත්මීහු වැඩිදුර පරීක්‌ෂණ සිදුකරති.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot