facebook like

Showing posts with label පාසල් දැරියට අතවර කර වීඩියෝ ගත කළ තරුණයන් සිවුදෙනා. Show all posts
Showing posts with label පාසල් දැරියට අතවර කර වීඩියෝ ගත කළ තරුණයන් සිවුදෙනා. Show all posts
අවුරුදු 15 ක්‌ වයසැති බාලවයස්‌කාර දැරියක්‌ දූෂණය කර ඇයගේ නිරුවත් ඡායාරූප ගෙන බෙදාහැරීමේ සිද්ධියේ සැකකාර තරුණයන් සිවුදෙනා ලැගුම්හල් කළමනාකරු සමග බන්ධනාගාර ගත කරන ලෙස දොඩන්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලසන්ත බුද්ධික මහතා බී වාර්තාවක්‌ මගින් අධිකරණයට ඉදිරිපත් කල කරුණු සැළකිල්ලට ගත් මතුගම ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චාලිමා දර්ශිකා විඡේබණ්‌ඩාර මහත්මිය සැකකාර තරුණයන් සිවුදෙනා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීම පෙරේදා සවස ප්‍රතික්‍ෂේප කරමින් ඔවුන් ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග කළේය.

බාලවයස්‌කාර අවුරුදු 17 හා 18 වයසේ පසුවන තරුණයන් රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට සුදුසු නොවන බව විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළ විනිසුරුවරිය එක්‌ අයකුට රුපියල් 50,000 බැගින් වූ රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇපමත මෙසේ මුදාහැරියේ දොඩන්ගොඩ, කළුතර, කැටගහහේන, නෑහින්න ප්‍රදේශවල පදිංචි තරුණයන් සිවුදෙනෙකි. මෙම පාසල් ශිෂ්‍යාව දූෂණය කිරීමට රැගෙන ගිය බව කියන දොඩන්ගොඩ රෝයල් ගාඩ්න් ලැගුම්හලේ කළමනාකරු වන ඉෂාර ජයලත් නමැත්තාව මෙම මස 28 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද විනිසුරුවරිය නියෝග කළාය.

කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක මල්කා කුමාරි මහත්මියට ලැබුන තොරතුරක්‌ මත කළුතර නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ, කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු, සහකාර පොලිස්‌ අධිකාරි සුගත් ගලගමගේ (දැනට මොනරාගල හා කළුතර සහකාර පොලිස්‌ අධිකාරි සමන්ත වෙදගේ යන මහත්වරුන්ගේ උපදෙස්‌මත කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය දොඩන්ගොඩ පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

කළුතර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාවගේ මව විදේශගතව ඇතැයිද පියා පාසල් බස්‌ රථයක සේවය කරන අතර තම ආච්චි ළඟ සිටින බව දැරිය පොලිසියට ප්‍රකාශ කරන ලදැයි අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌ වේ.

මෙම දැරියගේ නිරුවත් ඡායාරූප අඩංගු සංයුක්‌ත තැටියද ජංගම දුරකථන කිහිපයක්‌ද සැකකරුවන් ළඟ තිබී සොයාගත් බව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌ වේ.

දොඩන්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලසන්ත බුද්ධික, කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනිs පොලිස්‌ පරීක්‌ෂිකා මල්කා තුෂාරි යන නිලධාරින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරු වන සුසන්ත ජයසිංහ, තිස්‌ස විඡේසිංහ, ගාමිණී නල්ලපෙරුම යන මහත්වරු ඇතුළු නීතිඥවරු පිරිසක්‌ පෙනී සිටියහ.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot