facebook like

Showing posts with label පරාජයේ වගකීම භාරගන්නවා - සෝනියා. Show all posts
Showing posts with label පරාජයේ වගකීම භාරගන්නවා - සෝනියා. Show all posts
දශකයකට ආසන්න කාලයක් ඉන්දියාවේ පාලනය හෙබැවූ කොන්ග්‍රස් පක්ෂයට මෙවර මැතිවරණයේදී දරුණුම පරාජයට මුහුණ දුන්නේය.

භාරතීය ජනතා පක්ෂයට පාර්ලිමේන්තු ආසන 285 ක් හිමි වෙද්දී, කොන්ග්‍රස් පක්ෂයට හිමි වනු ඇතැයි සැලකෙන්නේ ආසන පනහකට අඩු ප්‍රමාණයක්.

මෙය තීරණාත්මක තීන්දුවක් ලෙසින්
විග්‍රහ කළ කොන්ග්‍රස් පක්ෂයේ සභාපතිනි සෝනියා ගාන්ධි පරාජයේ වගකීම බාර ගන්නා බවත් සඳහන් කළාය.

ඇයගේ පුත් පක්ෂයේ උප සභාපති රාහුල් ගාන්ධි කියා සිටියේ පක්ෂයේ පරාජය මගින් තමන්ට බොහෝ දේ සිතන්නට බල කොට තිබෙන බවයි.

"මුලින්ම මම කැමතියි අලුත් ආණ්ඩුවට සුභ පතන්න. ඔවුන්ට අපේ රටේ ජනතාව වරමක් දීල තියෙනවා. ඒ නිසා මම අලුත් ආණ්ඩුවට සුභ පතනවා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

"අපි ගැන කිවුවොත් කොන්ග්‍රස් පක්ෂය දරුණු පරාජයක් ලබල තියෙනවා. අපිට දැන් මේ ගැන හොඳින් හිතා බලන්න වෙනවා. පක්ෂයේ උප නායකයා හැටියට ඒකෙ වගකීම මම භාර ගන්නවා."

ප්‍රධාන විපක්ෂය ලෙසින් පිළිගැනීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් හෝ දිනා ගැනීමට කොන්ග්‍රස් පක්ෂය සමත් වනු ඇති බවයි, විශ්ලේෂකයන් පවසන්නේ.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot