facebook like

Showing posts with label කෑ ගැහුවොත් තෝ මරනවා' කියා 12 වියැති දැරිය කෙලෙසූ සැකකරු. Show all posts
Showing posts with label කෑ ගැහුවොත් තෝ මරනවා' කියා 12 වියැති දැරිය කෙලෙසූ සැකකරු. Show all posts
කෑ ගැහුවොත් තෝ මරනවා' කියා තර්ජනය කරමින් 12 හැවිරිදි බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇයව බරපතළ ලිංගික අපයෝජනයකට පත්කළ බව කියන සැකකරුවා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයට පෙරේදා (9දා) නියෝග කෙළේය. සිද්ධියට සම්බන්ධ සැකකරු රංගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් ඔහු මෙම 12 වැනිදා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් කරන ලෙසත් ඉල්ලා මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයේ සැරයන් ගාමිණී (22745) මහතා කළ ඉල්ලීමකට අනුව අධිකරණයෙන් එසේ නියම කෙරිණි.


නුගේගොඩ අධිකරණ බල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බාල වයස්කාර දැරියක් මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව රංගල පොලිසිය මඟින් සැකකරු වන ගොඩමුන්න උඩිස්පත්තුව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් ලහිරු සඳරුවන් නමැත්තෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකාර දැරිය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් එම කාර්යාංශය වෙත පවසා ඇත්තේ ඇය සිය මව හා අක්කා සමඟ නිවෙසේ ජීවත් වන බවත් තමා පාසල් නොගිය පසුගිය දිනයක ටොෆි රැගෙන ඒම සඳහා නිවෙස අසල පිහිටි වෙළෙඳ ආයතනයකට ගිය බවත් ටොපි රැගෙන නිවෙසට යෑම සඳහා පාර මාරුවීමට ගිය අවස්ථාවේ එම වෙළෙඳසල් සේවකයකු වන දිනේෂ් ලහිරු සඳරුවන් නමැති තරුණයෙක් තමාගේ පිටුපසින් පැමිණ කට වසා ඔහු රැඳී සිටින එම වෙළෙඳසල පිටුපස කාමරයකට රැගෙන ගොස් අත් පා බැඳ දමා 'කෑ ගැහුවොත් තෝ මරනවා' කියා තර්ජනය කරමින් තමාට අපරාධයක් කළ බවය.


සැකකාර තරුණයා ප්‍රදේශය අතහැර ගොස් ඇති බවත් ඉන් ටික දිනකට පසුව පැමිණිලිකාර දැරිය ඇයට සිදුවුණු සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ අක්කාට හා මවට පැවැසීමෙන් පසුව පොලිසියට පැමිණිලි කර ඇති බවත් අනාවරණය විය.
මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්‍ෂිකා සපුගොඩ මහත්මිය කළ දැනුම්දීමකට අනුව රංගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot