facebook like

Showing posts with label වෛද්‍යවරයාගේ මරණයට බිරිද චමරි රසිකා දෙනුවන්ත ලියනගේ රිමාන්ඩ්. Show all posts
Showing posts with label වෛද්‍යවරයාගේ මරණයට බිරිද චමරි රසිකා දෙනුවන්ත ලියනගේ රිමාන්ඩ්. Show all posts
ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන දිනේන්ද්‍ර අතුකෝරල (34)  මැරීයැයි සැකපිට ඔහුගේ බිරිය  චමරි රසිකා දෙනුවන්ත ගුණතිලක ලියනගේ ජූලි 16 පර්ත් ස්ටර්ලිං ගාර්ඩන්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටිය යුතු බව නියෝග කරමින් රිමාන්ඩ් කරනු ලැබුවාය.
 වෛද්‍යවරියක වන ඇය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ   ඇප අයැදුම්පතක් ඉදිරිපත් නොවීය.
 බටහිර ඕස්ට්‍රේලියාවේ ජෙරාල්ඩ්ටන් රෝහලේ සේවය කළ මේ දෙදෙනා අතර ගැටළුවක් තිබූ බවක් තමන් දැන නොසිටියේ යැයි අසල්වාසීන් පොලිසියට කියා ඇත.
දොස්තරට තුවාල සිදුවූයේ කෙසේදැයි සොයාගෙන නැති නමුත් මරණය සිදුවූ ස්ථානයේ තිබූ මිටියක් ගැන ඕස්ට්‍රේලියා පොලිසිය පරීක්ෂණ කරයි.
දොස්තර යුවළගේ අසල්වැසියන් පවසා ඇත්තේ ලාංකික යුවළ සිටි නිවසින් කිසිම ශබ්දයක් නොඇසුණු බවයි.
එම තට්ටු නිවාසයේ සිටි කිසිවකු ඔවුන් හරිහැටි හඳුනාගෙන නොසිටි බව පෙනේයැයි , මීට මාස 12කට පෙර ඔවුන් මෙහි පදිංචියට පැමිණ ඇති බව ද අසල්වැසියෝ කියති.සිය සැමියා වන දොස්තර දිනේන්ද්‍ර අතුකෝරාල මරා දැමීයැයි ඔහුගේ බිරිය   චමරි රසිකා දෙනුවන්ත ගුණතිලක ලියනගේට එරෙහිව ඕස්ට්‍රේලියා පොලිසිය මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කර ඇත.
දොස්තර අතුකෝරල ජනවාරි 24 වැනි දා ඕස්ට්‍රේලියාවේ ජෙරල්තන්හි සිය නිවසේ දී තුවාල ලබා රෝහලට රැගෙන ගිය නමුත් මරුමුවට පත් වූ බව ඕස්ට්‍රේලියා පොලිසිය කියයි.
ලබන සිකුරාදා ඇය ජෙරල්තන් මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටීමට නියමිතය.
ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිය දී ඝාතනයට ලක්ව ඇති දිනේන්ද්‍ර අතුකෝරළ මහතා (34) අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයයේ ආසි ශිෂ්‍යයෙකි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී ඔහු විශිෂ්ඨ සම්මාන අටක් ලබා උසස් පෙළ විභාගයෙන් ද විෂයයන් හතරම සමත්ව ඇත.
ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් වෛද්‍ය උපාධිය දිනාගත්තේය.
දිනේන්ද්‍රගේ පියා අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයයේ විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. මෙම ඝාතනය සම්බන්ධ තොරතුරු දැගනැමීමත් සමඟ දිනේන්ද්‍රගේ සොහොයුරන් වන කේජා ශ්‍රී අතුකෝරළ හා රංගන අතුකෝරල යන අය ඕස්ට්‍රේලියාවට ගොස් ඇත.
දොස්තර දිනේන්ද්‍ර පර්ත් නුවර එම වෛද්‍ය මධ්‍යස්ථානයේ ජනප්‍රිය වෛද්‍යවරයෙකි.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot