facebook like

Showing posts with label ලන්ඩන් වෙබ් ලොක්කා ගණිකා ජාවාරමක. Show all posts
Showing posts with label ලන්ඩන් වෙබ් ලොක්කා ගණිකා ජාවාරමක. Show all posts
පවුලේ ඥාතීන් උපයෝගී කරගෙන සිදුකරනු ලබන ගණිකා ජාවාරම සහ වෙනත් නීතිවිරෝධී කටයුතු පිළිබඳ "මව්බිම" පුවත්පත ඔස්සේ රටට කරුණු හෙළිදරව් කිරීමත් සමඟ එංගලන්තයේ ලීඩ්ස් නුවර සිට මඩ වෙබ් අඩවියක් මෙහෙය වන වෙබ් මාෆියාවට සම්බන්ධ පුද්ගලයකු දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව දැන ගන්නට ඇත.


ඒ අනුව මෙම තැනැත්තා සිය මඩ වෙබ් අඩවිය උපයෝගි කරගනිමින් "මව්බිම" පුවත්පතට එරෙහිව අසත්‍ය පුවත් පළ කිරීමේ ව්‍යාපෘතියක් මේ වනවිට ආරම්භ කොට තිබේ. මීට සති කීපයකට ඉහතදී "මව්බිම" පෙන්වා දුන්නේ මෙම පුද්ගලයා මඩ පුවත් සිය වෙබ් අඩවියේ පළ කරමින් මෙරට සිටින ව්‍යාපාරිකයන්ගෙන් හා ප්‍රභූ පුද්ගලයන්ගෙන් කප්පම් මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක නිරත වී සිටි බවත්, මිනිස් ජාවාරම හරහා ඉතා විශාල ලෙස මුදල් රැස්කර ගත්තකු බවත්ය. ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ආරක්ෂක අංශ මෙම පුද්ගලයාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ හෙතෙම ලංකාවෙන් පලාගොස් එංගලන්තයේ ලීඩ්ස් නුවර සැඟවී සිටින බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබුණු බවද ඒ අවස්ථාවේ "මව්බිම" හෙළිදරව් කර සිටියේය. කෙසේ වෙතත් මේ වනවිට මෙම තැනැත්තාගේ නම ජාත්‍යන්තර පොලිසියටද ඉන්ටර්පෝල් ලබාදී තිබීම නිසා ජාත්‍යන්තර පොලිසියද මෙම තැනැත්තා පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටින බව වාර්තා වේ.


මේ අතර අපගේ හෙළිදරව්වත් සමඟ මෙම තැනැත්තා සම්බන්ධයෙන් හා ගණිකා ව්‍යාපාරයට සම්බන්ධ මෙම තැනැත්තාගේ පවුලේ ඥාතීන් සම්බන්ධයෙන් නම් ගම් සහිත සියලු තොරතුරු අප වෙත ලැබී තිබුණද සදාචාරාත්මක හේතු මත ඒවා හෙළිදරව් නොකිරීමට අප තීරණය කර ඇත. එහෙත් අවශ්‍ය වූ මොහොතක එම තොරතුරුද, මංගල දැන්වීම් හරහා මෙම පුද්ගලයා සිදුකර ඇති තවත් දැවැන්ත වංචාවක තොරතුරුද රටට හෙළිදරව් කිරීමට අප ඕනෑම මොහොතක සූදානම්ය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot