facebook like

Showing posts with label රාජිත පැය එක හමාරක් ජනාධිපතිව බඩ ගින්නෙ තියලා. Show all posts
Showing posts with label රාජිත පැය එක හමාරක් ජනාධිපතිව බඩ ගින්නෙ තියලා. Show all posts
 14 සිකුරාදා ගාල්ලට පැමිණි ජනාධිපති ගාල්ල තනි‍පොල්ගහ හන්දියටය. තනි‍පොල්ගහ හන්දියේ මාර්ග කිහිපයක්ද විවෘත කළ ජනාධිපතිවරයා මුස්ලිම් ප්‍රජාව හමුවීමට ගියේය.
“මටත් මෙතැන කතාවක් කරන්න ඕන.” මේ අවස්ථාවට පැමිණි ඒ.එච්.එම්. අස්වර් මන්ත්‍රීවරයා මනූෂගෙන් ඉල්ලා සිටියේය.
“බෑ..බෑ... මෙතැන කතා කරන්නේ ජනාධිපතිතුමා විතරයි. වෙන කාටවත් කතා දෙන්න බැහැ.”මනූෂ විරෝධය දැක්වීය.
මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී විශාල මුස්ලිම් ජනතාවකට කතා කිරීමට අවස්ථාව ලැබිම ගැන ජනාධිපතිවරයා සිටියේ සතුටිනි.
සෙනසුරාදා දහවල් ආහාරය ගැනීමට ජනාධිපතිවරයා කොග්ගල හෝටලයකට පැමිණියේය. ජනාධිපතිවරයා එහි පැමිණෙන විට කිසිදු මන්ත්‍රීවරයෙක් පැමිණ සිටියේ නැත. ටික වේලාවක් යන විට චන්දිම වීරක්කොඩි, ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පැමිණියහ.
මේ අතර මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද රැස්වීම්වලට සහභාගීවෙමින් සිටි රාජිත සේනාරත්න ඇමැතිවරයාට ද දුරකතන ඇමතුමක් ලැබුණේය. ඒ ජනාධිපතිවරයා සමග සිටි ප්‍රවාහන අමාත්‍යංශයේ ‍ලේකම් හා ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරාගෙනි. “ඇමැතිතුමා, ජනාධිපතිතුමා කෑමට එන්න කියලා කිව්වා.”
“තවම දවල් දොළහයිනේ. එකට විතරනේ කෑම කන්නේ. මම පැයකින් එන්නම්.”රාජිත  පිළිතුරු දුන්නේය. එහෙත් පැයක් යන විට රාජිතට ජනාධිපතිවරයා සිටි හෝටලයට පැමිණීමට නොහැකි විය. ඒ අතරතුර ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ වෙතින් දුරකතන ඇමතුම් කිහිපයක්ම රාජිතට ලැබුණි. ඒ ඔහුගේ ප්‍රමාදය ගැන විමසමිනි.
රාජිත පැමිණෙන විටත් ජනාධිපතිවරයා සිටියේ බඩගින්නෙනි. “තවම එකයිනේ වෙලාව. මෙච්චර ඉක්මනට කන්නේ නෑනේ...”රාජිත ජනාධිපතිවරයාට කීය.
“නෑ රාජිත මම කාමරයට ගියා නම් ඇඟපත සෝදාගෙන ‍පොඩි නින්දක් දාන්න හිතෙනවා. ඒක නිසා කට්ටිය එක්ක කාලම ඉමු.” ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.
කෙසේ නමුත් එහි සිටි ආරක්ෂක අංශ නිලධාරියෙකු තවත් ආරක්ෂකයෙකු සමග පවසා ඇත්තේ "රාජිත ඇමතිතුමා හොඳටම ගණන් උස්නවා වගේ" යනුවෙනි.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot