facebook like

Showing posts with label බොදුබල සේනාව හකීම්ට ‘පරයා’ කියයි. Show all posts
Showing posts with label බොදුබල සේනාව හකීම්ට ‘පරයා’ කියයි. Show all posts
මේ වනවිට අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතා සහ බොදුබල සේනා සංවිධානය අතර උණුසුම් වාග් සංග්‍රාමයක් ආරම්භ වී තිබේ. දෙපාර්ශවය මේ දිනවල විවිධ අවස්ථාවල දී එකිනෙකා බරපතල ලෙස විවේචනය කර ගන්නා තත්ත්වයකට පත්වී සිටිති.

මේ ඔවුන් විසින් සිදුකර ගන්නා ලද විවේචනවලින් කොටස් කිහිපයකි.

ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන ඉස්ලාම්අන්තවාදී මුලධර්මවාදී ජාලවල ශ්‍රී ලාංකීය කලාපිය නියෝජිතයින් වන රවුෆ්හකීම් ඇතුළු නඩයට අවශ්‍යව ඇත්තේ ප්‍රභාකරන් මෙන් සිය ජනතාව කෙතරම් දුකට පත්වුවද සිය බලය හා ධනය රැකගෙන වර්ධනය සඳහා ජනවාර්ගික ගැටුම් ඇති කිරීම බව බොදුබල සේනා සංවිධානයේ මහ
ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉකුත් 19දා කිරුලපන බොදුබල සේනා මුලස්ථානයේ පැවැතී මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූහ.

ජිනීවා වෙත හකීම් මහතා විසින් යවන ලදැයි කියන රහස් ලිපියක් පාදක කොටගෙන මෙකී අදහස් දැක්වූ ඥානසාර හිමි වැඩිදුරටත් කීවේ‘රටට කරන අරියාදුවට එරෙහිව රවුෆ් හකීම් කියන පරයාව පට්ට පතුරු ගහන්න අවශ්‍යබවත් , මිට වඩා පරයාට දඟලන්න ඉඩ නොදිය යුතු බවත්ය.

 “මේ බෞද්ධ රටේ මහත්මා විදිහට දේශපාලනය කරන මහත්වරුන්ට මේක සිංහල රටක් බව දැනගෙන මැතිතුමෝ කියන්න, අපි පසුබට වෙන්නේ නෑ. ඒත් එහෙම නොවන උන්ට තේරෙන භාෂාවෙන් කියන්නත් පසුබට වෙන්නේ නෑ. ගිය නැගෙනහිර ඡන්දෙදීත් හකීම් ඇමැතිවරයා මේ අයුරින්ම පැටලෙන්න ආවා. උන්ට ඕන විදිහට රටේ නටන්න දුන්නොත් ඔලුව උඩ කූඩු හදලා තමයි පනින්නේ.” යැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි නැවතත් උඩුදුම්බර පැවැති එම සංවිධානයේ රැස්වීමක් අමතමින් පැවැසූහ.

මීගමුවේ පැවැති රැස්වීමක් ඇමතූ රවුෆ් හකීම් ඇමැතිවරයා බොදුබල සේනා පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය.

“ අපිට පරයෝ කියනවා නම් වැද්දෝ හැර අනික් ඔක්කොම පරයෝ තමයි. මේවා කියන කොට තරහ යයි. ඒත් ඇත්ත ඒකයි. අපි භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා, දේශනා අහන කොට බලාපොරොත්තු වන්නේ සංගමයෙන් කියන කරන දේවල්. ඒත් සමහර සංඝයා වහන්සේලා මේ වගේ වචන භාවිතා කරන කොට කණගාටුදායකයි. නීතිය හා සාමය ඒ අයගේ අතට ගන්න ඕන කියන තත්ත්වයක් තුළ රටක සංහිදියාව ඇති වෙයිද?”

මේ ප්‍රකාශයත් සමඟ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊට නැවතත් ප්‍රථිචාර දැක්වීය.

“හකීම් අධිකරණ ඇමැති. මේ කියන දේ බොරුනං දාපියව් අපිට නඩු. මේ විලාශයෙන් අපිට කතා කරන්න වෙලා තියෙන්නේ ඉංග්‍රීසි ඇඳුම් ඇඳගෙන ටයි කෝට් දාගෙන තක්කඩි වැඩ කරන නිසයි. උතුම් දේශපාලනයේ අරුත ගණිකා සේවයේ යොදවනවා නම්, ගෙම්බො වගේ ප්‍රතිපත්තියක් නැතිව එහාට මෙහාට පනිනවා නම්, තමන්ගේ ආගමානුකූලව ජීවිතය හැඩගසා ගෙන නැත්තම්, රට ගිනි තියන්න යනව නම්, පරයා නොකියා වෙන මොනවා කියන්නද?”

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot