facebook like

Showing posts with label 'එකොළොස් හැවිරිදි දැරිය දින එකොළහක්'දූෂණය කළ නාවික හමුදා සෙබළා. Show all posts
Showing posts with label 'එකොළොස් හැවිරිදි දැරිය දින එකොළහක්'දූෂණය කළ නාවික හමුදා සෙබළා. Show all posts
යාපනයේ කරයිනගර් පළාතේ ඌරි නැමති ගම්මානයේ එකොළොස් හැවිරිදි පාසල් දැරියක් දින එකොළහක් තිස්සේ වරින් වර දූෂණය කළ බවට නාවික හමුදා සෙබළෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් වී ඇතැයි කරයිනගර් පොලිසිය පවසයි.

බීබීසී සංදේශයේ දිනසේන රතුගමගේ සිද්ධිය සම්බන්ධයෙන් එම දැරියගේ දෙමවුපියන් හා ඥාතීන්ට කථා කළ විට ඔවුන් කියා සිටියේ, ඒ පිළිබඳ තොරතුරු කිසිවකුට කියා තිබුනොත් මුලු පවුලම මරා දමන බවට කිසියම් පිරිසක් විසින් තමන්ට තර්ජනය කරණ හෙයින් තොරතුරු කිව නොහැකි බවයි.

සිද්ධිය සැලවීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා,සුරෙෂ් ප්‍රේමචන්ද්‍රන්, එස්.සරවනබවන්, ඇතුළු පිරිසක් දැරියගේ නිවසට ගොස් කරුණු විමසා ඇත.

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා කියා සිටියේ, දැරියගේ නිවස අසල පිහිටි නාවික හමුදා කඳවුරක සෙබළෙකු දැරියට දින එකොළහක් පාසලට යාමටවත් ඉඩ නොදී ඇය රදවා ගෙන දූෂණය කොට ඇති බවයි.

දවස් එකොළහක් රඳවා තබා
දැරිය දිගින් දිගටම පාසලට නොපැමිණීම නිසා ගුරුවරු ඇයගේ නිවසට පැමිණ කළ විමසීමකදී සියලු තොරතුරු හෙළි වී ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

එම ළමා දූෂණ අපචාරය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී අජිත් රෝහණගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ, දූෂණයට ගොදුරු කර ගත් දැරිය මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රෝහලට ඇතුළත් කොට සිටින අතර යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන බවයි.

වෛද්‍ය වාර්තාවට අනුව දැරිය දූෂණය කොට ඇති බව බවට නිගමනය කෙරී ඇතැයි සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී අජිත් රෝහණ දැරියගේ ප්‍රකාශයේ සඳහන් වන නාවික හමුදා සෙබළා අත් අඩංගුවට ගැනීම පිණිස පොලිසිය පියවර ගනිමින් සිටින බවයි සඳහන් කළේ.

නාවික හමුදාවට මේ ගැන දැනුම් දීමෙන් පසු ඔවුන් ද අපරාධය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වන අතර පොලිසියට සිය පූර්ණ සහාය ලබා දීමට නාවික හමුදාව එකඟ වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී අජිත් රෝහණ පවසයි.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot