facebook like

Showing posts with label රාජසිංහ රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරය සොයන්න එස්.බී.ගේ මන්දිරය හාරයි. Show all posts
Showing posts with label රාජසිංහ රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරය සොයන්න එස්.බී.ගේ මන්දිරය හාරයි. Show all posts
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ පරම්පරාවට ලේ නෑකම් කියන උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාට අයත් හගුරන්කෙත පිහිටා ඇති පාරම්පරික වලව්වේ මැද මිදුලෙහි රාජසිංහ රජු සතු වූ භාණ්ඩාගාරය ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතින බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා 'මව්බිම'ට පැවසීය.

ඓතිහාසික තොරතුරු හෙළි කරන ග්‍රන්ථ කිහිපයකම රාජසිංහ රජුට අයත් යැයි පැවැසෙන මෙම හඟුරන්කෙත වලව්වේ මැද මිදුලෙහි රජුගේ භාණ්ඩාගාරය තිබූ බව සඳහන් වන බවත් පාරම්පරිකව විවිධ පුද්ගලයන්ට හිමි වූ එම වලව්වේ අයිතිය මේ වනවිට ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාට බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් දිසානායක මහතා පැවැසීය. රොබට් නොක්ස් විසින් රචිත 'එදා හෙළ දිව' ග්‍රන්ථයේද මෙම හඟුරන්කෙත වලව්ව පිළිබඳ සඳහන් වන බවද රාජසිංහ රජුගේ භාණ්ඩාගාරය එවකට එහි මැද මිදුලේ භූගත උමඟක යොදුන් දෙකක් පමණ දිගින් යුත් භූමියක පිහිටුවා ඇති බවද එම පොතපතෙහි සඳහන්ව ඇති බව හෙතෙම පවසයි.


වත්මනෙහි එස්. බී. දිසානායක අමාත්‍යවරයාට අයත් මෙම වලව්ව අතීතයේ රජුගේ භාණ්ඩාගාරය හිමි අමාත්‍යවරයා භාරයේ පැවැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
ඊ. ඒ. පී. දැරණියගල මහතා පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි සමයේ මෙම හඟුරන්කෙත වලව්වේ මැද මිදුලේ කැණීම් කොට එය තහවුරු කර ගැනීමට අදහස් කළද එය ක්‍රියාත්මක නොවූ බව පවසන දිසානායක මහතා, එස්. බී. දිසානායක මහතා එහි පුරාවිද්‍යා පර්යේෂණයක් සිදු කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවද ඒ අනුව අමාත්‍යංශ ප්‍රතිපාදන වෙන් වූ වහාම එම වලව්වේ මැද මිදුලේ කැණීම් ආරම්භ කරන බවද කීය.


මෙම ඓතිහාසික භාණ්ඩාගාරයේ රජු එදිනෙදා භාවිත කළ යුද උපකරණ, ඇඳුම් ආයිත්තම් ආදී උපකරණ තැන්පත් කොට තිබූ බව 'එදා හෙළ දිව' ග්‍රන්ථයේ සඳහන් වන බවත් මෙම කැණීම හරහා රාජසිංහ රජුගේ භාණ්ඩාගාරය නිත්‍ය වශයෙන්ම එම ස්ථානයෙන් හමුවුවහොත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතීත මූලාශ්‍ර ඇසුරෙන් සොයාගත් අද්විතීයම සොයා ගැනීම මෙය වන බවත් සෙනරත් දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot