අමාත්යංශ සහ දෙපාර්තමේන්තු ලාභ උපයන ආයතන නොවන බැවින් මින් ඉදිරියට වාර්ෂික සැලසුම් අවශ්ය නැති බව මුදල් අමාත්යාංශය දැනුම් දී ඇත. මුදල් අමාත්යංශ ලේකම් පී. බී. ජයසුන්දර මහතා අමාත්යංශ සහ දෙපාර්තමේන්තු වෙත එම ලිපිය යවා තිබේ. එම ලිපියට අනුව මෙම වසරේ මාර්තු 01 වැනිදා සිට ඉදිරි වර්ෂයන් සඳහා සැලසුම් අවශ්ය නොවන බව දන්වා තිබේ. ඒ අනුව මින් ඉදිරියට එම ආයතනවල වැඩ
කටයුතු සිදු වෙනු ඇත්තේ ඇමතිවරුන්ගේ හිතුමනාපයට අනුවය.
අමාත්යංශ සහ දෙපාර්තමේන්තු මෙතෙක් කාලයක් සිය වැඩ කටයුතු ඉටුකරනු ලැබුවේ සකසා ගත් සැලසුම් අනුවය. එම සැලසුම් වාර්ෂික හෝ තුන් අවුරුදු හෝ කාලයක් දක්වා සකසා තිබුණිත එම සැලැස්මට අනුව ක්රියාකාරී සැලැස්මක් එකී ආයතන මගින් සැකසීය. ඒ සැලැසුම් මත අමාත්යංශ සහ දෙපාර්තමේන්තු ක්රියාත්මක විය. නමුත් මුදල් අමාත්යංශ ලේකම්වරයාගේ ලිපියට අනුව මින් ඉදිරියට එවැනි ක්රියා පටිපාටියක් අවශ්ය නොවේ.
මේ හේතුවෙන් මැති ඇමතිවරුන්ට කට වචනයට වැඩ කටයුතු කරගෙන යෑමේ හැකියාව ලැබෙනු ඇත. එම වැඩ කටයුතු ලිඛිතව නොමැති බැවින් විගණනයටද ලක් නොවේ. අමාත්යංශ සහ දෙපාර්තමේන්තු වැඩ කටයුතු පාර්ලිමේන්තුවේ 'කෝප්' කමිටුව ඉදිරියේ ප්රශ්න නොකෙරෙණුද ඇත. පාර්ලිමේන්තු පොදු ව්යාපාර කාරක සභාවල (කෝප් කමිටුව) අමාත්යංශ හා දෙපාර්තමේන්තුවල සැලසුම් වාර්තා මුල්කොට ගනිමිනි. එම සැලසුම්වලට අනුව වැඩ සිදුවීද නැද්ද ඉන් විමසා බැලේ. එම වැඩ අනුව විගණන වාර්තා පරීක්ෂා කරනු ලබයි. නමුත් එවැනි අවම පසු විපරම ක්රියාවලියක් හෝ සිදු නොවනු ඇත.