facebook like

Showing posts with label අලුත්ගම බේරුවල ගැටුමට 41 දෙනකු අත්අඩංගුවට. Show all posts
Showing posts with label අලුත්ගම බේරුවල ගැටුමට 41 දෙනකු අත්අඩංගුවට. Show all posts
පසුගිය දිනවල බේරුවල, අලුත්ගම ප්‍රදේශවල සිදුවූ ගැටුම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 41 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන්ගෙන් 25 දෙනකු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
සැකකරුවන්ගෙන් 39 දෙනකු අලුත්ගම ප්‍රදේශයෙන්ද, දෙදෙනකු බේරුවල සහ මතුගම යන ප්‍රදේශවලින්ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවැසීය.
මේ අතර එම ගැටුම්වලින් තුවාල ලැබූ 29 දෙනකු කළුතර, කොළඹ සහ අලුත්ගම රෝහල්වල ප්‍රතිකාර ලබන බව කළුතර රෝහල් පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මේ අතර පෙරේදා (16දා) රාත්‍රි වැලිපැන්න නගරයේ සත්ත්ව ගොවිපොළක සේවකයන්ට පහරදීමෙන් තිස්අට හැවිරිදි (38) දෙමළ ජාතිකයකු මියගොස් තවත් එක් අයකුට බරපතළ තුවාල සිදුව කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.


පෙරේදා (16දා) රාත්‍රි වැලිපැන්න නගරයේ සිංහල හා මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන තිහකට පමණ පහරදී අලාභහානි සිදුකර ඇති අතර යුද හමුදාව සහ පොලිසිය එක්ව ඊයේ (17දා) උදේ සිට තත්ත්වය පාලනය කර තිබිණි.


කළුතර නගරය සහ අවට ප්‍රදේශවල ආරක්‍ෂාව සම්බන්ධව කළුතර ප්‍රදේශයේ බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික ඇතුළු සර්ව ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ප්‍රදේශයේ ආරක්‍ෂාවට අවශ්‍ය පියවර ගත් බව දකුණු කළුතර පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සම්පත් බණ්ඩාර මහතා කීවේය. එම ගැටුමට සම්බන්ධ තවත් සැකකරුවන් 50 දෙනකු වී.ඩී.ඕ. පට මඟින් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් යොදවා ඇති බව ඔහු පැවැසීය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot