facebook like

Showing posts with label ලක්බිම කර්තෘ රහස් පොලිසියට කැඳවයි. Show all posts
Showing posts with label ලක්බිම කර්තෘ රහස් පොලිසියට කැඳවයි. Show all posts
දිනපතා ලක්බිම පුවත්පතේ කර්තෘ සමන් වගආරච්චි රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම පිළිබඳව තමන් බරපතල කැළඹීමට පත් වී සිටින බව ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ, අයෝමා රාජපක්ෂ සම්බන්ධයෙන් ලක්බිම පුවත්පතේ පළවූ ජායාරූපයකට යොදා තිබූ හාස්‍යජනක සිරස්තලයක්
පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා සමන් වගආරච්චි රහස් පොලිසියට කැඳවා තිබූ බවයි මාධ්‍ය සංවිධානය පවසන්නේ.

පුවත පළ කිරීම මගින් අයෝමා රාජපක්ෂට හෝ සිවිල් ආරක්ෂක අමාත්‍යංශයට සිත් තැවුලක් වූයේ නම් කණගාටු වන බව ඊට පසු දිනයේම පුවත්පත සඳහන් කළේය.

එසේ තිබියදීත් එම සිරස්තලය පළ කිරීමේ අරමුණ පිළිබඳව ලක්බිම කතුවරයාගෙන් රහස් පොලිසිය බදාදා දීර්ඝ වශයෙන් ප්‍රශ්න කොට ඇති බව පවසන ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවලට හිරිහැර සහ තර්ජනය කිරීම නතර කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

මාධ්‍ය සංවිධාන එකතුවේ කැඳවුම්කරු වන සමන් වගආරච්චි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකි.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot