මැදිරිගිරිය කවුඩුළුවැව ප්රදේශයේ ප්රසිද්ධ පාසලක ඉගෙනුම ලැබු නව හැවිරදි දැරිවියන් දෙදනෙකුව ලිංගික අපයෝජනයට ලක්කළ බවට සැකපිට එම පාසලේ පංතිභාර ගුරුවරයෙකු අඟහරුවාදා(11)දින අත්අඩංගුවට ගැනිමට මැදිරිගිරිය පොලිසිය සමත්ව ඇත.
මෙම සිදුවීම පිළිබඳව මැදිරිගිරිය පොලිසියට වාර්ථා වී ඇති ආකාරයට,මෙම සැකකාර ගුරුවරයා මෙම දැරිවියන් පංති කාමරයේ ගුරු මේසය අසලට තම පොත්පත් ගුරුවරයාට පෙන්විමට පැමිනෙන අවස්ථාවේ මේ ලෙස අපයෝජනයට
ලක්කර ඇතැයි වාර්ථාවන බව පොලිසිය පවසයි.මෙම ගුරුවරයා තිදරු පියෙක් බවද පැවැසේ.
අදාල සැකකාර ගුරුවරයා මේ ලෙස එම පංතියේම තවත් සිසු දැරිවියන් කිහිප දෙනකු කිහිප අවස්ථාවකදි මේ ආකාරයට අපචාරයට ලක්කර ඇති බවට තොරතුරු ලැබි ඇතැයි පවසන පොලිසිය ඒ පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදුකරණ බව පැවසිය.